DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් මාර්ගගත චිත්‍ර කලා වැඩමුළුවක්

DFCC Bank Junior Art Workshop - Post event (2)

 



 

 

 

DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන ‘DFCC Junor’ මගින් පසුගියදා දරුවන් වෙනුවෙන් විශේෂ චිත්‍ර කලා වැඩමුළුවක් පවත්වන ලදි. සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළුව වයස අවුරුදු 7 ත් 18 ත් අතර දරුවන් සඳහා විවෘත විය.

2022 පෙබරවාරි 04 වන දින, එනම් නිදහස් දිනයේදී, මාර්ගගත (Online) ක්‍රමයට පවත්වන ලද මෙම වැඩමුළුවෙහි මූලික ඉලක්කය වූයේ, චිත්‍ර කලාව සම්බන්ධයෙන් දරුවන් තුළ ඇති කුසලතා වැඩිදියුණු කිරීම ය. ‘නිදහස’ යන ප්‍රධාන තේමාව යටතේ පවත්වන ලද මෙම වැඩමුළුවේදී දරුවන් තුළ ජාතිකාභිමානය සහ එකමුතු බව පිළිබඳ හැඟීම් වර්ධනය කිරීමටද උත්සාහ දරන ලදි. ZOOM ඔස්සේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ටී. කේ ලියනගේ මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවට දැනුම හා සතුට ගෙනෙන පාඩම් හා ක්‍රියාකාරකම් පෙළක් ඇතුළත් විය.

දරුවන් 215 දෙනෙකු සහභාගී වූ මෙම වැඩමුළුව තුළදී චිත්‍ර ඇඳීම, වර්ණ ගැන්වීම, 3D නිර්මාණකරණය, සෙවණැලි සහ චිත්‍ර වල ගැඹුර (Depth) වැනි මූලික කරුණු සාකච්ඡා කරන ලදි.

“නිදහස් දිනයේදී දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩමුළුවක් පැවැත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම වැඩමුළුව තුළදී චිත්‍ර කලාව සම්බන්ධ කරුණු රාශියක් දරුවන්ට කියාදීමට අපට හැකියාව ලැබුණා. මේ සියල්ල ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය කිරීමට උපකාරී වනු ඇති බවට සැකයක් නැහැ. මෙය ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වශයෙන් සමාජයේ යහපත වෙනුවෙන් අප ක්‍රියාවට නංවන වැඩසටහන් මාලාවක එක් අදියරක් පමණයි. රටේ දරුවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා. මේ ඔස්සේ අපට සියලුම දෙනා වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් සහ සමානාත්මතාව සහිත සමාජයක් සමගින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට දායක වීමට හැකිවේවි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති DFCC Junior ඉතුරුම් ගිණුම දරුවන්ට වටිනා තෑගි සමග ප්‍රතිලාභ රාශියක් පිරිනමන ඉතුරුම් ගිණුමකි. ඉදිරියේදීත් දරුවන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව