eChannelling TAGS Awards 2023 හිදී සේවා අංශයේ සම්මානයකින් පිදුම් ලබයි

eChannelling TAGS Award (LBN)

ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි.




මීට පෙර Annual Report Awards යන නමින් පවත්වන ලද TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන උළෙලට වසර 58 කට අධික ඉතිහාසයක් ඇත. ප්‍රගතිය, තිරසාරත්වය සහ ධනාත්මක වෙනස්කම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වාසය, පෞද්ගලිකත්වය සහ සාමූහික වගකීමයන සාධකවල වැදගත්කම ඉස්මතුකර දැක්වීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණයි. වාර්ෂික වාර්තා පිළියෙල කිරීමේදී විනිවිදභාවය, වගවීම, ආයතනික යහපාලනය සහ තිරසාරත්වය යන ගුණාංගවලට මුල්තැන දුන් සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ.

සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ආයතනික යහපාලනය සහ තිරසාරත්වය සම්බන්ධ ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරමින් eChannelling විසින් ‘Pathways to Digital Lifestyles’ යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද 2022 වාර්ෂික වාර්තාව මෙලෙස TAGS Awards 2023 හිදී සම්මානයෙන් පිදුම් ලැබී ය. ගෝලීය වාර්තාකරණ ප්‍රමිතීන් අනුගමනයකරන අතරම, ඩිජිටල් සෞඛ්‍ය හා ජීවන රටා සේවා සම්පාදකයෙකු වශයෙන් eChannelling සමාගම ඉටුකරන භූමිකාව පැහැදිලිව නිරූපණයවන ආකාරයට මෙම වාර්ෂික වාර්තාව පිළියෙල කර තිබිණි. ආර්ථික අභියෝග නිසා මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා හමුවේ වුවද, රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා සමාගම දරන උත්සාහය මෙම වාර්තාව මගින් මැනැවින් පැහැදිලි වේ.

මීට අමතරව, වගවීම හා විනිවිදභාවය ආරක්ෂා කිරීම, ආයතනික යහපාලන මූලධර්මයන් අනුගමනය කිරීම, වාර්තාකරණයේදී නිරවද්‍යතාව සහ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම සහ තිරසාර වාර්තාකරණය සඳහා ප්‍රමුඛත්වය ලබාදීම ඇතුළුව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් නිකුත්කරන ලද ප්‍රමිති මාලාවේ සඳහන් නියමයන් අනුව කටයුතු කිරීම, මෙම සම්මානය eChannelling වෙත හිමි වීමට බලපෑ තවත් සාධකයක් විය. එමෙන්ම තම පාර්ශ්වකරුවන් සමග සමීපව කටයුතු කිරීම සහ සාර්ථක මුල්‍ය  ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගැනීම වෙනුවෙන්ද eChannelling ඇගයීමට ලක් විය. තල කිහිපයක් යටතේ සිදුකරන දැඩි සමීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව සම්මාන පිරිනැමෙන නිසා මෙම සම්මාන උළෙල ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් බවට පත් වී ඇත.

මීට පෙර මෙම සම්මාන උළෙලේ 2020 අදියරේදී ද රිදී සම්මානයක් සහ 2018, 2019 සහ 2021 අදියරවලදී ලෝකඩ සම්මාන ද දිනාගැනීමට eChannelling සමත් වී තිබේ.

දශක දෙකක සාර්ථකත්වයක උරුමය සමගින් වඩාත් ශක්තිමත් ලෙස අනාගතය වෙත පියනැගීමට eChannelling සූදානමින් සිටී. නවීනත ම තාක්ෂණය පදනම් කරගත් සුවිශේෂී සෞඛ්‍ය හා ජීවන රටා සේවා එකතුවක් ඔස්සේ රටේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වීම eChannelling සමාගමේ අපේක්ෂාවයි.

eChannelling බලගන්වනු ලබන්නේ, රටේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙමින් සිටින, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL විසිනි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව