DFCC බැංකුව සහ Mastercard එක්ව ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දෙයි

DFCC Bank MasterCard IPG (LBN Fill)

 



 

 

 

2022 ජූනි 22, කොළඹ: ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ. ඒ අනුව DFCC ගනුදෙනුකරුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමටත්, ඒ සඳහා Mastercard ගෙවීම් ක්‍රියාවලිය ඔස්සේ ගෙවීම් භාරගැනීමටත් අවස්ථාව හිමි වී ඇත.

Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම ක්‍රියාත්මක කිරීම DFCC බැංකුවේ ඩිජිටල් පරිවර්තනයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. රටම ඩිජිටල් ආර්ථිකයක් වෙත යොමුවෙමින් සිටින මේ මොහොතේ DFCC බැංකුව දිගින් දිගටම මේ ආකාරයට බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් ඉදිරි ගමන තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී.

විශේෂයෙන්ම එකිනෙකට වෙනස් වටිනාකම් අනුව තම නිෂ්පාදන සඳහා මිල නියම කරන සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මෙම සේවාව භාවිතා කළ හැකි වේ. මෙය එම ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගනිමින් රටේ ඩිජිටල් ආර්ථිකයට දායක වීමට ලැබෙන මහඟු අවස්ථාවකි. Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම භාවිතා කිරීම මගින් මෙම ව්‍යාපාර වලට තමන් නිතිපතා ව්‍යාපාර කටයුතු සිදුකරන මාධ්‍ය වලදී ඉලෙක්ට්‍රොනිකව ගෙවීම් භාරගැනීමට හැකියාව ලැබේ. මේ යටතේ එක් එක් ව්‍යාපාරයේ අවශ්‍යතාවන්ට අනුව සේවාව සැලසුම් කිරීමට DFCC බැංකුවට අවස්ථාව ලැබෙන අතර, එය එම ව්‍යාපාර වලට විශාල පහසුවක් සලසමින් අවදානම් සාර්ථක ලෙස කළමනාකරණය කිරීමටද ඉඩකඩ සලසා දෙයි.

“පුළුල් පරාසයක ගෙවීම් විකල්ප සහිත විශ්වාසනීය හා සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් සඳහා දැඩි අවශ්‍යතාවක් පවතින බව අප හොඳින් දන්නවා. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා මේ ආකාරයට, ලොව ජනප්‍රියම ගෙවීම් සේවාවක් වන Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් සේවාවන් සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම දෙනාට විශාල පහසුවක් අත්කර දෙනු ඇතැයි කියා අප සිතනවා. මෙමගින් එම ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර පුළුල් කරගැනීමටත්, රට පුරා තම නිෂ්පාදන හා සේවාවන් ව්‍යාප්ත කිරීමටත් අවස්ථාව ලැබේවි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය හරහා සේවා සම්පාදකයන් සමග අත්වැල් බැඳගනිමින් ගෙවීම් භාරගැනීමේ අවස්ථාවන් වැඩි කිරීමටත්, නැගී එන වෙළඳපොළ කාණ්ඩ වෙත පිවිසීමටත් DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

“ව්‍යාපාර වලට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් භාරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කරමින් සිටින DFCC බැංකුව සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය එම ව්‍යාපාර වලට වැඩි පාරිභෝගික පිරිසක් සමග ගනුදෙනු කිරීමටත්, නව ඩිජිටල් ගෙවීම් යුගයේ තරගකාරීත්වයට මුහුණ දීමටත් ලැබෙන අගනා අවස්ථාවක්. Mastercard සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි සුරක්ෂිත මුදල් ගෙවීම් සේවාවන් පිරිනැමීමටයි.” Mastercard හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා පැවසී ය.

අලුතින් ක්‍රියාවට නංවන ලද Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකමෙහි ඇති අතිනවීන හා ඉහළ තලයේ API නිසා එය ඉතාමත් පහසුවෙන් විද්‍යුත් වාණිජ වෙබ් අඩවි හා ජංගම යෙදවුම් සමග සම්බන්ධ කළ හැකි වේ. මෙහි එක් ප්‍රධානතම අංගයක් වන ‘Simplified Commerce’ සේවාව, එලෙස වාණිජ වෙබ් අඩවියක් හෝ ගිණුමක් ඉතාමත් පහසුවෙන් Mastercard ගෙවීම් ද්වාරය සමග සම්බන්ධ කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙමගින් සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මෙහෙයුම් පිරිවැය අවම වන අතර, ඔවුන්ට තම ව්‍යාපාර වල වඩාත් වැදගත් අංශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ හැකි වේ. මෙහි අතිනවීන සුරක්ෂිත ත්‍රිමාණ ගෙවීම් ක්‍රමයක් වන 3DS 2.0 (EMV 3DS) විසඳුම් භාවිතා කළ හැකි අතර එමගින් ගනුදෙනුව සිදුකරන විට කාඩ්පත් හිමියාගේ අනන්‍යතාව තහවුරු කිරීම අතිශයින් පහසු කරයි.

මෙම අතිරේක ආරක්ෂක ක්‍රමවේදය, අනවසර ගනුදෙනු සහ වංචාවන්ගෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීමට සමත් ය. එමෙන්ම මේ සමග WooCommerce, OpenCart, Prestashop සහ Magento වැනි ජනප්‍රිය plug-ins භාවිතා කළ හැකි අතර, නැවත නැවත සිදුකරන ගෙවීම් සඳහා tokenization විසඳුමක් භාවිතා කළ හැකි වේ. තවද Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම නවීනතම තාක්ෂණයන්ගෙන් යුක්ත වන නිසා එය මුහුණට මුහුණ ලා සිදුකරන ගෙවීම් භාරගැනීම සඳහා Android Point of Sale (PoS) යන්ත්‍ර සමගද සම්බන්ධ කළ හැක.

මීට අමතරව මෙම සේවාව භාවිතා කරන ව්‍යාපාරවලට පහසුවෙන් භාවිතා කළ හැකි කොන්සෝලයක් මගින් තත්කාලීන ගනුදෙනු නිරීක්‍ෂණය කිරීම සහ වාර්තා ලබාගැනීම සිදුකළ හැකි වේ. මෙමගින් ඔවුන්ට අනුමත වූ ගෙවීම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා ගනිමින්, තම මූල්‍ය කටයුතු නිසි පාලනයකින් යුතුව පවත්වා ගත හැක. එමෙන්ම මාර්ගගත යෙදවුම් බහුතරයක් සමග Mastercard ගෙවීම් ද්වාරය ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කිරීමේ හැකියාව පවතී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව