Dell Technologies වෙතින් නව සාමාන්‍ය තත්ත්වය තුළ පරිශීලකයින්ගේ කටයුතු පහසු කිරීමට නිෂ්පාදන පෙළක්

dell

 පරිශීලක අවශ්‍යතාවන් පිළිබඳ නිරතුරුවම අවධානය යොමු කරන Dell Technologies, පරිහරණයේ පහසුව, ඉහළ ක්‍රියාකාරිත්වය, අලංකාර නිමාව ආදී පරිශීලකයින් අපේක්ෂා කරන විශේෂාංග කෙරෙහි මුල් තැන දෙමින්, ඔවුන්ගේ ජීවන රටාවට ගැලපෙන නිෂ්පාදන හඳුන්වා දීමට උත්සුක වේ. සමාගම විසින් මෑතකදී නිවසේ සිට වැඩකටයුතු කිරීම පහසු කරලනු පිණිස අත්‍යවශ්‍ය විශේෂාංග මාලාවක් හඳුන්වා දුන් අතර, මේ වන විට ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව බොහෝ ආයතන අනුගමනය කරන Work From Home ආකෘතිය අනුව  සියලු  වැඩ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා එම විශේෂාංග මගින් පහසුව සලසා දී තිබේ.  වෙනස්වන පාරිභෝගික රටාවන්ට ගැලපෙන නිෂ්පාදන අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන Dell Technologies, නිවසේ සිට කාර්යාල කටයුතු සිදු කිරීමට, (WFH) විසඳුම් මෙන්ම නිවසේ සිට ඉගෙනීමේ (LFH) විසඳුම්ද හඳුන්වා දී තිබේ. සිය නිෂ්පාදන සඳහා ඉහළ යන ඉල්ලුම පිළිබඳව අවබෝධ කර සිටින Dell Technologies සිය නිෂ්පාදන තුළින් වඩාත් කාර්යක්ෂම, අන්තර්ක්‍රියාකාරී පරිශීලක අත්දැකීමක් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාව තුළ නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාවලියට යොමු වන විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා Dell අඛණ්ඩ සහයෝගය ලබා දෙයි. පාරිභෝගිකයින් විසින් මිලදී ගන්නා ඩෙල් ලැප්ටොප් සහ උපාංග සඳහා විශේෂ වට්ටම් ලබා දී ඇති අතර, ඒ හේතුවෙන් කිසිදු බාධාවකින් තොරව නිවසේ සිටම අධ්‍යයන කටයුතු කරගෙන යාමට ශිෂ්‍ය ප්‍රජාවට හැකියාව ලැබේ.

“නිවසේ සිට කාර්යාල කටයුතු කරන හා ඉගෙනීමේ නිරත වන මේ කාලයේ එම කටයුතුවලට ගැලපෙන ආකාරයෙන් අපගේ පරිගණක නිෂ්පාදන ඉදිරිපත් කර තිබෙනවා. පරිශීලකයින්ගේ කාර්යාල  කටයුතුවලට හා ඉගෙනීමට බාධාවක් නොවන පරිදි අඛණ්ඩ සම්බන්ධතාවය වැදගත් වන අතර, මෙවැනි ආකෘතීන්, අප නව සාමාන්‍ය තත්වයට අනුගත වෙමින් ඉදිරියට යන බව වඩාත් හොඳින් තහවුරු කරනවා. වැඩකරන පිරිසට සහ සිසුන්ට අවශ්‍ය පරිගණක පහසුකම්වලින් ඔවුන් සන්නද්ධ කිරීම අපට සතුට දනවන කාරණයක්. ඒ වගේම, ඩෙල් නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් ලබා දෙමින් එම වැඩසටහනට සහයෝගය දැක්වීමටත් අපි කැපවී සිටිනවා.” යනුවෙන් Dell EMC සමාගමේ, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමණාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Core i5 හා i7 මාදිලිවලින් වෙළෙඳ පොළට පැමිණෙන, Dell Inspiron 15 5593 ලැප්ටොප් පරිගණකය 10th Gen Intel® Core™ ප්‍රොසෙසරයකින් බලගැන්වේ. අඟල් 15 ලැප්ටොප් පරිගණකය, එමගින් සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය 16GB DDR4 මතක ධාරිතාවක් හා 512 GB SSD ධාරිතාවක් පවත්වාගෙන යයි. කාර්යයන් ගණනාවක් සිදු කිරීමේදී පවා ඉතාමත් සුමට ක්‍රියාකාරිත්වයක් දක්වන මෙම ලැප්ටොප් පරිගණකය එම සියලු කාර්යයන් හිදී ක්ෂණික ප්‍රතිචාර දක්වයි.

Dell Inspiron 14 5491‍් යනු එමගින් ලැප්ටොප් හා ටැබ්ලට් යන උපාංග ද්විත්වයම සක්‍රිය කරන බහුකාර්ය නිර්මාණයකි. අඟල් 14 ක් වන, 10th Gen Intel® Core™ ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන එකම ලැප්ටොප් පරිගණකය තුළ,  Core i5 හා i7 යන මාදිලි ද්විත්වයම අන්තර්ගත වේ. පරිශීලනයේ උපරිම පහසුව සලකා මෙම ලැප්ටොප් පරිගණකය නිර්මාණය කර ඇති අතර, එහි ලැප්ටොප් මාදිලිය ටයිප් කිරීම ආදිය සඳහාත්,‍් ටැබ්ලට් මාදිලිය පෑන භාවිතා කරමින් ඇඳීමේ හෝ ලිවීමේ කාර්යය සඳහාත් භාවිත කළ හැකිය. උපාංග ද්විත්වයේම පවතින 16GB DDR4 හා  512GB SSD මතක ධාරිතාවයන් කාර්යාල කටයුතු හා ඉගෙනීමේ කටයුතුවලදී උසස්ම මට්ටමේ පරිශීලක අත්දැකීමක් හිමි කර දෙයි.

මෙම ලැප්ටොප් හා ටැබ්ලට් පරිගණක දෙකම Dell mobile connect විශේෂාංගයට සහාය දක්වන අතර එමගින් බාධාවකින් තොරව පරිගණකයක් සහ ස්මාර්ට් ජංගම දුරකතන උපාංගය ඒකාබද්ධ කිරීමට ඉඩ ලබා දේ. ඉන්, ස්මාර්ට් ජංගම දුරකතන තිරය ලැප්ටොප් පරිගණකයේ සමපාත කිරීමට පරිශීලකයින්ට හැකියාව ඇති අතර ඇමතුම් ලබා ගැනීමට, පණිවිඩ බැලීමට සහ යැවීමට මෙන්ම, ලැප්ටොප් පරිගණකය මගින්  ස්මාර්ට් ජංගම දුරකතනයේ යෙදවුම් (apps) වෙත පිවිසීමටද ඉඩ සලසා තිබේ. එමෙන්ම Mobile connect විශේෂාංගය මගින් ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට ලැප්ටොප් පරිගණකයට ඉතා පහසුවෙන් ඡායාරූප, වීඩියෝ, ශ්‍රව්‍ය හා ලේඛන හුවමාරු කිරීමටද හැකියාව පවතී. ස්මාර්ට් ජංගම දුරකතනයට ලැබෙන notificationsද ලැප්ටොප් පරිගණකය මගින්ම බලාගත හැකි පවතින බැවින් සිදු කරන කාර්යය කෙරෙහි අවධානය යොමු කිරීමට පරිශීලකයින්ට ඉඩ සැලසේ. ස්මාර්ට් ජංගම දුරකකතන තිරය ලැප්ටොප් පරිගණකයේ තිරය මතට සමපාත කළ හැකි බැවින්, තනි උපාංගයකින් සම්බන්ධව සිටිය හැකි අතර,‍් එමගින් පරිශීලකයින්ගේ අවධානය වෙනතකට යොමු නොවේ.

Dell විසින් නිකුත් කරන ලද නව්‍යතම නිෂ්පාදන එකතුවට බාධාවකින් තොරව වැඩ කිරීමට හැකි උපාංග රාශියක් ඇතුළත් වේ. ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක කාර්යාල කටයුතු හා ඉගෙනීමේ කටයුතු සිදු කර ගැනීමට බාධා නොදෙන සබඳතාවක් මෙමගින් පරිශීලකයින් හට පවත්වා ගත හැකිවේ. ඒ, wireless mouse මාදිලි, C මාදිලියේ USB ආදියද සහිත ලැප්ටොප් පරිගණක TV‍්‍,  Ethernet හා USB headsets හා සම්බන්ධ කරමින් ඉහළම ශ්‍රව්‍ය අත්දැකීමක් මෙන්ම පැහැදිලි සන්නිවේදනයක් ලබා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසා තිබේ.

Dell Technologies මගින් පරිශීලකයින්ට පිරි නමන අනෙකුත් උපාංග අතර AC511M-Dell Stereo Soundbar, AE515M-Dell Pro Stereo Soundbar, Dell optical වයර් රහිත mouses, MS3220-Dell ලේසර් වයර් Mouse, MS3220W-Dell Mobile Wireless Mouse, USB මාදිලි C සිට HDMI / VGA / DP / Ethernet / USB-C / USB-A, දක්වා DA200 Dell DA300 ඇඩැප්ටර, USB මාදිලි C සිට HDMI / VGA / Ethernet / USB 3.0 හා  UC510 Dell Pro ස්ටීරියෝ හෙඩ්සෙට් විශේෂිත වේ.

 

විමසීම් සඳහා-

රුවන් ගමගේ

අලෙවිකරණ කළමනාකරු – ශ්‍රී ලංකාව සහ මාලදිවයින

Ruwan.Gamage@dellteam.com

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව