DFCC බැංකුව ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

DFCC (LBN)

 



 

 

DFCC බැංකුව මෙරට ප්‍රමුඛතම පිරිමි පාසලක් වන ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් (DFCC Isipathana College OBA Affinity Credit Card) හඳුන්වා දී ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරනු ලබන වියදම්වලින් සහ කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වෙත බැර කෙරේ. මේ ඔස්සේ ඉසිපත විද්‍යාලයේ අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු නංවාලීම සඳහා අඛණ්ඩව දායක වීමට අවශ්‍ය ශක්තිය එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙත ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. මෙම සුවිශේෂී කාඩ්පත භාවිතා කිරීමට අවස්ථාව ලැබීම, ඉසිපත විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට ලැබෙන විශේෂ ගෞරවයක් වනු නො-අනුමාන ය.

ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට පමණක් ලබාගත හැකි මෙම කාඩ්පත මගින්, සියලුම ගනුදෙනු සඳහා 1% ක Cashback දීමනාවක්, වසර පුරා විශේෂ වට්ටම්, මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම්වල ශේෂය මාරු කිරීමේ පහසුකම් සහ විශේෂ ණය පහසුකම් ඇතුළු තවත් දීමනා හා පහසුකම් රාශියක් හිමි වේ.

විවිධ කාණ්ඩවලට අයත් ගනුදෙනුකරුවන්ට ගැළපෙන ප්‍රතිලාභ රාශියක් ලබාදෙන DFCC ක්‍රෙඩිට් කාඩ්පත්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් හිමිකරගෙන ඇත.

DFCC Isipathana College OBA Affinity Credit Card නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය පසුගියදා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවට DFCC බැංකුව සහ ඉසිපතන විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරන ප්‍රධාන පෙළේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව