DFCC බැංකුව මෙරට තේ අංශයේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික සවිබලගැන්වීම සඳහා නව උපායමාර්ගික මුලපිරීමක් දියත් කරයි

Image

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව, මෙරට තේ නිෂ්පාදනය ක්ෂේත්‍රය තුළ මූල්‍යමය දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථික සවිබලගැන්වීමට දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූහ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වීමේ එක් පියවරක් ලෙස DFCC බැංකුව මෑතකදී බලංගොඩ විකිලිය තේ කම්හලේ 28වන පෙළ කළමනාකරුවන් දැනුවත් කිරීමේ සැසියක් සාර්ථකව පැවැත්වීය. ඒ සඳහා සහභාගී වූ නිලධාරීන් තේ කර්මාන්තශාලා හා කුඩා තේ සැපයුම්කරුවන් අතර සබඳතා වැඩිදියුණු කරන ක්ෂේත්‍ර මට්ටමේ නායකයින් වේ.

DFCC බැංකුව මෙම සැසිවාරය මගින් ජාල මූල්‍යකරණ විසඳුම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන් අතර, ඊට සරිලන පරිදි සැලසුම් කළ ණය නිෂ්පාදන ඒ සඳහා සුදුසුකම් ලැබීමේ මාර්ගෝපදේශයන්, සහ කුඩා පරිමාණ වගාකරුවන්ගේ ක්‍රියාකාරී අවශ්‍යතාවලට ගළපා ගත් මූල්‍ය මෙවලම් ඇතුළත් විය. DFCC බැංකුවේ අරමුණ වන්නේ මෙම සැසි තුළින් ලබාදුන් දැනුම් සම්භාරය මගින් නිලධාරීන් සන්නද්ධ කිරීම හරහා, ශ්‍රී ලංකාවේ එක් ප්‍රමුඛ නිෂ්පාදන අපනයන කර්මාන්තයකට සීමා නොවී බහු ප්‍රවේශ ඇති කිරීමටයි.

මෙම ආරම්භය, ග්‍රාමීය බැඳීම, සහ අංශ-විශේෂිත මූල්‍ය විසඳුම් හරහා SMEs සහ MSMEs සඳහා සහාය වීමට DFCC බැංකුවේ අඛණ්ඩ උත්සාහයේ තවත් එක් සුවිශේෂී පියවරක් පෙන්නුම් කරයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව