DFCC බැංකුව වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සරයේදී තිරසාරත්වයේ වැදගත්කම අවධාරණය කරයි

DFCC Bank Spotlights Sustainability at 34th Anniversary of the Association of Professional Bankers

ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සර සමුළුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී “Forward Gear—Road to Economic Sustainability” යන තේමාව යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එහි ගරු ආරාධිතයා ලෙස සහභාගී විය.

 



 

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙන්ම මෙරට අනෙකුත් බැංකුවල ප්‍රධාන පෙළේ නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ. උත්සවය සංවිධානය කිරීමේ කටයුතුවලදීද DFCC බැංකුව ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළේ ය. එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා එහි ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහු වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ උප සභාපති ලෙසද කටයුතු කරයි. එමෙන්ම “Green Financing—The Road Ahead for Sri Lankan Banks” යන තේමාව යටතේ පැවති තාක්ෂණික සැසිය මෙහෙවයන ලද්දේ DFCC බැංකුවේ උප සභාපති (තිරසාරත්ව හා උපදේශන) නලින් කරුණාතිලක මහතා විසිනි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව