DIMO, ශ්‍රී ලංකාවට නව Mercedes -Benz බස් රථ හඳුන්වා දෙයි

DIMO and Mercedes-Benz officials at the launch event, joined by representatives from the Indonesian Embassy (LBN)

ශ්‍රී ලංකාවේ මගී  ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය  මගීන්ට වැඩි  සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

මෙම නව බස් රථ ඉන්දුනීසියාවේ Cikarang, West Java හි පිහිටි Daimler Commercial Vehicles Manufacturing කර්මාන්තශාලාවේ දී ජර්මානු තාක්ෂණය උපයෝගී කර ගනිමින්  නිෂ්පාදනය කර ඇත.
 



 

260 HP  බලයක් සහිතව, Euro 4  පාරිසරික නියමයන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති අතර ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ද  ලබාදෙයි. ඉදිරි සහ පසු Axel දෙකම  Mercedes-Benz air suspension වලින්  සමන්විත බැවින්, මගීන්ට ඉහළ සුවපහසුව  සහතික කරයි. මෙම නව Mercedes-Benz OH1626L බස් රථය, දිගු දුර ගමන් සහ අන්තර්නගර ප්‍රවාහන සඳහා විශේෂිතව සැලසුම් කර තිබේ. ඉන්දුනීසියානු ‘Laksana’ මගින් නිෂ්පාදනය කරන  ලද බස් බොඩි ආකෘතිය, ජාත්‍යන්තර මට්ටමේ Daimler මාර්ගෝපදේශ වලට අනුකූල වන අතර, බස් රථය තුළ  ඇති පහසු ඉඩකඩ, සුවපහසු ආසන සැලැස්ම සහ අවම ශබ්දය මගීන්ට සුඛෝපභෝගී අත්දැකීමක් ලබාදෙයි .

“ශ්‍රී ලංකාවට Mercedes-Benz බස් රථ හඳුන්වා දීම හරහා තිරසාර සහ ලාභදායී විසඳුම් සමග ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය පරිවර්තනය කිරීම අපගේ මූලික අරමුණයි.” Daimler Truck South East Asia හි ප්‍රධාන විධායක නිළධාරි Harald Schmid මහතා මෙසේ පවසා සිටියේය.

මෙම නව බස් රථ, සංචාරක ප්‍රවාහන සේවා, අන්තර්නගර ප්‍රවාහන සේවා, සහ විශේෂිත කාර්යාල ප්‍රවාහන  සේවා සපයන්නන්ට විශේෂයෙන්ම සුදුසු වේ. වැඩි කාලයක් ධාවනය කළ හැකිවීම, අඩු නඩත්තු වියදම්, ආරක්ෂාව,  විශ්වාසනීය බව නිසාම මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ආයතන සඳහා වටිනා ආයෝජනයක් වේ.

Mercedes-Benz ගෝලීය මාර්ගෝපදේශයන්ට අනුකූලව DIMO සමාගම පිහිටුවා ඇති  අලෙවියෙන් පසු සේවා අංශය,  රටපුරා විහිදුණු නියම අමතර කොටස් බෙදාහැරීමේ ජාලය, නිෂ්පාදකයාගෙන්ම පුහුණු ලත් කාර්මිකයන්, 24/7 මාර්ගස්ථ උපකාරක සේවාව  සහ නියමිත නඩත්තු වැඩසටහන් හරහා වඩාත් කාර්යක්ෂම අලෙවියෙන් පසු සේවාවක් Mercedes-Benz OH1626L බස් රථ පාරිභෝගිකයින්ට ලබාදෙයි.

DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ  ප්‍රගතියට සැමවිටම නායකත්වය ලබා දී  ඇත. Mercedes-Benz OH1626L බස් රථ හරහා විශ්වසනීය වූ  සුපිරි ප්‍රවාහන විසඳුමක් සමග සුඛෝපභෝගී අත්දැකීමක් ලබාදීමට අපිට හැකියාව ලැබෙනවා යැයි DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා පැවසීය.

මෙම නව බස්  රථ සඳහා තරගකාරී පහසු ලීසිං විසඳුම් ලබාදීමේ අරමුණින් DIMO ප්‍රමුඛ මූල්‍ය ආයතන සමග ලීසිං හවුල්කාරිත්ව ද  ඇති කරගෙන  තිබේ. Mercedes-Benz  බස් රථ පාරිභෝගිකයන්ගේ පහසුව තකා, විශේෂ පාරිභෝගික සම්බන්ධතා නිලධාරීන් පත්කිරිම, රියදුරු පුහුණු වැඩසටහන්, මොබයිල් සේවා ඒකක සහ ඩිජිටල් සේවා හරහා  උසස් පාරිභෝගික සේවාවක් ලබාදීමට DIMO පියවර ගෙන ඇත.

DIMO සහ Mercedes-Benz, එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ මගී ප්‍රවාහන ක්ෂේත්‍රය  සඳහා නව යුගයක් ගොඩනඟයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව