DFCC බැංකුව සහ CIMA අතර හවුල්කාරීත්වය නැවතත් දීර්ඝ වෙයි විශිෂ්ටතම සේවා යෝජක සම්මානක්ද හිමිකරගනී

PRESEN_1

2021 මාර්තු 01 කොළඹ: අඛණ්ඩව 3 වන වරටත් ‘Gold Corporate Partner’ ලෙස CIMA Sri  Lanka සමග අත්වැල් බැඳගැනීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. එමෙන්ම නැවත වරක් ශ්‍රී ලංකාවේ CIMA සාමාජිකයන්ගේ සේවායෝජකයන් අතර විශිෂ්ටතම ආයතන 20 අතරට එක්වෙමින් එම ලැයිස්තුවේ 4 වැනි ස්ථානයට පැමිණීමටද DFCC බැංකුවට හැකියාව ලැබිණි. පවතින COVID-19 රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා ශ්‍රී ලංකාවේ CIMA සාමාජිකයන් සුරක්ෂිත ලෙස එකම වේදිකාවකට රැගෙන එමින් මෙවර එම සම්මාන උළෙල  Online ක්‍රමයට පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ. මේ ආකාරයට සිය දූරදර්ශී හා ඉදිරිගාමී මානව සම්පත් ක්‍රමෝපායන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඇගයීම් වලට පාත්‍ර වෙමින් DFCC බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයට දිගින් දිගටම නව ආදර්ශ සපයමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “නැවත වරක් මෙරට CIMA සුදුසුකම්ලාභීන් සඳහා හොඳම සේවායෝජකයෙකු ලෙස මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. DFCC බැංකුව CIMA ආයතනය සමග දීර්ඝකාලීන හා ඵලදායී සම්බන්ධයක් පවත්වාගෙන යනවා. CIMA සුදුසුකම් යනු වෙළඳපොළේ සැබැවින්ම පවතින සහ අනාගතයේ ඇතිවීමට බෙහෙවින් ඉඩ ඇති ප්‍රවණතා සමග තීරණාත්මක ලෙස සමගාමී වන සුදුසුකමක් බව අපගේ විශ්වාසයයි. මෙම ඇගයීම, අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශිෂ්ටතම සේවාවක් සැලසීම සඳහා අප දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියක්. CIMA Sri  Lanka සමග ඇතිකරගෙන සිටින මෙම සම්බන්ධතාව ඉදිරියේදී තවත් ශක්තිමත් කරගැනීමට අප අපේක්ෂා කරන අතර, CIMA සුදුසුකම්ලාභීන් පිළිගෙන ඔවුන් අපගේ කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට අප ඉදිරියටත් කටයුතු කරනවා.”

CIMA සුදුසුකම් ලත් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සිය වාර්ෂික සාමාජික ගාස්තු පූර්ණ වශයෙන් හො අර්ධ වශයෙන් ප්‍රතිපූරණය කරගැනීමට DFCC බැංකුව අවස්ථාව සලසා දෙයි. එමෙන්ම CIMA පාඨමාලා මෙන්ම අනෙකුත් වෘත්තීය පාඨමාලා, උපාධි පාඨමාලා සහ MBA වැනි පශ්චාත් උපාධි පාඨමාලා හදාරන සාමාජික සාමාජිකාවන්ට DFCC බැංකුව වෙතින් පූර්ණ හෝ අර්ධ වශයෙන් මූල්‍ය සහය ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත. මේ සියල්ල, විශිෂ්ට තලයේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සපිරූ කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ අනිවාර්ය අංගයක් ලෙස හැඳින්විය හැකි වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව