DFCC බැංකුව මුදල් කළමනාකරණ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ‘Asiamoney’ සම්මාන දෙකකින් පිදුම් ලබයි

Asia Money Logo (1)

2021 පෙබරවාරි 08, කොළඹ: ශ්‍රී ලංකාවේ පුරෝගාමී මූල්‍ය ආයතනයක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2020 ‘Asiamoney’ සමීක්ෂණයේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට DFCC බැංකුව පසුගියදා සමත් විය. ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා (දේශීය බැංකු)’ [Market Leader in Cash Management Sri Lanka (Domestic Banks)] සහ ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණ සේවා සඳහා විශිෂ්ටයා’ (Best for Services in Cash Management – Sri Lanka) යන සම්මාන මෙලෙස DFCC බැංකුව වෙත හිමිවී තිබේ. එම බැංකුව විසින් හඳුන්වා දෙන ලද පුරෝගාමී ගෙවීම් හා මුදල් කළමනාකරණ විසඳුමක් වන DFCC iConnect සේවාව වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලදි.

Euromoney සමූහ ව්‍යාපාරය හා සම්බන්ධ Asiamoney සඟරාව ආසියා පැසිෆික් කලාපයේ මූල්‍ය, බැංකුකරණ, ආයෝජන හා භාණ්ඩාගාර ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛතම අධිකාරියක් ලෙස සැලකෙන අතර කලාපයේ ප්‍රමුඛතම සමාගම්, බැංකුකරුවන්, තැරැව්කරුවන්, ආයෝජකයන්, නියාමකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් වැනි පිරිස් එම සඟරාව පරීශීලනය කරති. 2020 අවසන් කාර්තුවේදී Euromoney මගින් සිදුකරන ලද සමීක්ෂණයක් පදනම් කරගෙන  Asiamoney සම්මාන උළෙලේ සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. මෙම සමීක්ෂණයේ සුවිශේෂීම ලක්ෂණයක් වූයේ එය ඉතා ගැඹුරු මට්ටමින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයක් වීම ය. මෙහිදී මූලික වශයෙන් නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර 20 ක් තුළ, තමන් ගනුදෙනු කරන දේශීය හා ජාත්‍යන්තර බැංකු විසින් සපයන ලද සේවාවන්හි තත්ත්වය වර්ගීකරණය කිරීමට සමාගම් හා ආයතන වලට අවස්ථාව ලැබිණි.

වසර 3 ක් තරම් කෙටි කාලයක් තුළ මේ ආකාරයට තරගකරුවන් අභිභවා ජනප්‍රියම මුදල් කළමනාකරණ සේවාවක් ලෙස ඇගයීමට ලක්වීම DFCC iConnect සේවාව ලද සුවිශේෂී ජයග්‍රහණයකි. DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙම සමීක්ෂණය තුළදී තම ප්‍රතිචාර ලබාදීමට අවස්ථාව ලැබුණු අතර එම ප්‍රතිචාර අනුව මෙම සම්මාන හිමිවී තිබේ. මේ අනුව බලන විට, සමකාලීන ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන්ට ගැළපෙන සහ ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා විශිෂ්ට වූ සේවාවක් ලබාදෙමින්, ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය බැංකුව ලෙසද ඇගයීමට ලක්වීමට ‘කාටත් ගැළපෙන බැංකුව’ විරුදාවලිය ලත් DFCC බැංකුව සමත් වනු ඇත.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, DFCC බැංකුවේ  ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “Euromoney Cash Management සමීක්ෂණය මගින් අප වෙත හිමිවූ ඇගයීමට සමගාමීව මේ ආකාරයට Asiamoney සම්මාන උළෙලේදී සම්මාන වලින් පිදුම් ලැබීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම සම්මාන අපගේ උත්සාහයන්ට ලැබුණු වටිනාම ඇගයුමක් බව DFCC බැංකුවේ අප සියලුම දෙනාගේ අදහසයි. ඉතාම තරගකාරී වෙළඳපොළක් තුළ DFCC iConnect සේවාව වසර 3 ක කාලයක් ක්‍රියාත්මක වුණා. මේ කාලය තුළ දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට අපට හැකියාව ලැබී තිබෙන අතරම,  මෙම සේවාව මුදල් කළමනාකරණය ක්ෂේත්‍රය තුළ DFCC නාමය ඉහළින්ම රැඳවීමට සමත් වී ඇති බව කියන්නට පුළුවන්.”

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව  2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව