DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ සහ නාඋල ශාඛා නව ස්ථාන වල ස්ථාපිත කරයි

DFCC Bank Branch Relocations

 



 

 

 

2022 මැයි 23, කොළඹ: DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ, සහ නාඋල ශාඛා නව ස්ථාන වල විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ශාඛා විවෘත කිරීමේ අවස්ථාවන්ට එම ශාඛා වල දීර්ඝකාලීන ගනුදෙනුකරුවන්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ අදාළ ශාඛා වල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

ඒ අනුව DFCC බැංකුවේ අලුත්ගම ශාඛාව වර්තමානයේ අංක 39A, වැලිපැන්න පාර, අලුත්ගම යන ස්ථානයෙහිද, කාත්තන්කුඩි ශාඛාව අංක 97, නව කල්මුණේ පාර, අරයම්පති යන ස්ථානයෙහිද, අක්කරේපත්තු ශාඛාව බ්ලොක් 2, MBS ගොඩනැගිල්ල, අම්පාර පාර, අක්කරේපත්තු යන ස්ථානයෙහිද, නුගේගොඩ ශාඛාව අංක 24, නාවල පාර, නුගේගොඩ යන ස්ථානයෙහිද, නාඋල ශාඛාව අංක 137, කුරුණෑගල – දඹුල්ල පාර, නාඋල යන ස්ථානයෙහිද ස්ථාපිත කරන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ, ‘කාටත් ගැළපෙන බැංකුව’ වශයෙන් DFCC බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හිමිවන, උසස්ම තත්ත්වයේ සේවාවක් ලබාදීමට බවයි. “නුගේගොඩ, අලුත්ගම, අරයම්පති, නාඋල සහ අක්කරේපත්තු වැනි ප්‍රදේශ වල අපගේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. එම ප්‍රදේශ වල පිහිටි ශාඛා වලට දිනපතා  ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන නිසා, වැඩි ඉඩකඩක් සහිත, වඩාත් නවීන පහසුකම් වලින් සමන්විත ස්ථාන වෙත එම ශාඛාවන් රැගෙන යා යුතු යයි කියා අප තීරණය කළා. මෙම නව ස්ථාන වල ශාඛාවන් ස්ථාපිත කිරීම අප නිවේදනය කරන්නේ ඉමහත් සතුටින්. මෙම ප්‍රදේශ වල ජනතාවට දැන් DFCC බැංකුවෙන් පෙරටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.

DFCC බැංකුවේ මෙම නව ශාඛා පරිශ්‍ර සියල්ලම නවීනතම පහසුකම් වලින් මෙන්ම, රථවාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩපහසුකම් වලින්ද යුක්ත වේ. මෙම ශාඛා වලදී ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ සේවාවන් සියල්ල ලබාගත හැකි අතර, පැය 24 පුරා ගනුදෙනු කළ හැකි ආකාරයට ස්වයං-බැංකුකරණ සේවා පහසුකම්ද ස්ථාපිත කර තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව