ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) 36 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ

CRIB AGM 2025 (LBN)

— CRIB වාර්තාගත වර්ධනය සහ උපායමාර්ගික පරිවර්තනය කෙරෙහි අවධානය යොමු කෙරේ–

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) 36 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026 සැප්තැම්බර් 9 වන දින සාර්ථකව පවත්වන ලදී. 2025 දෙසැම්බර් 31 වෙතින් අවසන් වූ මූල්‍ය වර්ෂයේ කාර්යසාධනය සහ උපායමාර්ගික දිශානතිය සමාලෝචනය කිරීමේ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාජික ආයතනවල නියෝජිතයින් එක්ව සිටියහ.

මෙහිදී, ශ්‍රී ලංකාව මැක්‍රෝ ආර්ථික (macroeconomic) ස්ථායීතාව සහ තිරසාර ආර්ථික පුනරුදය වෙත ගමන් කිරීමේ ක්‍රියාවලිය තුළ CRIB කාර්යාංශය හිමිකර ගන්නා වැදගත් කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරන ලදී.




ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සභාපති කේ. ජී. පී. සිරිකුමාර මහතා CRIB හි වත්මන් කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින්, “ආර්ථික අර්බුද කළමනාකරණයේ සිට ආර්ථික වර්ධනය නැවත බලගැන්වීමේ අදියර දක්වා පරිවර්තනය වීමේ දී, ණය බුද්ධි තොරතුරු (credit intelligence) අතිශය වැදගත් වේ. මෙම ආර්ථික පුනරුදයේ දී විශ්වාසය නැවත ගොඩනැගීමේ මෙවලමක් බවට CRIB කාර්යාංශය පත්වේ. එමගින් මූල්‍ය ආයතනවලට දත්ත මත පදනම් වූ සහ අවදානම් කළමනාකරණය කළ ණය නිකුත් කිරීමේ රාමුවක් (risk-calibrated credit underwriting frameworks) වෙත යොමු වීමට මෙන්ම, මධ්‍යම, කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර (MSMEs) බලගන්වමින් තිරසාර සැබෑ ආර්ථික වර්ධනයකට (real-sector growth) සහාය වීමට අවස්ථාව සැලසේ.” යැයි පවසා සිටියේය.

ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාමත් සහ දත්ත මත පදනම් වූ ණය ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට 2025 වසර සඳහා ශක්තිමත් මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට හැකියාව ලැබී ඇත. නිකුත් කරන ලද සමස්ත ණය සහ විශ්ලේෂණ වාර්තා සංඛ්‍යාව 41% කින් ඉහළ ගොස් මිලියන 13.46 ක් දක්වා වර්ධනය වී ඇත. සම්මත CRIB Score වාර්තා භාවිතය 89% කින් ඉහළ ගොස් මිලියන 7.7 ක් වූ අතර, MyReport හරහා පුරවැසියන් විසින් සිදු කළ ස්වයං විමසීම් සංඛ්‍යාව 79% කින් ඉහළ ගොස් 77,000 ක් දක්වා වර්ධනය වි තිබේ. මේ තුළින් මහජනතාවගේ මූල්‍ය දැනුවත්භාවය වර්ධනය වී ඇති බව පෙන්නුම් කරනු ලබයි.

මූල්‍ය ප්‍රතිඵලද අඛණ්ඩව ශක්තිමත් වී ඇති අතර,  සමස්ත ආදායම 45% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.41 ක් ලෙස වාර්තා වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 1.48 ක් වූ අතර (42% ක වර්ධනයක්), කොටසකට ඉපැයීම (EPS) 44% කින් ඉහළ ගොස් රුපියල් 5,924 ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා උපායමාර්ගික වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින්, ” CRIB සාම්ප්‍රදායික ණය තොරතුරු සපයන්නෙකු ලෙස කටයුතු කිරීමේ සිට, අනාගත ණය අවදානම් පුරෝකථනය කළ හැකි ණය බුද්ධි තොරතුරු ආයතනයක් බවට පත්වීමේ උපායමාර්ගික පරිවර්තන වේගය 2025 වර්ෂයේ දී වර්ධනය වන්නට විය. උසස් දත්ත සහ හැසිරීම් විශ්ලේෂණ ක්‍රමවේදයන් අප සතු පුළුල් දත්ත සම්පත් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, විද්‍යාත්මක හා අවදානම් මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රමවේද වෙත යොමු වීමට මූල්‍ය ආයතන බලගන්වන අතරම, ප්‍රමාණවත් මූල්‍ය ඉතිහාසයක් නොමැති තැනැත්තන් සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශ සඳහා මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට ද කටයුතු කරමින් සිටියි,” යැයි සඳහන් කළේය.

බලපත්‍රලාභී මූල්‍ය ආයතන 70 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් පවත්වාගෙන යන එහි ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව ද කාර්යාංශය මෙහිදී අවධානය යොමු කරන ලදී. දත්ත ලබා ගැනීම, වලංගුභාවය තහවුරු කිරීම සහ නිකුත් කිරීම ඇතුළු සිය මූලික දත්ත ක්‍රියාවලිය පුරාවට කෘතිම බුද්ධිය ඒකාබද්ධ කිරීමට පදනම සකස් කරමින් පවතී. මීට අමතරව, පුද්ගලික දත්ත ආරක්ෂණ රාමුව (Personal Data Protection framework) සක්‍රීයව ක්‍රියාත්මක කරමින් සහ අනුගමනය කරමින් සිටින බව CRIB අවධාරණය කළේය. උපරිම විනිවිදභාවයක් සහ දත්ත ආරක්ෂාවක් සහතික කිරීම සඳහා කැපවූ දත්ත ආරක්ෂණ නිලධාරීන් (Data Protection Officers) පත් කිරීම මෙන්ම, සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය සඳහා දත්ත භාවිතය සම්බන්ධ ආචාර ධර්ම පද්ධතියක් (Code of Conduct) සකස් කිරීම ද මෙහිදී සිදු කරනු ලබයි.

වාර්ෂික මහා සභා රැස්වීමේ දී කොටස් හිමියන් විසින් 2025 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය සම්මත කර අනුමත කරගන්නා ලදී.

විශ්වාසය, දත්තවල නිවැරදිභාවය, ණය බුද්ධි තොරතුරු සහ ජාතික ආර්ථික ප්‍රගතිය පදනම් කරගත් නූතන, තාක්ෂණයෙන් සබල කළ ණය පද්ධතියක් ඉදිරියට ගෙන යාමට CRIB කැපවී සිටියි.

1995 අංක 8 සහ 2008 අංක 42 දරන පනත්වලින් සංශෝධිත 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත මගින් පිහිටුවන ලද CRIB, දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ණය තොරතුරු කාර්යාංශය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කාර්යාංශය, සියලුම ණයගැතියන්ගේ ණය තොරතුරු රැස්කරන ජාතික මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරමින්, වඩාත් වේගවත් හා අඩු පිරිවැය සහිත ණය ප්‍රවේශයන් සඳහා මගපාදන එකතු කළ අගයන් සහිත සේවාවන් රැසක් සපයයි. එමගින් සියලුම පුරවැසියන්ගේ මූල්‍ය අන්තර්කරණය (financial inclusion) ඉහළ නැංවීමට දායක වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව