‘DFCC Banking Awards 2023’ හිදී DFCC කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වයට උපහාර පිදේ

Retail Award (LBN)

2023 වර්ෂය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට උපහාර පිදීමේ අරමුණින් සංවිධානය කළ ‘DFCC Banking Awards 2023’ සම්මාන වැඩසටහන 2024 මාර්තු 23 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. “The Shining Stars” යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙලෙන් අනතුරුව ප්‍රිය සම්භාෂණයක්ද පැවැත්විණි.

 


 

DFCC බැංකුවේ සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය. 2023 මූල්‍ය වර්ෂයේදී, මූල්‍ය තත්ත්වය, තිරසාරත්ව සහ පාරිභෝගික සේවාව ඇතුළු අංශ රැසක සුවිශාල සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට බැංකුවට හැකියාව ලැබිණි. එම සාර්ථකත්වය උදෙසා දායක වූ, DFCC බැංකුවේ ශාඛා ජාලයේ සහ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවෝ  DFCC Banking Awards 2023 හිදී ඇගයීමට ලක්වූහ.

DFCC බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම් සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා යන මහත්වරුන් ප්‍රමුඛව, බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවති මෙම සම්මාන උළෙලට බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 400 කට අධික පිරිසක් සහභාගී වූහ. ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම උත්සවයට විනෝදාස්වාද අංග රැසක්ද ඇතුළත් වී තිබිණි.

“2023 වසර පුරාවටම DFCC බැංකුවේ සාර්ථකත්වය උදෙසා ඉමහත් කැපවීමෙන් යුතුව දායක වූ සියලුම දෙනාට මෙලෙස උපහාර පිදීමට හැකි වීම අපට මහත් සතුටක්. සෑම අංශයක් තුළම විශිෂ්ටත්වය ළඟා කරගැනීමට කැප වී සිටින බැංකුවක් වශයෙන්, ඒ විශිෂ්ටත්වය කාර්ය මණ්ඩලය තුළින්ද දැකගැනීමට අප සෑම විටම කැමැත්තෙන් සිටිනවා. එම නිසා මේ සම්මාන උළෙල, හුදෙක් විශිෂ්ටත්වය අගයන සම්මාන උළෙලක් නොව, විශිෂ්ටත්වය කරා යාමට කාර්ය මණ්ඩලය දිරිගන්වන සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැකියි. මෙම වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සියලුම දෙනාට උණුසුම් සුබපැතුම් පිරිනැමීමටත්, ඉදිරි වසරේදී මෙම ගෞරව සම්මානවලින් පිදුම් ලැබීමට අධිෂ්ඨාන කරගන්නා මෙන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

DFCC Banking Awards 2023 සම්මාන උළෙලේදී පිරිනමන ලද සමස්ත සම්මාන සංඛ්‍යාව 137 කි. සමස්ත ශාඛා කාර්යසාධනය, සේවාවන් සම්බන්ධ ජයග්‍රහණ, පාරිභෝගික සේවාව සහ විගණන ප්‍රමිතීන් වැනි අංශ මෙන්ම, DFCC බැංකුවේ විවිධාකාර වූ සේවාවන් සහ ප්‍රවර්ධන වැඩසටහන්වලට අදාළව මෙම සම්මාන පිරිනමන ලදි. DFCC Banking Awards 2023 වැඩසටහන අතිශයින් සාර්ථක වූ අතර, එය DFCC බැංකුවේ විශිෂ්ටයන් ඇගයීමට මෙන්ම එහි කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා ශක්තිමත් කිරීමට දායක වූ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව