- සමාගම 2017 සහ 2020 වසර වලදී පිළිවෙලින් 8 වැනි ස්ථානයේ සිට 2 වැනි ස්ථානය දක්වාත් එතැන් සිට Great Place to Work™ සහ Fortune සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වල 1 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
- වසර 50 කට අධික කාලයක් පුරා කාර්යමණ්ඩල සංවර්ධනය හා එක්ව වැඩ කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම හේතුවෙන් හොඳ මූල්‍ය සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකිවී ඇත.
- සංස්කෘතිකව එක්වීමේ වැඩසටහන මඟින් සේවකයින් සවිබල ගැන්වීමේ නව යුගයකට මග අතුරියි.
Fortune සඟරාව සමඟ එක්ව Great Place to Work™ (GPTW) විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික ලැයිස්තුවේ ලොව ප්‍රමුඛතම ලොජිස්ටික් සේවා සපයන්නා වන DHL Express ලොව අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස නම් කර ඇත. 2017 වසරේදී 8 වැනි ස්ථානයේ සිට 2021 වසර වනවිට 1 වන ස්ථානය දක්වා ඉදිරියට යමින් වසර දහයක සිට එහි සේවකයන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම සහ දියුණුවට මඟ පෙන්වීම හේතුවෙන් මෙම ජයග්‍රහණයේ ප්රතිලාභ හිමිවිය.
”2009 සිට, DHL Express එහි උපායමාර්ගික දැක්ම තුළින් මෙහෙයවනු ලබන පරිවර්තන යුගයක් අත්විඳ ඇත. ”මෙම උපාය මාර්ගය තුළ, අප සමඟ වැඩ කරන පුද්ගලයින් අභිප්‍රේරණය කිරීම සහ තෝරා ගැනීමේ සේවා යෝජකයා බවට පත්වීම අපි අපගේ අරමුණ බවට පත් කර ගත්තෙමු.” DHL Express හි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් පියර්සන් පවසයි. “රටවල් 220 ක් සහ විවිධ අයුරින් ක්‍රියාත්මක වන සේවකයින් 111,000 කින් යුත් සමාගමක් සඳහා මෙය එඩිතර පියවරක් විය.සෑම දිනකම මිනිසුන් කෙරෙහි අපගේ විශ්වාසය සහ අපගේ ගනුදෙනුකරුවන්ට සහ එකිනෙකාට විශිෂ්ඨත්වය ලබා දීමට ඔවුන්ට ඇති හැකියාව ගැන මම සැලකිලිමත් වෙනවා. මෙය කළ සියලුම සගයන්ට මා සුභපතන අතර මෙම වසරේ සමීක්ෂණයට සහභාගීවූවන් හට මා ස්තූතිවන්ත වෙනවා. මෙම සමාගමේ කොටසක් වීම ගැන මම අතිශයින් ආඩම්භර වෙනවා.”
DHL Express සිය සේවකයින්ගේ කාර්යයන් ඇගයීමට විශාල වැදගත්කමක් ලබා දෙයි. වෙනස් වූ දැක්මක් සහිත උපායමාර්ගය, සම්මානය විසින් පිළිගෙන ඇති බොහෝ නව්‍යතාවයෙන් යුත් DHL වැඩසටහන් වලින් එකකි. DHL Express හි අවධානය යොමු කිරීමේ උපාය මාර්ගය Deutsche Post DHL සමූහ ව්‍යාපාරයේ අරමුණ වන සේවායෝජකයා, ආයෝජනය සහ ලෝකය සඳහා තෝරාගැනීමේ සැපයුම්කරු බවට පත්වීමේ ඉලක්කය වෙත යොමු කර ඇත. එහි සාර්ථකත්වය සඳහා මූලික වූයේ Certified International Specialist (CIS) නම් වැඩසටහනකි. පාරිභෝගික අවධානය සහ විශ්වාසය මත පදනම් වූ සංස්කෘතික හා සංවර්ධනය වේගවත් කිරීම සඳහා මෙම වැඩසටහන හඳුන්වා දෙන ලදී. ව්‍යාපාරය දිරිමත් කිරීම, හඳුනා ගැනීම සහ ප්රතිලාභ ලබා දීමේ වැදගත් හැසිරීම් සමඟින් ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් ලබා දෙන සිත්ගන්නා සුළු පුහුණුව සහ නියැලීමේ අන්තර්ගතය එයට ඇතුළත් වේ.
ගෝලීය වසංගත තත්ත්වය අතරතුර, ලොජිස්ටික් ව්‍යාපාර මත දැඩි පීඩනයක් ඇති විය. ලොව හොඳම සේවා ස්ථානය™ 2021 ලෙස පිළිගැනීම DHL Express සංස්කෘතියේ ශක්තියට සාක්ෂියකි. මෙම සමීක්ෂණය සාධාරණත්වය, විශ්වසනීයත්වය, ගෞරවය, අභිමානය සහ සුහදත්වය හරහා සේවක අත්දැකීම් තක්සේරු කරයි. සමාගම් සංස්කෘතිය ශක්තිමත් කරන මුලපිරීම් සහ වැඩසටහන් ද සමීක්ෂණය සඳහා විගණනය කරනු ලැබේ. GPTW සමීක්ෂණය මඟින් 2020 වසරේදී සමාගමේ 93% ක ලකුණු ප්‍රමාණය අභිබවා යමින් කාර්ය මණ්ඩල අභිප්‍රේරණය කිරීම සහ නියැලීමේ මට්ටම් ඉහළ ගොස් ඇත. DHL Express මෙම අභියෝගාත්මක කාලසීමාව පුරාවටම රැකියා සුරක්ෂිතභාවය සහ කාර්ය මණ්ඩල ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, සේවකයින් සුරක්ෂිතව සම්බන්ධ කිරීමෙන් සහ සහයෝගයෙන් ක්‍රියා කිරීම සහතික කර ඇත.
“සියලුදෙනා සඳහා වැඩ කිරීමට හැකි විශිෂ්ඨ ස්ථානයක් වීම කිසි විටෙක වඩා තීරණාත්මක නොවන අතර, එය කිසි විටෙකත් වඩා දුෂ්කර වන්නේද නැති බව”, Great Place to Work™ හි ප්‍රධාන විධායක නිලධාරී මයිකල් සී. බුෂ් පවසයි. “DHL Express විසින් ඔප්පු කර ඇත්තේ ඔබගේ සේවකයන් වෙනුවෙන් නිසි දේ කරන විට එම සේවකයන් ඔබගේ පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දෙන බවයි. DHL සේවකයින්ගෙන් 94%ක් පවසන්නේ තම පාරිභෝගිකයින් තමන් සපයනු ලබන සේවාව ‘විශිෂ්ඨ’ ලෙස ඇගයීමට ලක් කරන අතර එය 86%ක වූ ගෝලීය මිණුම් මට්ටම ඉක්මවා යන බවය.”
“අපි වෙන කවරදාකටත් වඩා ශාරීරික වශයෙන් දුරස්ව සිටින මෙම කාල සීමාව තුළ මෙම සම්මානය ලැබීම ගැන අප සැබවින්ම ආඩම්බර වෙනවා. DHL Express හි අපගේ ව්‍යාපාරයේ හදවතේ සිටින්නේ අපගේම මිනිසුන්. අපි අපේ ජනතාව දිරි ගැන්වීම, සවිබල ගැන්වීම, සහ ආයෝජනය කිරීම තුළින් ඔවුන් රැකියාවේදී තෘප්තිමත් වන අතර ඒ මඟින් පාරිභෝගික තෘප්තිය සහ ව්‍යාපාරික සාර්ථකත්වය අඛණ්ඩව ලබා දීමට පෙලඹේ. අපි මිනිසුන් එක්කර ගනිමින් ගෝලීය වශයෙන් ජීවිත සාර්ථකත්වය කරා රැගෙන යෑමේදී අපට ජවයක් වන්නේ අපගේ ශක්තිය සහ රැකියාවට ඇති කැමැත්තයි. DHL හි වැඩ කිරීමට හැකි විශිෂ්ඨ ස්ථානයක් බවට පත් කරන්නේ අපගේම සේවකයින් ” බව DHL Express Asia Pacific හි ප්‍රධාන විධායක නිලධාරී කේන් ලී පැවසීය.
DHL Express Sri Lanka හි ප්‍රධාන කළමනාකරු දිමිත්‍රි පෙරේරා මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරා අපි ගොඩනැගී ඇත්තේ ඔරොත්තු දීමේ හැකියාව, නව්‍යකරණය සහ විශේෂයෙන් අභියෝග වලදී අනුගතවීමේ හැකියාව තුළිනි.”සාධනීය සේවා ස්ථානයක් පිළිබඳ අර්ථ දැක්වීම පසුගිය වසර පුරා වෙනස් වී ඇති අතර, DHL Express අංක 1 ලොව හොඳම සේවා ස්ථානය (#1 World’s Best Workplace™) ලෙස මෙම ශ්‍රේණිගත කිරීමෙන් අදහස් කරන්නේ කොපමණ බාධා හමුවේ වූවද ව්‍යාපාර දියුණුව පමණක් පවත්වා ගැනීම නොව වසංගතය හමුවේ පවා සේවකයින්ගේ දියුණුව වෙනුවෙන් ඔවුන් සංස්කෘතිකවද ශක්තිමත්ව පෝෂණය කර ඇති බවයි.”
ලොව අංක 1 හොඳම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට, සමාගම් Great Place to Work’s Best Workplaces™ ජාතික ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්විය යුතුය. මෙම පිළිගැනීම පදනම් වී ඇත්තේ විශ්වාසය, නවෝත්පාදන, සමාගම් වටිනාකම් සහ නායකත්වය පිළිබඳ සේවක අත්දැකීම් තක්සේරු කරන විශ්වසනීය සමීක්ෂණ දත්ත මතය.
සේවකයින් කවුරුන්ද හෝ ඔවුන් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව නොසලකා සියලුම සේවකයින් විසින් සේවා ස්ථාන පිළිබඳ අත්දැකීමක් කෙතරම් හොඳින් නිර්මාණය කරයිද යන්න පිළිබඳව සමාගම්වල ඇගයීමට ලක් කෙරේ. මෙම වසරේ, COVID-19 වාතාවරණය තුළ සේවා යෝජකයින් සහ සේවකයින් යන අංශ දෙක කෙරෙහිම කායික හා මානසික ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කරයි.