DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවතම ආකාරයක මාසික විද්‍යුත් දින දර්ශනයක් හඳුන්වා දෙයි

E Calender

 



 

 

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණශීලී නවතම මාසික විද්‍යුත් දින දර්ශනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සෑම විටම නවීන තාක්ෂණයට මුල්තැන දෙමින් ඩිජිටල් බැංකු සේවාවන් ප්‍රවර්ධනය කරන බැංකුවක් වශයෙන්, ලොව සිදුවන සීඝ්‍ර වෙනස්කම් වලට අනුගත වීමට ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස DFCC බැංකුව මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙම විද්‍යුත් දින දර්ශනය මඟින් ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ නවතම සේවාවන් හා දීමනා ආදිය පිළිබඳ තොරතුරු මෙන්ම, එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා වලදී අතිශයින් වැදගත් වන ඩිජිටල් මෙවලම් එකතුවක්ද අඩංගු කර තිබේ.

නව විද්‍යුත් දින දර්ශනය සඳහා වන යොමුව (Link) 2023 ජනවාරි 01 සහ 2023 පෙබරවාරි 01 යන දිනවල DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට SMS මගින් යවන ලද අතර, ඉදිරියේදී සෑම මසකම ආරම්භයේදීම මෙම යොමුව (Link) තම ගනුදෙනුකරුවන්ට ලබාදෙනු ඇත. මෙම යොමුව (Link)  ඔස්සේ, අදාළ මාසය තුළ DFCC බැංකුව පිරිනමන කාඩ්පත් දීමනා සහ අනෙකුත් තොරතුරු ඇතුළත් අන්තර්ක්‍රියාකාරී දින දර්ශනයකට පිවිසිය හැකි වේ. මෙය DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.

“ඩිජිටල් තාක්ෂණයේ දියුණුව සහ කඩදාසි වල වැදගත්කම අවම වීම පසුගිය වසර කිහිපය තුළ පෙර නොවූවිරූ වේගයකින් සිදු වී තිබෙනවා. වර්තමාන ලෝකය යනු තොරතුරු වේගයෙන් වෙනස් වන තැනක්. එමෙන්ම, අපගේ තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ, පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමේ පියවරක් වශයෙන්, කඩදාසි භාවිතය අවම කිරීමට අප කැප වී සිටිනවා. මේ ආකාරයට අන්තර්ක්‍රියාකාරී විද්‍යුත් දින දර්ශනයක් හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි.  මෙමගින් ගනුදෙනුකරුවන්ට අපගේ සේවාවන් පිළිබඳ වැදගත් තොරතුරු ඉක්මනින් දැනගැනීමට හැකි වනවා. එමෙන්ම එය අපට මාස්පතා ඔවුන් සමග සමීපව සම්බන්ධ වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. මෙමඟින් අදාළ මාසය තුළ අප හඳුන්වා දෙන සේවාවන් සහ දීමනා ඇතුළු තොරතුරු රාශියක් ඔවුන් වෙත ඉක්මනින් හා පහසුවෙන් සන්නිවේදනය කිරීමට අපට පුළුවන්.” DFCC බැංකුවේ උප සභාපතිනි/ අලෙවි හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

DFCC බැංකුව යනු පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය ගනුදෙනු, ඉතුරුම් හා ආයෝජන සේවාවන් පිරිනමන, පූර්ණ වාණිජ බැංකුවකි. මෙම සේවාවන් සැපයීම සඳහා DFCC බැංකුව නවීන තාක්ෂණය සහ ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘Sustainability Strategy 2030’ නමින් තිරසාරත්ව ක්‍රමෝපායක් හඳුන්වා දෙන ලද්දේද DFCC බැංකුව විසිනි. වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා තිරසාර සංවර්ධන කටයුතු සඳහා වන දායකත්වයක් දැක්වීමට DFCC බැංකුව අපේක්ෂා කරන ආකාරය මෙම ක්‍රමෝපාය තුළ පැහැදිලිව දක්වා ඇති අතර, එහි මූලික අරමුණ වන්නේ ඉදිරි දශකයක පමණ කාලය තුළ DFCC බැංකුවට සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි අනපේක්ෂිත අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ය. 2030 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ හරිත මූල්‍යකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බැංකුවක් මෙන්ම පරිසරයට හානි කරන කාබන් පිට නොකරන (Carbon-neutral) බැංකුවක් බවට පත්වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව