DFCC බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වර්ධනයට ‘ව්‍යාපාරික අත්වැල’ නමින් වැඩසටහන් මාලාවක් දියත් කරයි

Vayapara Athwela Image (1)

2020 දෙැසැම්බර් xx, කොළඹ: කාටත් ගැලපෙන DFCC බැංකුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇති කරමින්, දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උනන්දුවක් දක්වන සැමගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නව ආරක වැඩසටහනක් ‘DFCC ව්‍යාපාර අත්වැල ‘නමින් පසුගියදා ආරම්භ කළේය. DFCC බැංකුවේ Facebook සහ Youtube චැනලයන් ඔස්සේ විකාශනය කරනු ලබන මෙම වැඩසටහන් මාලාව හඬ සහ රූප භාවිත කරමින් සරළව මෙන්ම සැමට පහසුවෙන් වටහාගත හැකි අකාරයෙන් සැළසුම් කර ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි.

වර්තමානය වන විට රට තුළ නිර්මාණය වී ඇති වසංගත තත්ත්වය හමුවේ දේශීය ආර්ථිකයට මෙන්ම පොදුවේ සැමගේ ආර්ථිකයට ඇතිකර ඇති බලපෑම අතිමහත්ය. විශේෂයෙන් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ මේ වන විට නිර්මාණය වී ඇති තත්ත්වය හමුවේ රටේ ආර්ථිකයේ වර්ධනයක් අපේක්‍ෂා කිරීමට නම් ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකල යුතු වේ. මෙයට මනා පරිසරයක් නිර්මාණය කරමින් DFCC  බැංකුව විසින් දියත් කරනු ලබන මෙම ‘DFCC  ව්‍යාපාර අත්වැල’ වැඩසටහන මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඔවුන්ගේ ව්‍යාපාර වඩාත් පුළුල් කර ගැනීමට දැනුම සම්පාදනය කිරීමක් සිදුකරන අතර, ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් රුචිකත්වයක් ඇති, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්‍ෂාවෙන් පසුවන හෝ ඒ සඳහා සැලසුම් කරන අය වෙනුවෙන් මාර්ගෝපදේශයන්ද සපයනු ලබයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සභාපති වරයා මෙන්ම එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු වන අචාර්ය රුක්මල් විරසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලවේ, “නිර්මාණශීලීත්වය සහ නව්‍යකරණය තුළින් ව්‍යාපාරික අවස්ථා අත්කරගැනීම, නැවුම් ව්‍යාපාරික අදහසක් සහිතව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කසේද, ව්‍යවසායකයකු සඳහා අවශ්‍ය මූල්‍ය කළමණාකරනය සහ මූල්‍ය සාක්‍ෂරතාවය සහ නව තාක්‍ෂණය ව්‍යවසායකයකු විසින් ව්‍යාපාරයකට යොදාගන්නේ කෙසේද?” යන තේමා ඔස්සේ මෙම වැඩසටහන් ඉදිරිපත් කර ඇත. ව්‍යාපාරික ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති, එම ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම සෙවීමේ කාර්යයේ නිරත ඔබට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති අතර, මෙම ක්‍ෂේත්‍රය ඔස්සේ සිය අනාගත සාර්ථකත්වය සොයා යන්නන් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධයෙන් ඔබ තුළ ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ද මෙය වටිනා අවස්ථාවක් වනු ඇත.

 




 

 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ශක්තිය හැමවිටම රඳාපවතින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මතයි. විශේෂයෙන් මෙම කොවිඞ් -19 වසංගත තත්ත්වය හමුවේ ඔවුන් වඩාත් අසීරුතාවයට පත්වී ඇති අතර, අප මෙහිදී දේශීය ආර්ථිකය බලගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති ශක්තිය අවබෝධ කරගැනීම වැදගත්. බැංකුවක් විදිහට අපි, අපගේ ගනුදෙනුකරුවන් බලගැන්වීමේදී සහ ඔවුන් වෙත නවීන තාක්‍ෂණයෙන් යුතු සේවා හඳුන්වා දීමේදී ප්‍රමුඛ කාර්යයක් සිදුකරනා ආයතනයක්. ‘DFCC ව්‍යාපාර අත්වැල’ කියන්නේ අපගේ එම දැක්මේ සුවිශේෂී අවස්ථාවක්. මෙම වැඩසටහන අපගේ ගනුදෙනුකරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහන් පමණක් නොවේ. ව්‍යවසායක ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති සියලුම අයට මෙම අවකාශය විවෘතව ඇති අතර, මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගැනීම සඳහා වැඩසටහන සමග සම්බන්ධ වන ලෙසද අප ඉතා සාදරයෙන් ඉල්ලා සිටිනවා.”

ශ්‍රී ලාංකීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් සැපයූ DFCC බැංකුව, එම ව්‍යාපාර ආරම්භ කිරීමේ කාර්යයේදී මෙන්ම එම ව්‍යාපාරයන් අවදානම් අවස්ථා වලට මුහණ දුන් අවස්ථා වලදී ද සුවිශේෂී දායකත්වක් දැක්වීය. විශේෂයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා DFCC  සහය’ සහ මධ්‍ය පරිමාණ අපනයන ව්‍යවසායකයින් වෙනුවෙන් ‘DFCC  සහනය’ වැනි ණය යෝජනා ක්‍රම මෙම අංශයේ වර්ධනය සඳහා කැපී පෙනෙණ කාර්යයක් සිදුකිරීමට සමත්විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපාරයන්ගෙන් බහුතරයක් මහා පරිමාණ ව්‍යාපාර සහ ජාතික මට්ටමේ සන්නාම දක්වා වර්ධනයවී තිබීම බැංකුවක් ලෙස DFCC ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවා සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව, 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka  සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ ෆිච් රේටිංස් ලංකා සමාගම (Fitch Ratings Lanka Limited) වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව