Curtin Colombo වෙතින් මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා

PHOTO-2024-05-21-09-48-31 (LBN)

Curtin විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ලොව ඉහළින්ම සිටින විශ්වවිද්‍යාල අතරින් එකක් වන අතර, 2022 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු සියයට එක අතරට Curtin විශ්වවිද්‍යාලය අයත්ව තිබීම ද එහි විශිෂ්ටත්වයට මනා නිදසුනකි.

ප්‍රායෝගික කුසලතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, Curtin Colombo, සිසුන්ට ගෝලීය වශයෙන් සාර්ථකත්වය කරා යාමට අවස්ථා සලසා දෙන විශ්වවිද්‍යාලයක් වන අතර ඉංජිනේරු, පරිගණක සහ ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් උපාධි පිරිනමන්නට Curtin Colombo කටයුතු කරයි.

 



 

Curtin Colombo ලාංකික සිසුන්ට විශිෂ්ටතම ඕස්ට්‍රේලියානු උපාධි ලංකාවේ සිටම ලබා ගැනීමට හෝ පළමු වසර අධ්‍යයනයෙන් පසු ඕස්ට්‍රේලියාවේදී සිය උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙයි. ශ්‍රී ලංකාවේ සිටම සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකි වීම මඟින් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා වැයවන පිරිවැයෙන් 70% දක්වා ඉතිරි කර ගැනීමට සිසුන්ට හැකියාව ලැබෙන අතර ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලංකාවේදීම ලබා දීමට Curtin Colombo අවස්ථාව සලසා දෙයි.

Curtin Colombo කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති පුළුල් අධ්‍යයන වැඩසටහන් මාලාවක් හඳුන්වා දී ඇති අතර ඉංජිනේරු ක්ෂේත්‍රයට වැඩි විශේෂත්වයක් ලබා දී තිබේ. මේ යට‌තේ,

සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු (Civil and Construction Engineering), විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු (Electrical and Electronic Engineering) සහ යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලා (Mechanical Engineering and Mechatronics Engineering) ඇතුළත් වන අතර, පරිගණක ක්ෂේත්‍රය යටතේ සයිබර් ආරක්ෂාව (Cyber Security), මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering), තොරතුරු තාක්ෂණය සහ පරිගණක පද්ධති සහ ජාලකරණය (Information Technology and Computer Systems & Networking) යන පාඨමාලා සියල්ල ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමේ අවස්ථාව ඇත. ව්‍යාපාර  අධ්‍යයන (BBA) ක්ෂේත්‍රයට අදාළව ජාත්‍යන්තර කළමනාකරණය (International management), ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය (Innovation and Entrepreneurship) පිළිබඳ පාඨමාලා රැසක් ද හඳුන්වා දී ඇත.

ශිෂ්‍යත්ව වරම් ලබා දීම සම්බන්ධයෙන් Curtin Colombo සිසුන්ට විවර කර දී ඇති අවස්ථා එහි විශිෂ්ටත්වය විදහා පාන තවත් එක් නිදසුනකි. සිසුන්ට ඔවුන්ගේ පළමු අධ්‍යයන වර්ෂය තුළ සියලුම වැඩසටහන් සඳහා 25%ක ශිෂ්‍යත්වයක් ලැබීමට අවස්ථාව හිමි වන අතර, ව්‍යාපාර පරිපාලන උපාධි වැඩසටහන (BBA) යටතේ විශිෂ්තම කුසලතා දක්වන සිසුන්ට පාඨමාලා ගාස්තුවෙන් 50%ක් දක්වා ශිෂ්‍යත්ව ලැබීමට අවස්ථාව සලසා දෙයි. 2024 ජූලි බඳවා ගැනීම් සඳහා ලියාපදිංචි වී ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට Curtin Colombo සිසුන්ට ආරාධනා කරයි.

අංක 80, නවම් මාවත, කොළඹ 02 ලිපිනයේ පිහිටා ඇති නවීන පහසුකම්වලින් සමන්විත Curtin Colombo, නව්‍යකරණයේ සහ විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද  ක්‍රියා කරන අතර, විවිධ පසුබිම්වලින් පැමිණෙන සිසුන්ට තම අධ්‍යාපනික සහ වෘත්තීය ඉලක්ක හඹා යාමට Curtin Colombo අවස්ථාව සලසා දෙයි. සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම, නවෝත්පාදනයට සහය වීම සහ දිනෙන් දින වර්ධනය වන ගෝලීය වෙළඳපොළ තුළ විශිෂ්ටතා දැක්වීමට සිසුන් සූදානම් කිරීම උදෙසා Curtin Colombo මැදිහත්ව සිටින අතර ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවල විශේෂිත උපාධි පිරිනමමින්, උපාධිධාරීන්ට ඔවුන් තෝරාගත් ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යාමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීමට ද Curtin Colombo ඇපකැප වී සිටියි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම්වලට අදාළ උපාධි පිරිනමන විශ්වවිද්‍යාලයක් ලෙස ජාත්‍යන්තර කීර්තිය දිනූ Curtin Colombo අනාගත සිසුන්ට සහ පාර්ශවකරුවන්ට විශ්වාසය තැබිය හැකි ආයතනයකි. සාර්ථක අනාගතයක් ගැන සිහින දකින සිසුන්ටත්, ඔවුන්ගේ දෙමාපියන්ට Curtin Colombo හි ඇති අවස්ථාවන් පිළිබඳ සොයා බලන්නටත් ගුණාත්මක අධ්‍යාපනයක විශිෂ්ටත්වය අත්දකින්නටත් Curtin Colombo ගෞරවයෙන් යුතුව ආරාධනා කරයි.

Curtin Colombo අධ්‍යාපන වැඩසටහන්, බඳවා ගැනීම් සහ ශිෂ්‍යත්ව පිළිබඳ වැඩි විස්තර සඳහා

www.curtincolombo.lk වෙත පිවිසෙන්න හෝ 076 555 8989 අමතන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව