Daraz 11.11 හි ‘නිල සන්නිවේදන සහකරුවා’ ලෙස එයාර්ටෙල් ලංකා සමාගම එක් වෙයි

IMG_0917

 



 

 

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මෙරට ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz  විසින් මෙවරත් පැවැත්වීමට සූදානමින් සිටින ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන ”11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ‘‘නිල සන්නිවේදන සහකරුවා’’ ලෙස අත්වැල් බැඳගත්තේය.

මෙරට ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Daraz.lk සමඟ ඇති කරගත් මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය මගින් එයාර්ටෙල් පරිශීලකයින්ට මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන 2022 නොවැම්බර් 11 සිට 17 දක්වා වන කාල සීමාව තුළ සුවිශේෂී ප‍්‍රතිලාභ, වට්ටම් සහ දීමනා හිමි කර ගැනීමට අවස්ථාව ඇත.

මෙම 11.11 ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සූදානම් වෙමින්, Daraz යෙදවුම එයාර්ටෙල් ජාලය තුළ ‘whitelisted’ කර තිබෙන නිසා පරිශීලකයින්ට කිසිදු ගෙවීමකින් තොරවම යෙදවුම වෙත ප‍්‍රවේශ වීමට ඉඩ සලසයි. මෙනිසා එයාර්ටෙල් ජාලය භාවිත කරමින් සාප්පු සවාරි යන්නන්ට තමන්ට රිසි සේ මෙම යෙදවුම භාවිත කරමින් ඔවුන්ගේ ප‍්‍රියතම අලෙවිසැ browse කිරීමටත් data වලට යන වියදම ගැන කරදර නොවී ඔවුන්ගේ shopping carts පිරවීමටත් කාලය ලබා දෙයි. මෙය සියලූම එයාර්ටෙල් සහ Daraz පාරිභෝගිකයින්ට සුවිශේෂී ප‍්‍රතිලාභ හිමිවන කදිම අවස්ථාවකි.

මෙම ප‍්‍රවර්ධන කාලය තුළ, අලූත් සහ දැනට සිටින එයාර්ටෙල් රු. 749 පැකේජය භාවිත කරන පරිශීලකයින් දෙදෙනෙකුට නවතම smartphone එක බැගින් දිනා ගැනීමට මෙහිදී අවස්ථාව ඇත. මීට අමතරව, රු. 749 නව එයාර්ටෙල් සම්බන්ධතාවයක් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට රටේ ඕනෑම තැනකට එය නොමිලේම ගෙනවිත් දීමේ වරප‍්‍රසාදය භුක්ති විඳිය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘‘අපගේ පාරිභෝගිකයින්ට ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දීමේ සමාගමේ එකම අරමුණ වටා ශ‍්‍රී ලංකාව තුළ එයාර්ටෙල් හි මෙහෙවර කේන්ද්‍රගත වී තිබෙනවා. එබැවින් ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ ප‍්‍රියතම ඊ-වාණිජ්‍ය සැණකෙලියක් වන Daraz 11.11 ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා නිල විදුලි සංදේශ හවුල්කරුවා ලෙස එක් වීමට ලැබීම ගැන අපිට සතුටුයි. Daraz වෙතින් ලබා දෙන දැවැන්ත මිල අඩු කිරීම්වලට වඩා වැඩියෙන් එයාර්ටෙල් ලංකා විසින් ලබා දෙන සුවිශේෂී ප‍්‍රතිලාභ උපරිමයෙන් භුක්ති විඳින ලෙස අපි අපගේ සියලූම පරිශීලකයින්ට ආරාධනා කරනවා.’’ යනුවෙනි.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව