ඩිලයිට් ට්‍රස්ට් ඉංජිනියරින් සමාගම Platinum Excellence සම්මාන දිනයි

Delight Trust Engineering

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර නිර්මාණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන Delight Trust Engineering සමාගම Platinum Excellence 2026 සම්මාන උළෙලේදී “Platinum Excellence in Engineering Services & Operational Reliability” සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය සමාගම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර විසඳුම් ක්ෂේත්‍රයට සපයා ඇති විශිෂ්ට දායකත්වය, මෙහෙයුම් විශ්වාසනීයත්වය, උසස් ප්‍රමිතිය සහ පාරිභෝගිගයා කේන්ද්‍ර කර ගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂ ඇගැයීමකි.

Delight Enterprises සමඟ අනුබද්ධව ආරම්භ වූ Delight Trust Engineering සමාගම සිවිල් ඉදි කිරීම්, අභ්‍යන්තර අලංකරණ කටයුතු, ඇලුමිනියම් හා Tempered Glass නිර්මාණ, Gypsum Board ස්ථාපනය, Cladding සහ විශේෂ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු සේවා රැසක් සපයමින් ඉදි කිරීම් හා අභ්‍යන්තර විසඳුම් ක්ෂේත්‍රයේ විවිධාංගීකෘත ස්ථානයක් හිමි කර ගෙන ඇත. වසර ගණනාවක් පුරා සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන හා ගනුදෙනුකරුවන් රැසක් සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. ඒ අතර Commercial Bank, Sampath Bank, Union Assurance, AIA Insurance, Pan Asia Bank, Sanasa Development Bank, Melsta Hospitals වැනි ආයතන විශේෂ වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව