‘Dotcom’ ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන යෞවනයින්ට කොමර්ෂල් බැංකුවෙන් නොමිලේ ඩෙබිට් කාඞ් පතක්

Dotcom promo

 




 

 

එළඹෙන අගෝස්තු මාසයේ අග දක්වා කොමර්ෂල් බැංකුවේ නව Dotcom යොවුන් ගිණුමක් ආරම්භ කරන සියළුම දෙනාට නොමිලේ ඩෙබිට් කාඞ්පතක් ලබාදෙන බව බැංකුව නිවේදනය කර ඇත.

නීයර් ෆීල්ඞ් තාක්ෂණයෙන් (NFC) යුක්ත මෙම Dotcom ඩෙබිට් කාඞ්පත මෙම යොවුන් ගිණුම් හිමියන්ට පොයින්ට් ඔෆ් සේල් (POS) ගනුදෙනු සඳහා හෝ අන්තර්ජාල, ස්පර්ශ නොවන හෝ ComBank Q+ ගෙවීම් ඇප් සේවාව මගින් QR කේතය පදනම් කරගත් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි අතර ඒ තුළින් පහසුව සහ ආරක්ෂාව අත්විඳිය හැකිය. මේ අතර, මේ තුළින් තමාගේ මුදල් කළමනාකරණය කරමින් මූල්‍ය නිදහස අත්විඳන අතරම තමන්ගේ බැංකු ගනුදෙනු පිළිබඳ මනා දත්ත වාර්තාවක්ද ලබාගැනීමට මෙම ගිණුම්හිමියන්ට අවස්ථාව හිමිවේ.

මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී ගිණුමක් විවෘත කරන Dotcom ගිණුම්හිමියන්ට ලබා දෙන්නේ වීසා හෝ මාස්ටර්කාඞ් සන්නාමකරණය කළ ඩෙබිට් කාඞ්පතකි. අවුරුදු 10 ත් 16 ත් අතර ගනුදෙනුකරුවන්ට දෛනිකව මෙම ඩෙබිට් කාඞ්පතින් රුපියල් 10,000 දක්වා ආපසු ලබාගත හැකි අතර අවුරුදු 16-18 අතර ගිණුම්හිමියන්ට දෛනික සීමාව රුපියල් 20,000 වන බව බැංකුව සඳහන් කරයි.

යොවුන් ප‍්‍රජාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද සහ මූල්‍ය විනය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ආරම්භ කර තිබෙන කොමර්ෂල් බැංකුවේ Dotcom ගිණුම රුපියල් 1000 ක අවම මුදලක් තැන්පත් කිරීම මගින් විවෘත කළ හැකිවේ. පවතින ඉතිරි කිරීමේ පොලී අනුපාතයට සාපේක්ෂව මෙම ගිණුම සඳහා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන අතර අන්තර්ජාල බැංකුකරණ සහ ජංගම දුරකතන බැංකුකරණ පහසුකම් මෙමගින් නොමිලේ ලබාදෙයි. එසේම, ජංගම දුරකතන රීලෝඞ් පහසුකම්ද මෙම ගිණුම මගින් ඉටුකර ගත හැකිබව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, Dotcom ගිණුම් හිමියන්ගේ දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට ගිණුම්හිමියාගේ අධ්‍යාපන කටයුතු සඳහා ණය පහසුකම්ද මේ ඔස්සේ ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු යොදා තිබේ. අවුරුදු 10 ත් 18 අතර සිටින  ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට කොමර්ෂල් බැංකුවේ Dotcom යොවුන් ගිණුමක් විවෘත කළ හැකිවේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව