DFCC බැංකුව, CPM ආයතනයේ විශේෂ ඇගයීමට ලක් වේ

DFCC Bank CPM Awards

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පශ්චාත්-COVID-19 පසුබිම තුළ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් සුරක්ෂිත ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සමත් වීම වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය පරිපාලන හා කළමනාකරණ ආයතනයේ (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM)  විශේෂ ඇගයීමකට ලක් විය.

සිය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන අතරම ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සඳහා DFCC බැංකුව පසුගිය කාලය තුළ දැඩි අවධානයක් යොමුකළේ ය. රටේ ජනතාවට මුහුණ දීමට සිදු වූ නොයෙකුත් දුෂ්කරතා වලදී ඔවුන්ට අත්වැලක් වීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලද අතර, ගනුදෙනුකරුවන්ට මූල්‍යමය සහන ලබාදීම මෙන්ම, ඔවුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ඩිජිටල්කරණ වැඩසටහන් හඳුන්වා දීමද සිදුකෙරිණි.

COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නවෝත්පාදනය ඔස්සේ තිරසාර සහ නිර්මාණශීලී විසඳුම් සොයාගැනීමට DFCC බැංකුව සමත් විය. මේ ආකාරයට COVID-19 අභියෝගය ජයගනිමින්, සියලු පාර්ශ්වයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීමට සමත් වීම හේතුවෙන්, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය නම් කළ ‘‘Back to Business in the new normal; Best Management Practices’ ආයතන ලයිස්තුවේ විශිෂ්ටතම ආයතන 10 අතරට එක්වීමට DFCC බැංකුවට මෙහිදී හැකියාව ලැබිණි.

COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම රටේ සමාජ ආර්ථික යහපැවැත්මට ඇති වූ බලපෑම් හමුවේ පවා ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සලසමින්, ඔවුන් තෘප්තිමත් වන ආකාරයට සේවාවන් ලබාදීමට සමත් වීම, DFCC බැංකුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මානව සම්පත්, මෙහෙයුම්, ව්‍යාපාර සහ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව යන අංශ වලට අදාළව නව ක්‍රමවේදයන් ක්‍රියාවට නංවන ලදි. මේ සියල්ලෙහි අරමුණ වූයේ, සියලු දෙනාගේ යහපත තහවුරු කරමින් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරම සමාජයීය හා ආර්ථික වටිනාකම් නිර්මාණය කිරීම ය. මෙහිදී බැංකුවේ සේවාවන් හා ක්‍රියාවලි සියල්ලම පාහේ ඩිජිටල්කරණය කරන ලද අතර, COVID-19 ව්‍යාප්තියේ අහිතකර බලපෑම් වලින් කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආයතනික වශයෙන් පියවර රැසක් ගන්නා ලදි. මීට අමතරව ආර්ථික පුනර්ජීවනය ඉලක්ක කරගෙන ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සහන ලබාදීමටත්, සමස්තයක් ලෙස රටේ ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම අරමුණු කරගත් තවත් ආයෝජනයන් රාශියක් සිදුකිරීමටත් DFCC බැංකුව කටයුතු කළේ ය.

“නැවත සාමාන්‍ය පරිදි ව්‍යාපාර කටයුතු සිදුකිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය සහ, ඒ වෙනුවෙන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග වෙනුවෙන් මේ ආකාරයට ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනයේ ‘Back to Business’ සම්මාන වැඩසටහන තුළදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. ‘කාටත් ගැළපෙන බැංකුව’ විරුදාවලිය ලත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වශයෙන් අප හඳුන්වා දුන් මෙම නව වැඩසටහන් සහ ක්‍රියාමාර්ග, ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින් සහ සියලුම දෙනා වෙනුවෙන් සමාජ හා ආර්ථික ප්‍රතිලාභ නිර්මාණය කරමින්, බැංකුව සමග සම්බන්ධ වන බොහෝ දෙනෙකු  ජීවිත වඩාත් යහපත් කිරීමට දායක වී තිබෙනවා.” DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව