DFCC බැංකුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත සහ වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන ගිණුම් විවෘත කරන මෙරට ප්‍රථම බැංකුව බවට පත්වෙයි.

screencapture-dfcc-lk-open-account-onlinewith QR2

 




 

 

2021 ජූනි 14, කොළඹ: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා නවතම ක්‍රමවේදයන් දෙකක් භාවිතයට ගැනීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ වලට අනුකූලව, නව ගිණුම් විවෘත කිරීමේදී ගනුදෙනුකරුවන් හා සම්බන්ධ වීමට වීඩියෝ ඇමතුම් ක්‍රමය භාවිතා කිරීමටත්, අනන්‍යතාව තහවුරු කිරීමේදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාව භාවිතා කිරීමටත් DFCC බැංකුව කටයුතු කරනු ඇත. 2021 මැයි මාසයේ සිට මෙම නව විධිවිධාන ක්‍රියාත්මක කර ඇති අතර දැනටමත් ගනුදෙනුකරුවන් රාශියක් මේ යටතේ ගිණුම් විවෘත කර තිබේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම නිවෙස් වල සිටම, තමන් කැමති ඩිජිටල් උපාංගයක් භාවිතා කරමින් සම්බන්ධ විය හැකි නිසා, COVID-19 ව්‍යාප්තියේ තුන් වැනි රැල්ලට රට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී, මෙය සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් කාලෝචිත පියවරක් ලෙසද හැඳින්විය හැකි ය.

මෑතකදී හඳුන්වා දුන් මෙම NF2F ඩිජිටල් ගිණුම් විවෘතකරණ ක්‍රියාවලිය තුළදී ගනුදෙනුකරු හා සම්බන්ධ වීමට, DFCC බැංකුවේ අති-නවීන වෙබ් අඩවිය හරහා ලබාදෙන “DFCC Video Chatz“ සේවාව භාවිතා කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව, කිසිදු අවස්ථාවක බැංකු ශාඛාවක් වෙත පැමිණීමකින් තොරව මාර්ගගත (Online) ක්‍රමයට ගිණුම් විවෘත කිරීමට හැකි වන ආකාරයට මෙම ක්‍රියාවලිය සැලසුම් කර ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත මගින් ක්ෂණිකව ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගත හැකි නිසා මෙම ක්‍රියාවලිය තවත් පහසු වේ. මෙම ක්‍රමවේදය ඔස්සේ ඉතුරුම් ගිණුම්, විදේශ මුදල් ගිණුම්, ස්ථාවර තැන්පතු, සහ විශේෂ තැන්පතු ගිණුම් යනාදිය අතථ්‍ය (Virtual) ක්‍රමයට විවෘත කළ හැකි ය. මූලික පියවරෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ අනුව e-KYC ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා, තමන්ට පහසු වේලාවක DFCC බැංකුවේ නියෝජිතයෙකු සමග වීඩියෝ ඇමතුමක් ඔස්සේ සම්බන්ධ වීමට ගනුදෙනුකරුට අවස්ථාව හිමි වේ.

ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් අත්කර දීමට අමතරව මෙම ක්‍රියාවලිය, කඩදාසි භාවිතය අවම කරමින් වඩාත් පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම ඉලක්ක කරගත් DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායන්ට සමගාමී වන පියවරක් ලෙසද හැඳින්විය හැකි ය.

NF2F ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “බැංකු ක්ෂේත්‍රය ඩිජිටල් පරිවර්තනය වැළඳ ගනිමින් සිටින මෙවන් යුගයක, NF2F ක්‍රමවේදය මගින් ගනුදෙනුකරුවන්ට පෙර නොවූවිරූ පහසුවක් අත්වෙනවා. අප තාක්ෂණ නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින නිසා, අපගේ විසඳුම ක්ෂේත්‍රයට ආදර්ශයක් බවට පත්වේවි. ඒ වගේම DFCC බැංකුව මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් බව මෙමගින් නැවත වරක් සනාථ වෙනවා. මෙහි අතුරු මුහුණත (Interface) ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස සැලසුම් කර ඇති නිසා, ස්මාර්ට් දුරකථන සහ ටැබ්ලට් ඇතුළු ඕනෑම ඩිජිටල් උපාංගයක් භාවිතා කර මාර්ගගත අයදුම් පත්‍රය පිරවීම මගින්, ගනුදෙනුකරුවන්ට තමන් කැමති ශාඛාවක ගිණුමක් විවෘත කිරීමට පුළුවන්. ඒ නිසා, ගිණුමක් විවෘත කිරීම සඳහා තවදුරටත් බැංකු ශාඛාවක් වෙත පැමිණීම අවශ්‍ය වන්නේ නැහැ.”

නව ඩිජිටල් ක්‍රියාවලිය ඔස්සේ DFCC බැංකුවේ Winner ඉතුරුම් ගිණුම්, Extreme Money Market ගිණුම්, Float Money Market ගිණුම්, සුප්‍රීම් වාසි ඉතුරුම් ගිණුම්, මෙගා බෝනස් ඉතුරුම් ගිණුම්, ගරුසරු ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු සහිත සාමාන්‍ය SDA ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු සහිත SDA සුප්‍රීම් වාසි ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු සහිත SDA Extreme Money Market ඉතුරුම් ගිණුම් යනාදී ගිණුම් වර්ග රාශියක් විවෘත කළ හැකි වේ.

එමෙන්ම ඇමරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විස් ෆ්‍රෑන්ක්, කැනේඩියානු ඩොලර්, ඕස්ට්‍රේලියානු ඩොලර්, යූරෝ සහ චීන යෙන් ඇතුළු අනුමත විදේශ මුදල් වර්ග වලින් පෞද්ගලික විදේශ මුදල් ගිණුම්,  ස්ථාවර තැන්පතු සහිත SDA විදේශ මුදල් ගිණුම්, ස්ථාවර තැන්පතු සහිත SDA සුප්‍රීම් වාසි ඉතුරුම් ගිණුම්, සහ ස්ථාවර තැන්පතු සහිත SDA Extreme Money Market විදේශ මුදල් ගිණුම් ඇතුළු විදේශ මුදල් ගිණුම් වර්ගද විවෘත කිරීමට අවස්ථාව සලසා දී ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව