Daraz 11.11 වෙනුවෙන් OPPO සහ Daraz.lk අත්වැල් බැඳගනී

Daraz partners with OPPO PR Image (1)

 




 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල අලෙවිසැලක් වන වන Daraz.lk වාර්ෂිකව පවත්වන, අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වන ‘Daraz 11.11 sale’ සඳහා විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට OPPO පසුගියදා කටයුතු කළේ ය.

ඒ අනුව, 2021 නොවැම්බර් 11 දින සිට නොවැම්බර් 17 වන දින දක්වා පැවැත්වෙන Daraz 11.11 sale වැඩසටහනේදී OPPO ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් උපකරණ හා උපාංග විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇත. මෙහිදී OPPO නිෂ්පාදන සඳහා 30% ක් දක්වා වට්ටම් හිමිවන අතර, සියලුම ඇණවුම් සඳහා කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අයනොකෙරේ. ඊට අමතරව, Daraz 11.11 sale වෙතින් මිලදී ගන්නා සියලුම OPPO නිෂ්පාදන සඳහා විශේෂ තෑගි සහ තෑගි වවුචර පිරිනැමීමටද සැලසුම් කර ඇත.

Daraz 11.11 වෙතින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට, ජංගම දුරකථන, ටැබ්ලට්, ලැප්ටොප්, ගෘහෝපකරණ, කැමරා, වීඩියෝ ක්‍රීඩා උපකරණ, ඉලෙක්ට්‍රොනික උපාංග, හෙඩ්ෆෝන් සහ තවත් උපකරණ හා උපාංග වර්ග රාශියක් සඳහා සුවිශේෂී වට්ටම් හා දීමනා හිමි වේ.

“Daraz යනු සෑම විටම පාරිභෝගිකයන්ට විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීමට කැපවී සිටින සමාගමක්. ලොව විශාලතම Online sale වැඩසටහන ලෙස සැලකෙන 11.11, රටවල් රාශියක විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයන්ගේ පිබිදීමක් ඇතිකිරීමට දායක වී තිබෙනවා. එමෙන්ම එය ලොව පුරා පාරිභෝගිකයන්ට විශාල සතුටක් ගෙනෙන වැඩසටහනක්. මෙම වැඩසටහන වෙනුවෙන් OPPO සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට සතුටක්.” Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා පැවසී ය.

නොවැම්බර් 11 දින සිට 17 දින දක්වා පාරිභෝගිකයන්ට Daraz 11.11 වෙතින් භාණ්ඩ මිලදී ගැනීම සිදුකළ හැකි අතර, භාණ්ඩ 3 ක් මිලදී ගැනීමේදී 5% ක්ද, භාණ්ඩ 5 ක් මිලදී ගැනීමේදී 7% ක්ද, භාණ්ඩ 7 ක් මිලදීගැනීමේදී 10% ක්ද වශයෙන් වට්ටම් හිමි වේ.

“Daraz යනු කවදත් අපගේ සුවිශේෂී හවුල්කරුවෙක්. Daraz 11.11 වැඩසටහන වෙනුවෙන් මේ ආකාරයට ඔවුන් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන්ට ගැළපෙන ආකාරයට අප දියුණු තාක්ෂණයෙන් යුත් උපාංග සහනදායී මිලගණන් වලට අලෙවි කරන නිසා, ශ්‍රී ලංකාව තුළ විශාල දියුණුවක් අත්පත් කරගැනීමේ හැකියාව අපට තිබෙන බව අපගේ විශ්වාසයයි.” OPPO Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව