DFCC බැංකුව වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන්ට උපහාර පුදයි

DFCC

DFCC බැංකුව මෙවර ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු මවුවරුන් ඇගයීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. බැංකුව තුළ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ වැඩසටහනක්ද ඊට ඇතුළත් විය.

කාන්තාවන්ට, විශේෂයෙන්ම මවුවරුන්ට, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදු වේ. මෙම උත්සව මාලාව සංවිධානය කරන ලද්දේ, එලෙස කැපවෙමින් තම ජීවිතයේ අභියෝග ජයගන්නා කාන්තාවන් ඇගයීමට ලක්කිරීමේ අරමුණිනි. DFCC බැංකුව කවදත් විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය සඳහා මුල්තැන දෙන අතර, සෑම කෙනෙකුටම නිසි ඇගයුම් හිමි වන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා කැප වී සිටී. එම කැපවීමෙහි ඉදිරි පියවරක් ලෙස මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, එය කාන්තාවන් සමාජය තුළ දරන භූමිකා අතරින් අතිශය වැදගත් භූමිකාවක් වන මාතෘත්වය සම්බන්ධයෙන් ආයතනය තුළ ඇති ගෞරවය නැවත වරක් අවධාරණය කළ අවස්ථාවක්ද විය.

 



 

“මවුවරුන්ගේ දිනය සැමරීමට අමතරව, විශේෂයෙන්ම වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇතුළුව ආයතනයේ සියලුම මවුවරුන්ට ගෞරවය දැක්වීමට හැකි වීම අපට මහත් සතුටක්. ඔවුන් අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දෙමින්, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය මැනැවින් සමබර කරගැනීමට සමත් වී තිබෙනවා. එය කිසිසේත්ම පහසු දෙයක් නොවෙයි. ඒ සඳහා ආයතනයක් ලෙස ඔවුන්ට සහයෝගය ලබා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මවුවරුන් මෙතරම් සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් පුරා DFCC බැංකුවෙහි සේවයේ නිරතව සිටීම මගින් තහවුරු වන්නේ, ඔවුන්ට නිසි සහයෝගය ලබාදෙන ක්‍රමවේදයන් ඇතිකරමින් ආයතනය තුල සේවය කිරීමට සුදුසු වාතාවරණයක් ආයතනය තුළ පවත්වාගෙන යාමට අප සමත් වී ඇති බවයි. ඉදිරියටත් කාන්තාවන් සවිබල ගැන්වීම සහ ඔවුන්ට ජීවිතයේ විවිධ අවධි සහ භූමිකාවලදී නිසි සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ආදර්ශමත් ලෙස කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප්‍රධාන මානව සම්පත් නිලධාරී පදුම සුබසිංහ මහතා පැවසී ය.

මෙම වැඩසටහන් මාලාවේ එක් විශේෂ වැඩසටහනක් වූයේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පිරිසක් සහභාගී වූ සංවාදමය වැඩසටහනයි. මෙම වැඩසටහනට අධ්‍යාපන මනෝ වෛද්‍යවරියක, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා විශේෂඥවරියක සහ නයින්වෙල්ස් රෝහලේ වෛද්‍යවරියක වන වන නිලූ පෙරේරා, රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායිකාවක සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරික කාන්තාවක වන රමණි ප්‍රනාන්දු, DFCC බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී පදුම සුබසිංහ සහ උපදේශක මනෝ වෛද්‍යවරියක වන රොමේන් වීරසිංහ යන මහත්ම මහත්මීහු එක්වූහ.

මෙම සංවාදයේදී මුල් ළමාවිය සංවර්ධනය, එහිදී දෙමාපියන් වෙත පැවරෙන වගකීම් හා ආතතිය කළමනාකරණය කරගැනීම, ශරීර සෞඛ්‍යය හා යහපැවැත්ම ආරක්ෂා කරගැනීම මෙන්ම රැකියාව සහ පෞද්ගලික ජීවිතය සමබර කරගනිමින් ඵලදායී ලෙස රාජකාරි කළ හැකි පරිසරයක් DFCC බැංකුව තුළ පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර, රැකියාවන්හි නියුතු මවුවරුන් සවිබල ගැන්වීම සහ ආයතනයක් තුළ සහකම්පනය සහ අන්තර්කරණය පදනම් කරගත් ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාමේ වැදගත්කම වැනි කරුණු සාකච්ඡාවට බඳුන් විය. සංවාදයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක්ද පැවැත්විණි.

එමෙන්ම මෙහිදී ‘කල්‍යාණ’ සහය සේවා දුරකථන අංකය DFCC බැංකුවේ සාමාජික සාමාජිකාවන් වෙත හඳුන්වා දීමද සිදුකරන ලදි. උපදේශන සේවා සහ වෙනත් සහය සේවාවන් අවශ්‍ය පුද්ගලයන්ට මෙම සේවාව භාවිතා කළ හැකි වේ. DFCC බැංකුවේ සාමාජික සාමාජිකාවන්ට තම පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි, සිය පෞද්ගලික හා වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය සහය සහ මගපෙන්වීම මෙමගින් ලබාගත හැක.

මෙහිදී උත්සව සභාව ඇමතූ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා, බැංකුවේ සාර්ථකත්වය උදෙසා සමස්ත කාර්ය මණ්ඩලය ලබාදෙන සහයෝගය අගය කළ අතර, සිය සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිත අතර සමබරතාව වැඩිදියුණු කිරීම සඳහා සහ ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරලීම සඳහා බැංකුව දරන උත්සාහයද පැහැදිලි කළේ ය. එමෙන්ම වෘත්තීය දියුණුව සහ පෞද්ගලික යහපැවැත්ම ප්‍රවර්ධනය වන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා බැංකුව විසින් දරනු ලබන නිරන්තර ප්‍රයත්නයද ඔහු අවධාරණය කළේ ය.

සිය ආයතනික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, කාන්තා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින්, සිය ව්‍යාපාරික සහ මූල්‍යමය ක්‍රියාකාරකම් තුළින් කාන්තාවන්ට සහ මවුවරුන්ට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව නිරන්තරයෙන් උත්සාහ දරයි. එම උත්සාහය යටතේ DFCC බැංකුව මෙරට සියලුම තරාතිරම්වලට සහ ආදායම් මට්ටම්වලට අයත් කාන්තාවන් වෙනුවෙන් ‘DFCC ආලෝකා’ නමින් විශේෂ බැංකුකරණ සේවා විසඳුමක් හඳුන්වා දී තිබේ, මවුවරුන්, ශිෂ්‍යාවන්, රැකියාවන්හි නිරත වන කාන්තාවන්, ව්‍යවසයිකාවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවන් ඇතුළු සියලුම කාණ්ඩවලට අයත් කාන්තාවන් මුහුණ දෙන අභියෝග හඳුනාගෙන, එම අභියෝග ජයගන්නා අතරම ජීවිතයේ විවිධ අවධිවලදී ඔවුන්ට පැනනගින විවිධාකාර වූ අවශ්‍යතා සපුරාලන ආකාරයේ සේවාවන් ලබාදීමට ‘DFCC ආලෝකා’ කටයුතු කරයි.

මූල්‍ය සහය ලබාදීමට අමතරව, කාන්තාවන් අතර මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරමින් ඔවුන්ට දැනුවත්ව මූල්‍ය තීරණය ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව කැප වී කටයුතු කරමින් සිටී. තොරතුරු ලබාගැනීමේ පහසුකම් සැලසීම යනු සවිබලගැන්වීමේ මෙහෙවර තුළ අතිශය වැදගත් මෙවලමක් වන බැවින්, ඒ සඳහා අවශ්‍ය සම්පත් කාන්තාවන් වෙත සපයමින්, තමන්ට අවශ්‍ය පරිදි මූල්‍ය කටයුතු කළමනාකරණ කරගෙන තම ඉලක්ක ජයගැනීම සඳහා ඔවුන්ට අත්වැලක් වීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව