DFCC බැංකුව සහ WWCT, මෙරට වෙසෙන කොටියන් රැක ගනිමින් ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා අත්වැල් බැඳගනී 

Image (LBN)

DFCC බැංකුව, මෙරට පාරිසරික ආහාර දාම තුළ සිටින ඉහලම විලෝපිකයා වන සහ අදවන විට තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් මුලපිරීමකට සහාය වීම සඳහා Wilderness and Wildlife Conservation Trust (WWCT) සමඟ වසර තුනක සහයෝගිතාවක් නිවේදනය කර ඇත.

මෙම සහයෝගිතාව කොටියා ඡත්‍ර විශේෂයක් (umbrella species) බවට වන අවබෝධය මත පදනම් වන අතර කොටියා ආරක්ෂා කිරීම සමස්ත පරිසර පද්ධතියේ මෙන්ම එහි වාසස්ථාන බෙදාහදා ගන්නා අසංඛ්‍යාත අනෙකුත් සත්ව විශේෂයන්ගේද සුරක්ෂිතතාව තහවුරු කරයි. කොටි සංරක්ෂණයට සහයෝගය දීමෙන් DFCC බැංකුව සහ WWCT, මෙරට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වනජීවීන්ට පාරිසරික වෙනස්කම්වලට ඔරොත්තුදීමේ හැකියාව ඇතිකරවීම සහ මිනිස් ප්‍රජාවන් හා වනජීවීන් අතර තිරසාර සහජීවනයක් සඳහා වන පුළුල් කැපවීමක් සිදුකරයි.
 



 

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය: “පරිසර සංරක්ෂණය තිරසාර අනාගතයක් සඳහා අපගේ දැක්මෙහි අනිවාර්ය අංගයකි. අපගේ අවධානය යොමු වී ඇත්තේ සොබාදහම සුරැකීම පමණක් නොව, ප්‍රජාවන්ට පරිසරය සමඟ සමබරව ජීවත්වීමට සහ සිය වැඩකටයුතු කිරීමට හැකි බව සහතික කිරීමයි. මෙම සහයෝගිතාව හරහා, අපි දැනුවත් කිරීම්, මාර්ගෝපදේශනය සහ ගැටුම් අවම කරන ප්‍රායෝගික විසඳුම් සඳහා මුල්තැන ලබාදෙමින් මිනිස් ප්‍රජාවන් සහ වනජීවීන්ට කල් පවත්නා වටිනාකමක් ලබා දෙන්නෙමු.”

WWCT හි සම-ආරම්භික සහ කළමනාකාර භාරකාර පරිසරවේදිනී අංජලී වොට්සන් මහත්මිය මෙසේ පැවසුවාය: “කොටියා ශ්‍රී ලංකාවේ සිටින ඉහලම විලෝපිකයා වන අතර, කොටියාගේ අඛණ්ඩ පැවැත්ම යනු සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා වීමකි. WWCT හි අපගේ පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ කොටියා කෙරෙහි අවධානය යොමු කිරීම භූ දර්ශන සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වේගවත් හා ඵලදායී මාර්ගයක් සපයන බවයි. මෙම සහයෝගිතාව, අපට මෙම දැනුම මහජනතාව වෙත ගෙන යාමට ප්‍රවේශය සපයන අතර, වනජීවීන් සහ පරිසර පද්ධති සංරක්ෂණය දත්ත මතම පදනම් වූවක් පමණක් නොවන වගත්, එයට සියල්ලන්ම අන්තර්ගත වන බව සහතික කරයි.”

මෙම සහයෝගිතාව මගින් කොටියන්ගේ පාරිසරික පැවැත්ම, වෙසෙන පරිසර පද්ධතීන්, කොටියන් ඉලක්ක කරගත් මර උගුල් (snares) සහ දඩයම් ක්‍රම හේතුවෙන් ඇති වන අන්තරායන් ඉස්මතු කරමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත. ඒ සමඟම, කොටි මරණ අඩු කිරීම සඳහා අවදානම් සහිත ප්‍රදේශවල ප්‍රජා මූලික මැදිහත්වීම් නියමු ව්‍යාපෘති ලෙස දියත් කරනු ඇත.

පසුගිය දශක දෙක තුළ, WWCT ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ මත පදනම් වූ සංරක්ෂණ සංවිධානයක් ලෙස ස්ථාපිත වී ඇත. එහි කොටි ව්‍යාප්තිය, ශ්‍රී ලංකාවේ කොටි ගහනය පිළිබඳ පුළුල්ම දත්ත සමූහයක් යාවත්කාලීන කර ඇති අතර, මිනිස් ප්‍රජාවන්-වනජීවී සහජීවනය පිළිබඳව පුරෝගාමී වෙමින් ජාතික සංරක්ෂණ ප්‍රතිපත්ති සඳහා සෘජුවම බලපෑම් කර ඇත.

මෙම සහයෝගිතාව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වනජීවීන්ට දේශගුණික වෙනස්කම්වලට  ඔරොත්තුදීමේ හැකියාව සහ ප්‍රජා මට්ටමේ සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙන DFCC බැංකුවේ තිරසාරත්ව රාමුව (Sustainability Framework) යටතට අයත්වේ. එය මෙරටට තිරසාර අනාගතයක් හැඩගැස්වීමේ අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට DFCC බැංකුවේ ඇති දිගුකාලීන කැපවීම පිළිබිඹු කරයි.

DFCC බැංකුව පිළිබඳව  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව 1955 වසරේදී ස්ථාපිත කරන ලද අතර,  1956 වසරේ සිටම එය කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන එය Fitch Ratings වෙතින් A (lka) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ. DFCC බැංකුව විසින් පාරිභෝගික, ආයතනික හා සුළු හා මධ්‍යම පරිමාණ බැංකු සේවාවන් මෙන්ම භාණ්ඩාගාර, ආයෝජන සහ වෙළඳ මූල්‍ය සේවා ඇතුළු සේවාවන් රාශියක් පිරිනමනු ලබයි.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය හා තිරසාරත්වය උදෙසා මුල් තැන දෙන DFCC බැංකුව DFCC MySpace වැනි ඩිජිටල් සේවාවන් ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස සිය සේවාවන් පිරිනමන අතර, දිවයින පුරා ශාඛා 137 ක්ද පිහිටුවා ඇත. මීට අමතර එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට LankaPay ජාලය හරහා ATM යන්ත්‍ර 5,500 කට අධික සංඛ්‍යාවක් භාවිතා කළ හැකි වේ.

තිරසාර මූල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ පිළිගත් ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, පාරිසරික බලපෑම් අවම කරමින් ආර්ථිකයේ දීර්ඝකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා කැප වී සිටී.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව