
ඩේටා සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසූවේ චරණ ටීවී නාලිකාවේ විකාශය වන “අසීම“ කාලීන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.
පාරිභෝගික ජනතාව ව්‍යාකූල කරනු ලබන ඩේ ටයිම් සහ නයිට් ටයිම් කියා වෙන්කර ඩේටා ලබා දීම අවශ්‍ය නොමැති බව රොහාන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඩේ ටයිම් ඩේටා සහ නයිට් ටයිම් ඩේටා යනු විදුලි සංදේශ සේවා සපයන සමාගම් අළෙවිකරණයේදී කරනු ලබන වචන හරඹයක් බවත්, නයිට් ටයිම් ඩේටා යනු නොමිලේ ලබාදෙන ඩේටා කාණ්ඩයක් බවත්, අසීම වැඩසටහනට එක්වූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පෙන්වා දුන්නේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිදු සමාගමක් සඳහා නයිට් ටයිම් ඩේටා අනුමත නොකරන බවද, නයිට් ටයිම් ඩේටා ලබා දෙන්නේනම් එය නොමිළේ ලබා දෙන ඩේටා බව සමාගම් පැවසිය යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
PEO TV නාලිකා අංක 05 ඔස්සේ සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 09.00 සිට, අසීම කාලීන සංවාදාත්මක වැඩසටහන විකාශය කෙරේ. ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඇති අසීමිත අවස්ථා බලධාරීන් සමග සංකථනය “අසීම“ කාලීන සංවාදාත්මක වැඩසටහනින් සිදු කෙරේ.