
මෙරට වැඩිහිටි පුද්ගලයින්ට තම නිවසේ සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ පහසුව ලබා දීම වෙනුවෙන් SLT-MOBITEL සහ eChannelling PLC යන ආයතන Golden Years Care ආයතනයේ වෛද්‍ය විශේෂඥයින් සමඟ එක්ව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම වැඩිහිටි වෛද්‍ය සත්කාරක සේවාව වන ‘eHomecare’ හඳුන්වා දීම පසු ගිය දා සිදු කෙරිණි.
දිනෙන් දින වර්ධනය වන සමාජ අවශ්‍යතාවක් සඳහා විසඳුම් ලබා දීම අරමුණු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා විසඳුම් සපයන්නා වන eChannelling විසින් දියත් කරනු ලබන මෙම සේවාවේ ගුණාත්මකභාවය, SLT-MOBITEL සමාගම සතු තාක්ෂණික ශක්‍යතාවෙන්, eChannelling ආයතනය සතු සෞඛ්‍ය සේවා විශේෂඥතාවෙන් සහ Golden Years Care ආයතනයේ නිවාස පාදක සෞඛ්‍ය සේවා සහාය හා විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය ආශ්‍රිත පුළුල් අත්දැකීම් තුළින් ශක්තිමත් වේ.
සංක්‍රමණ වර්ධනය වීමත් සමඟ මෙරට පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසක් විදේශ රටවල ජීවත් වීම නිසා ඔවුන්ගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ තනි වී සිටින අතර, ඒ අතරින් බොහෝ වැඩිහිටියන්ට එහා මෙහා යාමේ අපහසුතා හේතුවෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම අභියෝගයක් බවට පත් වී ඇත. eHomecare මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා සාර්ථක මෙන්ම විශ්වසනීය විසඳුමක් ලෙස හඳුන්වා දිය හැකි ය.
eHomecare සේවාවේ අරමුණ වන්නේ, විදෙස්ගත හෝ රැකියා කටයුතු හේතුවෙන් කාර්යබහුල දරුවන්ගේ දෙමාපියන් ඇතුළු තනිව සෞඛ්‍ය සේවා වෙත යොමු වීමට අපහසු වැඩිහිටි පුද්ගලයින්ට ගෞරවනීය ලෙස සහයෝගය ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම සඳහා සහායෝගය ලබා දීමයි.
eHomecare මඟින්, වෘත්තීය වෛද්‍යවරුන් නිවසටම පැමිණ ප්‍රතිකාර ලබ දීමේ නිවාස සංචාර සංවිධානය කිරීම, සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ තක්සේරු කිරීම් හා මග පෙන්වීම් ලබා දීම සහ වැඩිහිටියන් වෙත පරිපූර්ණ සෞඛ්‍ය සේවා හා සත්කාර ලබා දීම සහතික කිරීම සඳහා ආරක්ෂිත මෙන්ම විශ්වසනීය වේදිකාවක් සැපයීම තහවුරු කරයි.
eHomecare යනු හදිසි සමාජ අවශ්‍යතාවක් සඳහා ලබා දෙන සාර්ථක විසඳුමක් වන අතර, ඒ හරහා වැඩිහිටියන් වෙත නිසි වෛද්‍ය ප්‍රතිකාර සහතික කරමින්, ඔවුන්ගේ භාරකරුවන් වෙත අස්වැසිල්ලක් ලබා දෙන බව පැවසිය යුතු ම ය.
මෙම සේවාවේ ප්‍රධාන ලක්ෂණ අතරට වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන නිවාස සංචාර, පෞද්ගලික සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන ලෙස ඒ ඒ පුද්ගලයන්ට අනුකූලව සත්කාර ලබා දීම, ප්‍රශස්ත සෞඛ්‍ය කළමනාකරණය සඳහා අඛණ්ඩ සත්කාර සඳහා තක්සේරු කිරීම් සහ වෛද්‍ය නිර්දේශ ලබා දීම, හදිසි අවස්ථාවල දී කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සහතික කිරීම, සුදුසුකම්ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හරහා ගෞරවනීය සත්කාරක සේවා ලබා දීම සහ වෘත්තීය හා විශ්වසනීය සේවාවක් ප්‍රවර්ධනය කිරීම ආදී සේවා රැසක් ඇතුළත් වේ.
eHomecare හරහා, වැඩිහිටි පුද්ගලයින්ගේ අද්විතීය අවශ්‍යතා තේරුම් ගනිමින්, විශ්වසනීය වෛද්‍ය වෘත්තිකයන්ගේ ජාලයක් වෙත ප්‍රවේශය ලැබෙන අතර, මෙම සේවාව වෛද්‍ය සහාය සහ අද්විතීය සත්කාර සේවාවන්ගෙන් සමන්විත eHomecare සේවාව හරහා විදෙස්ගත දරුවන් සහ ඔවුන්ගේ වයස්ගත දෙමාපියන් අතර දුරස්ථභාවය අවම කරයි.


