DFCC බැංකුව LankaPay Technnovation Awards 2022 හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

DFCC Bank LankaPay Technovation Awards 2022

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා පැවති ‘LankaPay Technnovation Awards 2022’ හිදී 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබී ය. B කාණ්ඩය යටතේ ‘වසරේ විශිෂ්ටතම Common ATM Enabler’ සම්මානය සහ, C කාණ්ඩය යටතේ ‘මූල්‍ය අන්තර්කරණය සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව’ (Bank of the Year for Financial Inclusivity) සම්මානය මෙලෙස DFCC බැංකුව වෙත හිමි විය. රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමට දරන ලද උත්සාහයන්, CEFTS, SLIPS සහ Common ATM Switch ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට දැක්වූ දායකත්වය සහ, මූල්‍ය සේවා කාණ්ඩය තුළ පෙන්නුම් කළ ඉහළ ක්‍රියාකාරීත්වය වැනි සාධක නිසා LankaPay Technnovation Awards 2022 හිදී DFCC බැංකුව වෙත මෙම සම්මාන පිරිනමන ලදි.

බැංකු සේවාවන් නොලබන ජනතාව වෙත එම සේවාවන් සමීප කරවීම සඳහා DFCC බැංකුව ගන්නා උත්සාහය සහ, තම සේවාවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් බැංකුව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය මෙම සම්මාන මගින් මැනැවින් තහවුරු වේ. COVID-19 සම්බන්ධ සෞඛ්‍ය විධිවිධාන ආරක්ෂා වන අයුරින් සේවාවන් ලබාදීමට සහ DFCC MySpace ATM ආවරණ පරාසය පුළුල් කිරීමට බැංකුව ගත් උත්සාහයන් නිසා Common ATM Switch භාවිතය වර්ධනය වූ අතර, ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් අත්කර දෙන DFCC Virtual Wallet, DFCC iConnect සහ DFCC Pay වැනි විසඳුම් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමත් වීම හේතුවෙන් DFCC බැංකුව මූල්‍ය අන්තර්කරණය සම්බන්ධයෙන් වසරේ විශිෂ්ටතම බැංකුව ලෙස ඇගයීමට පාත්‍ර විය.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන LankaPay Technnovation සම්මාන උළෙල පවත්වන ලද සිව්වැනි අවස්ථාව මෙයයි. මෙවර සම්මාන උළෙල 2022 මාර්තු 29 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය හිමි LankaClear විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙළේ අරමුණ වූයේ, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්වන ආකාරයට ඩිජිටල් ගෙවීම් සේවා නවෝත්පාදනයන් සිදුකළ පුරෝගාමීන් ඇගයීමට ලක්කිරීම ය.

“පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්. පසුගිය වසර දෙකක කාලය තුළ ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා අප ක්‍රියාත්මක කළ විවිධාකාර වූ වැඩසටහන් වල සාර්ථකත්වයට මෙම සම්මාන සාක්ෂි දරනවා. එමෙන්ම පාරිභෝගික සේවාව වැඩිදියුණු කරමින්, පාරිභෝගිකයන්ගේ පහසුව ඉහළ නැංවීම සඳහා අප ගත් උත්සාහයන් සාර්ථක බවටත් මෙය මනා සාක්ෂියක්. සියලුම දෙනා වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමට දරන වෑයම ඔස්සේ, ශ්‍රී ලංකාවට වඩාත් ශක්තිමත් ලෙස ආර්ථික අභියෝග වලට මුහුණ දීමට උපකාරී වන වැඩ රාමුවක් හඳුන්වා දීමටද අපට හැකිවුණා. DFCC iConnect සහ DFCC Virtual Wallet වැනි සේවාවන් මේ ආකාරයට විවිධාකාර ඇගයීම් වලට ලක්වීම පිළිබඳව අප නිහතමානීව සතුටු වනවා. මෙම සාර්ථකත්වය ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළ තවදුරටත් දිරිගන්වන සාධකයක් ලෙසද හැඳින්විය හැකියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

කාටත් ගැළපෙන බැංකුව ලෙස ඇගයීමට ලක්වී ඇති DFCC බැංකුවේ මූල්‍ය සේවාවන් එකතුව සහ එහි නවතම තිරසාරත්ව ක්‍රමෝපාය, බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වකරුවන් සවිබල ගැන්වීමට සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති අතර, ඒ නිසාම මෙවැනි සම්මාන වලින් නිරන්තරයෙන් පිදුම් ලැබීමට බැංකුවට හැකියාව ලැබී තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව