ESOFT, කීර්තිමත් ජාත්‍යන්තර සරසවි ආචාර්ය උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දෙයි

2- Esoft (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, කොළඹ One Galle Face Business Tower හි පිහිටි තම Campus One ශාඛාව හරහා ඉකුත් මාර්තු 14 වැනිදා සිට නවතම ආචාර්ය උපාධි පාඨමාලා දෙකක් පිරිනැමීම ආරම්භ කරන ලදී.

 



 

මෙම ආචාර්ය උපාධි පාඨමාලා අතරට Kingston සරසවිය මගින් ප්‍රදානය කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම බ්‍රිතාන්‍ය ආචාර්ය පාඨමාලාව සහ Manipal GlobalNXT සරසවිය ESOFT සමඟ සහයෝගීතාවයෙන් ප්‍රදානය කරන ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධි පාඨමාලාව (DBA) ඇතුළත් වේ.

ESOFT සභාපති/ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ නිර්මාතෘ ආචාර්ය දයාන් රාජපක්ෂ, Kingston සරසවියේ ආධුනිකත්ව සහ ශාස්ත්‍රීය සහයෝගීතා අංශ ප්‍රධානී මෙන්ම සිවිල් ඉංජිනේරුවේදය පිළිබඳ මහාචාර්ය මුකේෂ් ලිම්බාචියා සහ Manipal GlobalNXT සරසවියේ ආයතනික සබඳතා සහ සහයෝගීතා අංශ ප්‍රධානී සංජීව කුමාර් යන මහත්වරු ද, පාඨමාලාවලට සම්බන්ධ නියෝජිතයෝ සහ සුපරීක්ෂකවරු ඇතුළු පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව තුළ උසස් ප්‍රමිතියෙන් යුත් ආචාර්ය උපාධි පාඨමාලා සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ESOFT සතු කැපවීම නව පාඨමාලා හඳුන්වාදීම තුළින් පිළිබිඹු වේ. මේ හරහා ජාත්‍යන්තර පිළිගැනීම ලත් PhD සහ DBA පාඨමාලා ශ්‍රී ලංකාව තුළ හැදෑරීමටත්, අදාළ ක්ෂේත්‍රයන්හි දැනුම සහ ප්‍රවීණත්වය ළඟාකරගැනීමටත් වෘත්තීකයින්ට අවස්ථාව උදා වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව