කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් අතර හවුල්කාරිත්වයෙන් මහින්ද්‍රා XUV 3XO වාහන සඳහා විශේෂ ලීසිං පැකේජ

Ideal Motors MoU (LBN)

ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඔප් නංවමින්, සුඛෝපබෝගී මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අවස්ථාව ලබා දීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහින්ද්‍රා XUV 3XO මෝටර් රථය ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ.

මෙම සහයෝගීතාව යටතේ, කොමර්ෂල් බැංකුව මගින් මහින්ද්‍රා XUV 3XO වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට වාහනයේ මිලෙන් කොටසක් සඳහා ලීසිං පහසුකම් සමඟ ඔවුන්ට අවැසි ආකාරයේ පොලී අනුපාත, ලේඛන ගාස්තු සඳහා සහන මෙන් ම පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කර නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක් ද ලබා දෙනු ඇත. දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා මෙම පහසුකම් ලබාගත හැක.




බැංකුවේ මූල්‍ය පහසුකම් හා දීමනාවලට අමතරව අයිඩියල් මෝටර්ස් (පුද්) සමාගම වෙතින් ද වාහනය සඳහා විශේෂ වට්ටම්, නොමිලේ ලියාපදිංචිය, අමතර කොටස් සඳහා 10% ක වට්ටමක් ලබා දෙන අතර ම ශ්‍රම ගාස්තු රහිත සේවා වාර තුනක් ලබා දෙයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2027 පෙබරවාරි 28 වන දින දක්වා පැවැත්වෙන අතර, ඒ හරහා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මිලදී ගැනීම් සැලසුම් කිරීමට මෙන්ම ඔවුන්ගේ තනි පුද්ගල ආදායම් රටාවලට අනුව ආපසු ගෙවීම් ක්‍රම ව්‍යුහගත කර ගැනීමට ද නම්‍යශීලී බවක් ලබා දේ. මෙම ලීසිං පැකේජ සැලසුම් කර ඇත්තේ මූල්‍ය පහසුකම් ලබා දීම සහ හිමිකාරීත්වය ලබා දීම ආශ්‍රිත සේවා වලදී විශේෂ පොලී අනුපාත හා පිරිවැය සහන හරහා ප්‍රතිලාභ ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට ඉඩ සලසා දෙමින් දැරිය හැකි මට්ටමේ වාරිකයක් ලබා දීම සඳහාය.

නවමු පාරිභෝගික කේන්ද්‍රීය ලීසිං විසඳුම් ලබා දීමේ පුරෝගාමියෙකු ලෙස කොමර්ෂල් බැංකුව සැමවිට ම අගය වැඩි කළ දීමනා ලබා දීම සඳහා කීර්තිමත් සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. බැංකුවේ පැරණි සහ නව ගනුදෙනුකරුවන් සියලු දෙනාට ම නව වාහනයක හිමිකරුවෙකු වීමේ ඔවුන්ගේ අභිලාශයන්ට සහය වන ආකාරයේ ආකර්ශණීය ලීසිං විකල්ප ලබා දීමට බැංකුව දක්වන කැපවීම, අයිඩියල් මෝටර්ස් සමඟ ඇති මෙම හවුල්කාරීත්වය හරහා මනාව පිළිබිඹු වන බව බැංකුව පැවසීය.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලු‍ම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව