DFCC බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව ගාල්ලේදී QR තාක්ෂණය ප්‍රචලිත කිරීමේ මෙහෙවරට උරදෙයි

PHOTO 02 (1)

 




 

 

2021 මාර්තු 09, කොළඹ: ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය ලත් DFCC බැංකුව, පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දකුණු පළාතේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන ගාල්ල ප්‍රදේශයේදී  පවත්වන ලද QR තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනට දායක විය. මීට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් ‘රට පුරාම QR’ වැඩසටහන යටතේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද ප්‍රවර්ධන වැඩසටහන තුළදී අත්කරගත් සාර්ථකත්වයෙන් අනතුරුව, එහි ඉදිරි පියවරක් ලෙස ගාල්ල ප්‍රදේශයේ පැවති මෙම වැඩසටහනටද එක්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය.

ශ්‍රී ලංකාව මුදල් භාවිතයෙන් තොර අනාගතයක් වෙත රැගෙන යාමේ ජාතික අරමුණ පෙරදැරිව පවත්වන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ එහි ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග යන මහත්වරු එක්වූහ. ඊට අමතරව DFCC බැංකුව නියෝජනය කරමින් එහි උප සභාපති (කාඩ්පත්) ඩෙන්වර් ලුවිස් මහතා සහ එහි දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ප්‍රදීප් අල්විස් මහතාද වැඩසටහනට සහභාගී වූහ. මෙම වැඩසටහන තුළදී DFCC බැංකුවේ ප්‍රදර්ශන කුටිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ අතර, මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු රැසක්ද එහිදී සිදුකරන ලදී. එමෙන්ම ලාෆ්ස් ගෑස් සඳහා ප්‍රමුඛතම අලෙවි නියෝජිතයෙකු වන නාරන්ගොඩ සමූහ ව්‍යාපාරය සහ ගාල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අලෙවිසැලක් වන ‘හෙමාරා  රිච් ලුක්’ හි ප්‍රදර්ශන කුටිද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.

මෙම අවස්ථාවේදී, QR තාක්ෂණය සහිත DFCC Pay App සහ එය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට DFCC බැංකුව කටයුතු කළේ ය. එහිදී වෙළඳසැල් හිමියන් සහ පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුට DFCC Pay App ඔස්සේ QR තාක්ෂණය භාවිතා කිරීමේ පහසුව පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව ලැබිණි. ඒ ඔස්සේ ප්‍රදේශයේ වෙළඳසැල් හිමියන් රැසක් QR තාක්ෂණය භාවිතා කිරීමට යොමුකරවීමට හැකිවූ අතර ඔවුන් හරහා පාරිභෝගිකයන් අතර QR තාක්ෂණ භාවිතය තවදුරටත් ප්‍රචලිත කිරීමට හැකිවනු ඇත.

DFCC බැංකුව මීට පෙරද තම ගනුදෙනුකරුවන් වෙත QR තාක්ෂණය පදනම් කරගත් ගෙවීම් ක්‍රම හඳුන්වා දී තිබේ. 2019 වසරේදී DFCC Pay App හඳුන්වා දීමෙන් අනතුරුව DFCC බැංකුව මෙරට LANKAQR සහතික ලැබූ මුල්ම බැංකු ආයතන අතරින් එකක් බවට පත්වූ අතර, LANKAQR මේ වනවිට ශ්‍රී ලංකාවේ පොදු QR ජාලය ලෙස සැලකේ. පුරෝගාමී හඳුන්වා දීමක් වන DFCC Pay App මගින් ගනුදෙනුකරුවන්ට තමන් මිලදීගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා මුදල් ගෙවීමේදී, තම ජංගම උපාංග භාවිතා කරමින්, තම ඉතුරුම් හෝ ජංගම ගිණුම් වල ඇති මුදල් සෘජුවම අලෙවිකරුගේ ගිණුමට බැරකළ හැකි වන අතර, මෙය සාමාන්‍යයෙන් මුදල් මගින් ගෙවීම් කිරීම වෙනුවට භාවිතා කළ හැකි පහසු, සුරක්ෂිත හා ලාභදායී ක්‍රමයකි. මෙරට මහා පරිමාණ සමාගම් සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට පමණක් නොව, ඉතා කුඩා මට්ටමේ අලෙවිසැල් වලට වුවද ඉතාමත් පහසුවෙන් DFCC Pay App භාවිතා කළ හැක. ගෙවීම් තහවුරු කිරීම SMS Alerts මාර්ගයෙන් සිදුවන නිසා, ඉතාම මූලික මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථන හිමි වෙළඳුන්ට පවා DFCC Pay App මගින් ගෙවීම් භාරගත හැකි වේ.

මුදල් භාවිතය අවම කරමින් QR තාක්ෂණය භාවිතයට ජනතාව යොමුකරවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දරන උත්සාහයට නොසැලෙන සහයක් ලබාදෙන හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුව, මුදල් භාවිතයෙන් තොර අනාගතයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා සක්‍රීය ලෙස සිය සහයෝගය ලබාදෙමින් සිටී. නවීනතම තාක්ෂණය ඔස්සේ ඩිජිටල්කරණය වෙත පියනගමින් සිටින බැංකු ආයතනයක් ලෙස DFCC බැංකුවත් ශ්‍රී ලංකා මහ බැංකුවත් සතු පොදු ඉලක්ක හා අරමුණු තුළින්, මෙරට ජනතාව අතර QR තාක්ෂණය ප්‍රචලිත කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකළ හැකිවනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව