
DFCC බැංකුව Alliance Finance Company PLC (AFC) හි හරිත බැඳුම්කර නිකුතුව (Green Bond Issue) සඳහා රු. මිලියන 500 ක ආයෝජනයක් සිදුකරමින් එහි විශාලතම ආයෝජකයා බවට පත් විය. මෙම නිකුතුවේ සමස්ත වටිනාකම රු. බිලියනයක් වූ අතර, මෙම ආයෝජනය ඉන් හරි අඩකි. Lanka Rating Agency Limited මගින් A- ලෙස ශ්‍රේණිගත කර ඇති AFC හරිත බැඳුම්කර කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති අතර, ඉන් ලැබෙන මුදල් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කෙරේ.
DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය සේවාවන් පුළුල් කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙමින් සිටින අතර, මෙම ක්‍රමෝපායික ආයෝජනය එම උත්සාහයෙහි තවත් වැදගත් පියවරකි. මෙම බැඳුම්කර වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජනයන් හරහා ලැබෙන අරමුදල් පියසි මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සහ සූර්ය බලශක්ති උපකරණ සඳහා මූල්‍ය පහසුකම් සැපයීම වැනි අරමුණු සඳහා යෙදවීමට නියමිත අතර, එමගින් රටේ බලශක්ති ජනනය වඩාත් තිරසාර හා ස්ථාවර කිරීමට හැකි වනු ඇත.
“AFC බැඳුම්කරවල ආයෝජනය කිරීම යනු, ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමන වේගවත් කිරීම සඳහා අප දරන උත්සාහයේ තවත් එක් පියවරක්. පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් සඳහා අරමුදල් සපයා ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරන අතරම, ආර්ථිකයේ දීර්ඝකාලීන ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අපට හැකියාව ලැබෙනවා. තිරසාර මූල්‍යකරණය යනු තවදුරටත් හුදෙක් තෝරාගැනීමක් පමණක් නොවෙයි. එය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එම පරිවර්තනයේ පෙරමුණ ගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසීය.
තිරසාර මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වශයෙන් DFCC බැංකුව මෙරට තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ. හරිත බලශක්ති සංවර්ධනයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට මූල්‍ය පහසුකම් සපයන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රිඩ් මට්ටමේ සුළං, සූර්ය හා අපද්‍රව්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහාද DFCC බැංකුව සම මූල්‍ය පහසුකම් සම්පාදකයෙකු ලෙස කටයුතු කර ඇත. තවද DFCC බැංකුවේ හරිත බැඳුම්කර මේ වන විට Luxembourg Stock Exchange (LuxSE) හි ලැයිස්තුගත කර ඇති අතර Luxembourg Green Exchange (LGX) හි ප්‍රදර්ශනය කර තිබේ. මෙය තිරසාර මූල්‍යකරණය සම්බන්ධයෙන් DFCC බැංකුව සතු ගෝලීය පිළිගැනීම තවදුරටත් තහවුරු කරන සාධකයක් බවට පත් වී ඇත.
ඉදිරියටත් පාරිසරික හා ආර්ථික දියුණුවට වැදගත් වන තිරසාර මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව කැප වී සිටී. AFC හරිත බැඳුම්කර වැනි වැඩසටහන්වල දිගින් දිගටම ආයෝජනය කිරීම ඔස්සේ තිරසාර සංවර්ධනය දිරිගන්වන අතරම, ව්‍යාපාරවලටත් ප්‍රජාවන්ටත් වඩාත් පරිසර හිතකාමී හෙට දිනයක් උදාකර ගැනීමට අත්වැලක් වීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.