DFCC බැංකුව සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සමඟින් Pinnacle MasterCard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දෙයි

image (3)

 



 

 

DFCC බැංකුව DFCC Pinnacle ගනුදෙනුකරුවන් වෙනුවෙන් Pinnacle MasterCard නමින් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. DFCC Pinnacle යනු සුවිශේෂී බැංකු ගණුදෙනුකරුවන් හඳුන්වන ක්‍රමවේදයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඉහළ තලයේ බැංකු සේවා සම්ප්‍රදායේ පෙරළිකාරී වෙනසක් සිදුකළ හඳුන්වාදීමක් ලෙස සැලකේ.

DFCC Pinnacle MasterCard කාඩ්පත හඳුන්වා දීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්වුණු අතර, එහිදී කාඩ්පත හඳුන්වා දෙන ලද්දේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන මහතා විසිනි. DFCC බැංකුවේ ප්‍රධාන පෙළේ නිලධාරීන්, ඉහළ තලයේ ගනුදෙනුකරුවන් සහ තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

“DFCC Pinnacle MasterCard සැලසුම් කර ඇත්තේ සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වන ආකාරයටයි. DFCC Pinnacle සාමාජිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දරන උත්සාහය මෙමගින් නැවත වරක් තහවුරු වනවා. මෙම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතා මැනැවින් වටහාගෙන, ඒ අනුව මෙහි ප්‍රතිලාභ සැලසුම් කිරීමට අප පියවර ගත්තා. මෙය ඔවුන්ට ඉහළ තලයේ බැංකුකරණ සේවාවන්  සම්බන්ධ තවත් නැවුම් අත්දැකීමක් වේවි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

DFCC Pinnacle අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා DFCC Pinnacle MasterCard ක්‍රෙඩිට් කාඩ්පතට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් ඇතුළත් කර තිබේ. මෙහි Lounge Key මගින් ලොව පුරා ගුවන් තොටුපළවල් 900 කට අධික සංඛ්‍යාවක Lounge නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ. මූලික සහ ද්විතීය කාඩ්පත් හිමියන්ට Lounge Key හරහා වසරකට සිව් වරක් Lounge භාවිතා කිරීමට හැකි වන අතර ඔවුන්ට නොමිලේ සංචාරක රක්ෂණයක්ද හිමි වේ.

මීට අමතරව Flexiroam වෙතින් Global Data Roaming, Mastercard Flight Delay Pass සහ පොලී රහිත ආකර්ෂණීය පහසු ගෙවීමේ ක්‍රම රැසක්ද කාඩ්පත් හිමියන් වෙත හිමි වනු ඇත. රු. 50,000/- සහ රු. 200,000/- අතර ගනුදෙනු සඳහා මාස 6 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හිමි වන අතර, රු. 200,000/- සිට රු. 2,000,000/- දක්වා ගනුදෙනු සඳහා මාස 12 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම හිමි වේ. එමෙන්ම, ඉන්ධන, ආහාරපාන, උපයෝගීතා සේවා, ගුවන් සේවා, සංචාරක සේවා සහ විදේශ රටවලදී සිදුකරන වියදම් සඳහා සෑම ගනුදෙනුවකදීම 2% ක Cashback දීමනාවක්ද, අනෙකුත් සියලුම ගනුදෙනුවලදී 1% ක Cashback දීමනාවක්ද ගනුදෙනුකරුවන් වෙත හිමි වනු ඇත. DFCC බැංකුවේ කාඩ්පත් මගින් ලැබෙන සුවිශේෂී දීමනාවක් වන මෙම Cashback දීමනාව මගින් ගනුදෙනුකරුවන්ට සැබෑම ඉතිරියක් අත්විඳීමට හැකි වන අතර, එම මුදල් තමන් කැමති DFCC බැංකු ගිණුමකට බැර වන පරිදි සකස් කරගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ ඉහළ තලයේ බැංකුකරණ සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම DFCC බැංකුවේ ඉලක්කය වන අතර, ඒ යටතේ DFCC Pinnacle MasterCard ක්‍රෙඩිට් කාඩ්පත හරහා අඛණ්ඩව සුවිශේෂී දීමනාවන් හා ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

ඔබත් DFCC Pinnacle MasterCard ක්‍රෙඩිට් කාඩ්පත හරහා ලැබෙන මෙම සුවිශේෂී ප්‍රතිලාභ අත්විඳින්න. DFCC Pinnacle සාමාජිකත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0112350000 අමතන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව