DIMO Agribusinesses ස්වරාජ් පරපුර සේවා සත්කාරය සහ නව අමතර කොටස්  අලෙවි නියෝජිත ජාලය  හරහා සිය  අලෙවියෙන් පසු සේවාව තව දුරටත් ශක්තිමත් කරයි

SWARAJ Parapura (1)

DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ට ලබාදෙන ලදී.
 



 

උතුරු මැද, උතුර, නැගෙනහිර, වයඹ, ඌව යන පළාත් ආවරණය කරමින් මෙම නව ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිතයින් පත්කොට ඇත. මේ අනුව අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, මොනරාගල යන කෘෂි දිස්ත්‍රික්ක ගණනාවක්  මෙම අලුතින් පත් කරන ලද අලෙවි නියෝජිතයින් විසින් ආවරණය කරනු ලබයි. මෙසේ අලෙවියෙන් පසු සේවා ජාලය ශක්‌තිමත් කරමින්  ස්වරාජ් ට්‍රැක්ටර්  රථ හිමියන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට සමාගම අපේක්ෂා කරයි.

ස්වරාජ් පරපුර වැඩසටහන තුළින් DIMO Agribusinesses මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන් සඳහා නිවෙස් වලටම ගොස් ට්‍රැක්ටර් රථ සේවාවන් සැපයීම 2025 සැප්තැම්බර් මස 09 වන දා සිට ඔක්තෝබර් 09 වන දා දක්වා සිදු කරන ලදී. ස්වරාජ් DIMO Agribusinesses හි පළපුරුදු සේවා විශේෂඥයින් විසින් පරපුර සේවා සත්කාරය හරහා මෙම සේවාවන් ලබා දුන් අතර ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් පාරිභෝගිකයාගේ නිවසටම ගොස් ලබා දෙන ලදී. දොරින් දොරට ගොස් ලබාදෙන මෙම  සේවා සත්කාරය මුළු දිවයිනම ආවරණය කරමින් පවත්වන ලදී. මෙහිදී පාරිභෝගිකයන්ට එදිනෙදා ස්වරාජ් ට්‍රැක්ටර් රථ නඩත්තු කටයුතු පිළිබඳ පැන නගින ගැටළු සහ නියම නඩත්තු ක්‍රමවේද හරහා ට්‍රැක්ටර් රථයේ ආයු කාලය වැඩිකර ගත  හැකි ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙන ලදී. මීට අමතරව ස්වරාජ් පරපුර විශේෂිත වැඩසටහන ඔස්සේ නව අමතර කොටස් අලෙවි නියෝජිතයන් පිළිබඳ දැනුවත් කිරීම ද සිදු කරන ලදී.

DIMO හි විධායක අධ්‍යක්‍ෂ රජීව් පණ්ඩිතගේ මහතා පවසා සිටියේ ට්‍රැක්ටර් රථ සඳහා ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවක් තිබිය යුතු අතර නව ස්වරාජ් අමතර කොටස් වෙළඳ නියෝජිතයන් පත්කිරීමත් සහ ස්වරාජ් පරපුර වැඩසටහනත් ඔවුන්ගේ අලෙවියෙන් පසු සේවාව තවදුරටත් පුළුල් කිරීමේ තවත් එක් පියවරක් වන බවත් මෙහිදී නව අලෙවි නියෝජිතයින් පත්කිරීමේ දී කෘෂි දිස්ත්‍රික්ක මූලික කරගෙන මෙම නියෝජිතයන් පත් කිරීම විශේෂ හේතුවක් වුන බවත් ය.

ස්වරාජ් ට්‍රැක්ටර් රථ සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිතයා  ලෙස DIMO ආයතනය අලෙවිය සහ අලෙවියෙන් පසු සේවා තවත් ශක්තිමත් කරමින් මෙරට කෘෂි යාන්ත්‍රිකරණය නව තලයකට රැගෙන යාමට අපේක්ෂා කරයි.

Home  Facebook

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව