DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

PHOTO-2021-03-24-10-17-33

 




 

 

2021 මැයි 18: DFCC බැංකුව, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ, ශ්‍රී ලංකා රජයේ අනාගත ඩිජිටල් සැලසුම් වලට උරදීමේ පියවරක් වශයෙන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව DFCC බැංකුවට තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති, ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කරගැනීමේ මාර්ගගත පද්ධතිය භාවිතා කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙමගින් ගනුදෙනුකරුගේ අනුමැතිය ඇත්නම්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය භාවිතා කරමින් ඔහුගේ හෝ ඇයගේ තොරතුරු ක්ෂණිකව තහවුරු කරගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබේ.

ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම යනු බැංකුකරණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයකි. මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය වීම මගින් DFCC බැංකුවට සිය ගනුදෙනුකරුවන් සම්බන්ධ නිවැරදි තොරතුරු ඉක්මනින් ලබාගැනීමට හැකිවී ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අනුව, ගනුදෙනුකරු සිය අනුමැතිය ලබාදුන් පසු, අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත සම්බන්ධ දත්ත සහ ඡායාරූප ආදිය පරීක්ෂා කිරීමට DFCC බැංකුවට හැකියාව ලැබේ. මේ නිසා මින් ඉදිරියට ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ ගිණුම් විවෘත කිරීම හෝ වෙනත් සේවාවන් ලබාගැනීම සඳහා බැංකු ශාඛා වෙත පැමිණීම සහ මුද්‍රිත ආකෘති පත්‍ර පිරවීම අවශ්‍ය නොවේ. මෙමගින් පාරිභෝගික සේවාවන් මුළුමනින්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලබාදීමට හැකිවන අතර එය අදාළ සේවාවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දීමටත් බෙහෙවින් උපකාරී වනු ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරන බැංකුවක් ලෙස DFCC බැංකුව ඉදිරියෙන්ම සිටින අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට බැංකු ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙන ලද මෙම නව මාර්ගෝපදේශ ඉක්මනින්ම ක්‍රියාවට නැංවීමට DFCC බැංකුවට හැකිවීම ඊට මනා සාක්ෂියකි. මේ ආකාරයට නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීමට DFCC බැංකුව නිරන්තරයෙන් පියවර ගැනීම මගින් එහි ගනුදෙනුකරුවන්ට හිමිවන සේවාවන්ගේ කාර්යක්ෂමතාව හා පහසුව දිනෙන් දින ඉහළ යනු නොඅනුමාන ය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව