DFCC බැංකුව තම ATM ජාලය තවත් පුළුල් කරමින් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ MAS Intimates Unichela පරිශ්‍රයේ නව ATM යන්ත්‍රයක් විවෘත කරයි

DFCC

 

 

2022 ජනවාරි 28, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, තම දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ MAS Intimates Unichela පරිශ්‍රයේ නව MySpace ATM යන්ත්‍රයක් විවෘත කළේ ය. දිවයිනේ වැඩි පිරිසකට වඩාත් පහසුවෙන් තම මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි.

මෙම නව MySpace ATM යන්ත්‍රය මගින් MAS Intimates Unichela කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයට මෙන්ම ඒ අවට කර්මාන්තශාලා වල කාර්ය මණ්ඩල වලට, සතියේ සෑම දිනකම පැය විසි හතර පුරා තම මූල්‍ය සේවා අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය LankaPay ජාලයට සම්බන්ධ ATM යන්ත්‍රයක් වන නිසා DFCC බැංකුවේ මෙන්ම එම ජාලයට සම්බන්ධ අනෙකුත් ඕනෑම බැංකුවක ඩෙබිට් කාඩ්පතක් භාවිතයෙන් මුදල් ආපසු ගැනීමට සහ ශේෂය විමසීම මෙන්ම විදුලි හා ජල බිල්පත් ගෙවීම, SLT ස්ථාවර දුරකථන බිල්පත් ගෙවීම සහ ඩයලොග් හා මොබිටෙල් ජංගම දුරකථන රීලෝඩ් කිරීමද DFCC ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකළ හැක. මීට අමතරව DFCC Virtual Wallet භාවිතයෙන් කාඩ්පත රහිතව ශේෂය විමසීම සහ මුදල් ආපසු ගැනීම, DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීම් කිරීම සහ DFCC ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් තුන්වන පාර්ශ්වයන් සතු DFCC ගිණුම් වෙත මුදල් මාරු කිරීම වැනි සේවාවන් රාශියක්ද මෙම MySpace ATM යන්ත්‍රය භාවිතයෙන් ලබාගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසී ය. “අපගේ සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ MAS Intimates Unichela පරිශ්‍රයේ නව ATM යන්ත්‍රයක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් හා විශිෂ්ට අත්දැකීම් පෙළක් තිළිණ කිරීමට අප සෑම විටම දැඩි අවධානයක් යොමුකරනවා. කාටත් ගැළපෙන බැංකුව ලෙස කවදත් අපගේ ඉලක්කය වූයේ අපගේ බැංකු හා මූල්‍ය සේවාවන් වැඩි පිරිසක් වෙත සමීප කරවීමයි. මේ නව MySpace ATM යන්ත්‍රය, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ සේවය කරන කාටත් ඉමහත් පහසුවක් වේවි. එමගින් ඔවුන්ට DFCC බැංකුවේ ජාත්‍යන්තර තලයේ සේවාවන් තුළින් හිමිවන සියලුම ප්‍රතිලාභ වඩාත් පහසුවෙන් අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.”

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව