Combank.lk ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස කිරුළු පළඳියි

Best Web Awards 2023 (LBN)

 



 

 

LK ඩොමේන් රෙජිස්ටි විසින් පවත්වන ලද 2023 BestWeb.lk තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවිය මෙන්ම තරඟාවලියේ සමස්ත ජයග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව විසින් ද්විත්ව රන් පදක්කම් දිනා ගන්නා ලදී.

බැංකු ක්ෂේත්‍රයේ හොඳම වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුව මෙම තරඟාවලියේ ඉහළම සම්මානය දිනා ගත් අඛණ්ඩ දෙවැනි වසර මෙයයි.

BestWeb.lk සම්මාන සඳහා වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමට භාවිතා කරන පුළුල් නිර්ණායක සඳහා ක්‍රියාකාරීත්වය, භාවිතයේ පහසුව, නියමිත ප්‍රමිතීන්ට සහ අදාළ නීතිරීති වලට ඇති අනුකූලතාව, කාර්ය සාධන කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය, නිර්මාණ සෞන්දර්යය, අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ පරිශීලකයින් සමඟ ඇති අන්තර්ක්‍රියාවන් වල ගුණාත්මකභාවය ඇතුළු ගුණාත්මක අංශ රාශියක් සලකා බලනු ලබයි. BestWeb.lk සම්මාන ප්‍රදානයේ 13 වැනි අදියර අගෝස්තු 9 වැනි දින පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සෑම අංශයකින්ම හොඳම වෙබ් අඩවිය ලෙසින් සම්මානයට පාත්‍ර වීමේ මෙම සන්ධිස්ථානගත ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසුවේ: “පාරිභෝගිකයන්ට පහසුව සලසන අතර විවිධත්වය ද පවත්වාගනිමින් අපගේ වෙබ් අඩවිය දැන් ඉටු කරන අතිශය වටිනා කාර්යභාරය ඇගයීමට ලක්වීම සතුටට කරුණක්. ඉහළ තාක්ෂණික දැනුමක් ඇති විශේෂිත පාරිභෝගිකයන් පිරිසක් වෙබ් අඩවි භාවිතා කළ කාලයක් තිබුණි. නමුත් අද, අන්තර්ගතයන් භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම, වැඩිදියුණු කළ පරිශීලක හිතකාමිත්වය සහ පුළුල් පරාස ක්‍රියාකාරීත්වය සමඟින්, අපගේ වෙබ් අඩවිය මිලියන සංඛ්‍යාත ජනතාවකට අත්‍යවශ්‍ය සම්පතක් බවට පත්ව ඇත. මේ සියල්ල සමබර ලෙස පවත්වාගනිමින් පාරිභෝගිකයන්ට සේවා සපයන වෙබ් අඩවියක් ලෙස ගෞරවයට පාත්‍රවීම අපට ඉමහත් සතුටක්.”

කොමර්ෂල් බැංකු වෙබ් අඩවිය වාර්ෂිකව පාරිභෝගික පැමිණීම් මිලියන 6.8 ක්, පරිශීලකයින් මිලියන 2.6 ක්, පිටු නිරීක්ෂණ මිලියන 11 ක් සහ සෙවුම් මිලියන 4.8 ක් වාර්තා කරයි. එය, අන්තර්ගතයන් භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම, ක්‍රියාකාරී මල්ටිමීඩියා උපකරණ සමග පහසුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස වෙබ් අඩවිය සකස් කිරීම, වැඩි දියුණු කළ වෙබ් අඩවි සංචලනය, අත්දැකීම් අභිරුචිකරණය, වඩා හොඳ සෙවුම් විකල්ප වැනි විශේෂාංග සහිතව 2021 දී නැවත දියත් කරන ලදී.

කොමර්ෂල් බැංකු වෙබ් අඩවිය ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙබ් අලෙවිකරණ සංගමය මගින් 2022 දී විශිෂ්ඨතා සම්මානය, 2021 දී හොඳම ජංගම වෙබ් අඩවි සම්මානය සහ 2018 දී විශිෂ්ඨතම වෙබ් අඩවි සම්මානය ද ලබා ගෙන ඇති අතර, 2017 SLT Zero One සම්මාන උළෙලේදී මූල්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය සහ 2019 දී දකුණු ආසියානු හවුල්කාර සමුළුව හා ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන උළෙලේදී හොඳම වෙබ් අඩවි සම්මානය දිනා ඇත.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව