DFCC බැංකුවේ වෙබ් අඩවිය BestWeb.lk සම්මාන උළෙලේදී සම්මාන 3 කින් පිදුම් ලබයි

Image 01

 



 

 

 

2022 මැයි 16 කොළඹ: පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට සම්මාන 3 ක් හිමි විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල 2009 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම බැංකු සේවා වෙබ් අඩවිය (රන් සම්මානයක් පිරිනැමීම සිදු නොකෙරිණි), විශිෂ්ටතම සිංහල භාෂා වෙබ් අඩවිය (සමස්ත) සහ විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය (සමස්ත) යන කාණ්ඩ වල රිදී සම්මාන DFCC බැංකුවේ වෙබ් අඩවිය වෙත හිමි විය.

මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීම DFCC බැංකුව දැක්ම වන අතර, එම උත්සාහයේ කොටසක් වශයෙන් DFCC වෙබ් අඩවිය, පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන, පහසුවෙන් භාවිතා කළ හැකි, කාර්යක්ෂම හා වේගවත් වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කර තිබේ. මේ නිසා DFCC වෙබ් අඩවිය මෙරට බැංකු ක්ෂේත්‍රයේ බෙහෙවින් කැපීපෙනෙන වෙබ් අඩවියක් බවට පත් වී ඇත. ගනුදෙනුකරුවන්ට අදාළ වන පරිදි නවතම තොරතුරු ඔවුන් වෙත සැපයීම සඳහා තම වෙබ් අඩවියේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සංස්කරණයන් එකිනෙකින් ස්වාධීනව පවත්වාගෙන යාමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ.

සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ගනුදෙනුකරුවන්ට වඩාත් පරිපූර්ණ සේවාවක් සපයන අතිනවීන හා පහසුවෙන් භාවිතා කළ හැකි වෙබ් අඩවියක් ලෙස සැලසුම් කර තිබීම, DFCC බැංකුවේ වෙබ් අඩවිය වෙත මේ ආකාරයට BestWeb.lk සම්මාන හිමිවීමට ප්‍රධානතම හේතුවක් විය. එමෙන්ම පසුගිය වසරක පමණ කාලය තුළ, සිය තිරසාරත්ව ඉදිරි ගමනේ අරමුණු වලට සමගාමීව, ගනුදෙනුකරුවන්ට හැකිතාක් දුරස්ථ ක්‍රමයට සේවාවන් ලබාගත හැකි ආකාරයට තම වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ.

2020 BestWeb.lk සම්මාන උළෙලේදීද DFCC බැංකුවේ වෙබ් අඩවියට වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය සම්මානය සමග බැංකුකරණ කාණ්ඩයේ විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය (ලෝකඩ සම්මාන) සහ විශිෂ්ටතම සිංහල භාෂා වෙබ් අඩවිය (කුසලතා) යන සම්මාන හිමි විය. BestWeb.lk 2022 අදියර සඳහාද ළඟදීම අයදුම්පත් භාරගැනීමට නියමිතව පවතින අතර, ඒ සඳහාද අයදුම් කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

“2021 BestWeb.lk සම්මාන උළෙලේදී මේ ආකාරයට ඇගයීමට ලක්වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. DFCC වෙබ් අඩවිය යනු, අපගේ සේවාවන් පිළිබඳ තොරතුරු සොයන ගනුදෙනුකරුවන් මුලින්ම පිවිසෙන තැනක්. එම නිසා, ඕනෑම කෙනෙකුට ගැළපෙන ආකාරයට, ජංගම දුරකථන ඔස්සේ වඩාත් පහසුවෙන් පරිශීලනය කළ හැකිවන පරිදි එය සැලසුම් කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ‘W3C Web Content Accessibility’ මාර්ගෝපදේශ මාලාවට අනුව, දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට පවා ඕනෑම උපාංගයකින් පිවිසිය හැකි ආකාරයට අපගේ වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා. තවද එය භාෂා තුනෙන්ම සැලසුම් කර තිබෙන නිසා, කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට එය පරිශීලනය කිරීමට පුළුවන්. මීට අමතරව, 2021  Google Core Web Vital යාවත්කාලීන කිරීම් වලට අනුකූලව මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමටත් අප කටයුතු කළා.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.

මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් වඩාත් දැනුවත් ලෙස තීරණ ගැනීමට ගනුදෙනුකරුවන්ට උපකාරී වන මෙවලම් රැසක්ද DFCC බැංකුවේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. මෙම මෙවලම් භාවිතයෙන් ආදායම් බදු, නිවාස ණය සහ ලීසිං ආදිය සම්බන්ධ ගණනය කිරීම් ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් සිදුකළ හැකි වේ. මීට අමතරව මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් තම දැනුම වැඩිකර ගැනීම සඳහා ජනතාවට වැදගත් වන කරුණු රාශියක්ද මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. තවද මෙම වෙබ් අඩවිය හරහා DFCC බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසී බැංකුව සමග සම්බන්ධ වීමටත්, දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය සම්බන්ධ තොරතුරු තම ඩිජිටල් දින දර්ශන වලට ඇතුළත් කරගැනීමටත්, ‘DFCC Chatz’ චැට්බොට් සේවාව ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගැනීමටත් ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව