DFCC බැංකුව ‘හැව්ලොක් සිටි’ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

Image (3)

සුඛෝපභෝගී නිවාස මිලදීගැනීමට සුවිශේෂී ණය පහසුකම්

2020 නොවැම්බර් 18, කොළඹ: DFCC බැංකුව, නිවාස ගැනුම්කරුවන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණ ඇතිව ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතිය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතියේ නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබේ. ව්‍යුහගත ණය යෝජනා ක්‍රම, සහන කාලයන් සහ නියමිත කාලයට පෙර ගෙවා අවසන් කිරීමේදී අයවීමට නියමිත ගාස්තු කපාහැරීම වැනි ප්‍රතිලාභ රාශියක් මෙම ණය ක්‍රමයට ඇතුළත් වී ඇත.

කොළඹ නගරයේ සුවිශේෂී වටිනාකමකින් යුත් අක්කර 18 ක භූමියක ඉදිවී ඇති ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතිය නේවාසික මෙන්ම වාණිජ අංග වලින්ද සමන්විත වන අතර එය එම ප්‍රදේශයේ විශාලතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකේ. එහි නේවාසික ඒකක සහිත 4 වන අදියර මේ වනවිට අවසන් වෙමින් පවතින අතර, එම ඒකක 2021 වසරේ පෙබරවාරි මාසයේදී පදිංචිය සඳහා සූදානම් වනු ඇත. එම අදියරේ සුඛෝපභෝගී නිවාසද ගැනුම්කරුවන්ට මිලදීගත හැකි වේ. 4 වන අදියරට අමතරව 3 වන අදියරේද අනුකූලතා සහතික සහිත ඒකක සීමිත සංඛ්‍යාවක් පදිංචිය සඳහා සූදානම්ව පවතී.

Havelock City ව්‍යාපෘතියේ Clubhouse වෙතින් නිවාස හිමියන්ට ස්ක්වොෂ් ක්‍රීඩාවේ යෙදීමේ පහසුකම්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක, උත්සව ශාලා, කොණ්ඩය කපන ස්ථානයක්,  රෙදි සේදුම් යන්ත්‍ර සහිත ස්ථානයක්, කුඩා ප්‍රමාණයේ සිනමා ශාලාවක්, ‘මිනි මාකට්’ එකක් සහ ආපනශාලාවක් ඇතුළු පහසුකම් රාශියක් හිමි වේ. අක්කර 7 ක භූමියක තුරුලතා වලින් සපිරි ලෙස සැලසුම් කර ඇති උද්‍යානය නිවාස හිමියන්ගේ නිරෝගී බව සඳහා අත්වැලක් සපයනු පිණිස ඇවිදීමේ මංතීරු, ධාවන මංතීරු, එළිමහන් ව්‍යායාම පරිශ්‍ර සහ මිනි ගොල්ෆ් පරිශ්‍රයක් වැනි පහසුකම් වලින්ද සමන්විත ය. මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Overseas Realty (Ceylon) PLC සමාගමේ සභාපති වන එස්. පී. ටාඕ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන්නකි.  Overseas Realty සමාගම කොළඹ පිහිටි සුප්‍රකට ලෝක වෙළඳ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම මෙන්ම හිමිකරුද වේ.

 




 

හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ නිවාස මිලදීගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට DFCC බැංකුව වෙතින් ඉතාමත් පහසුවෙන් නිවාස ණයක් ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබේ. ස්ථාවර ආදායම් ලබන්නෙකු වුවත්, වෘත්තිකයෙකු වුවත්, ස්වයං රැකියාවක නියුතු පුද්ගලයෙකු වුවත්, මාසිකව ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් ලබන්නේ නම්, ඔහුට හෝ ඇයට DFCC බැංකුවේ නිවාස ණයක් සඳහා අයදුම් කළ හැක. නිවාස ගැනුම්කරුවන්ට පෙර-අනුමත නිවාස ණයක් සඳහා අයදුම් කළ හැකි අතර, රාජකාරි දින 3 ක් ඇතුළත ණය සඳහා අනුමැතිය හිමි වේ. එහිදී විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීමටත්, ගනුදෙනුවේ කාලසීමාව පුරාම ගැනුම්කරුවන්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමටත් DFCC බැංකුවේ නියෝජිතයෝ සූදානමින් සිටිති.

හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ නිවාස ගැනුම්කරුවන් සඳහා DFCC බැංකුව ලබාදෙන මෙම ණය සේවාවට, ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක්, නියමිත කාලයට පෙර ගෙවා අවසන් කිරීමේදී සාමාන්‍යයෙන් අයකරනු ලබන ගාස්තු කපාහැරීම සහ ව්‍යුහගත ණය පහසුකම් ඇතුළු විශේෂ ප්‍රතිලාභ රාශියක්ද ඇතුළත් වේ.

දිවයින පුරා ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන ආවරණය කරන පුළුල් ශාඛා ජාලයක් DFCC බැංකුව සතු ය. ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන සේවාවන් සැලසීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් මෙම ශාඛාවන් සතුව පවතී. එමෙන්ම ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ ඔවුන් වෙත සේවාවන් ලබාදීම සඳහා බැංකු සේවා විධායක නිලධාරීන් 140 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක්ද මේ වනවිට සේවයේ යොදවා තිබේ. විශේෂයෙන්ම බැංකු ශාඛා වෙත පැමිණීමට කාලවේලාව වෙන්කරගැනීම අපහසු වන ගනුදෙනුකරුවන්ට මෙම සේවාව ඉමහත් සහනයක් වී ඇත. එමෙන්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේද සේවාවන් සැලසීමට DFCC බැංකුව සූදානමින් සිටින නිසා ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන්, තමන් කැමති ස්ථානයක සිට ණය පහසුකම් ආදිය සඳහා අයදුම් කළ හැකි වේ.

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන,  පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ෆිච් රේටිංස් ලංකා සමාගම (Fitch Ratings Lanka Limited) වෙතින් ‘zA+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

 

 

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව