DFCC බැංකුව, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සඳහා විශේෂ ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

image (1) (2) (LBN)

 



 

 

DFCC බැංකුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දී තිබේ. මෙමගින් එම ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට සාම්ප්‍රදායික ක්‍රෙඩිට් කාඩ්පතක සීමාවෙන් ඔබ්බට ගිය ප්‍රතිලාභ රාශියක් හිමි වනු ඇත. මෙය රටේ පිළිගත් ආයතන හා සංවිධාන සඳහා සුවිශේෂී වූ මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහයේ තවත් පියවරකි.

මෙම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තෝරාගත් අලෙවිසැල්වලදී වසර පුරාම වට්ටම් හිමි වන අතර, ඔවුන් වැය කරන සෑම රු. 100/- කටම 1% ක Cashback දීමනාවක් ඔවුන්ගේ DFCC ගිණුම්වලට බැර වේ. එමෙන්ම ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම පහසු කිරීම සඳහා මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමද ඔවුන් වෙනුවෙන් හඳුන්වා දී ඇත. මීට අමතරව, කාඩ්පත් හිමියන් සිය ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් වැයකරන මුදල්වලින් සහ එම කාඩ්පත් සඳහා අය කෙරෙන වාර්ෂික ගාස්තුවලින් කොටසක් ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙත හිමි වීම, එම සංගමයට ලැබෙන මහඟු අත්වැලක්ද වනු ඇත.

“ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමට අප කැප වී සිටිනවා. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය එම උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මේ ආකාරයට ඉතාමත් කාර්යක්ෂම ලෙස ගනුදෙනු කරන අතරම ප්‍රතිලාභ රාශියක් හිමිකරගත හැකි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්.” DFCC බැංකුවේ උප සභාපති සහ කාඩ්පත් ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

DFCC බැංකුව මේ වනවිට තම ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි Mastercard සහ Visa ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග රැසක් හඳුන්වා දී තිබේ. මෙම සෑම කාඩ්පතක්ම සැලසුම් කර ඇති එහි ඉලක්කගත ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී වූ අවශ්‍යතාවන් මැනැවින් සපුරාලන ආකාරයට ය. DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම ඔවුන්ට Cashback දීමනාවක් හිමි වන අතර, කාඩ්පත් වර්ගය අනුව තවත් සුවිශේෂී ප්‍රතිලාභ හා දීමනා රාශියක් හිමි වේ. එමෙන්ම අවම සේවා ගාස්තුවක් යටතේ වෙනත් ක්‍රෙඩිට් කාඩ්පත්වල ශේෂයන් DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙත මාරු කිරීමේ පහසුකම් සලසා දී ඇති අතර, කාඩ්පත් සඳහා ඉක්මනින් හා පහසුවෙන් ණය පහසුකම් ලබාගැනීමද සිදුකළ හැක.

DFCC බැංකුව සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, දෙපාර්ශ්වය අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රාශියක් හිමි කර දෙන පියවරක් වනු නො-අනුමාන ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව