“Trash Hunt – The Colour Run” , යනු නගර 7ක මුහුදු වෙරළ 7 කණ්ඩායම් 7ක් විසින් වැඩිම කුණු ප්‍රමාණයක් එකතුකරගැනීමේ අභියෝගාත්මක තරගයකි. මෙම සුවිශේෂී තරගයට පානදුර, මොරටුව, රත්මලාන ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය ආදී නගර ආවරණය කරමින් ස්වෙච්ඡුා සේවකයන් 200ක් පමණ සහභාගී විය. Rotaract Club of Pearl Island කණ්ඩායමේ Green Life avenue සංකල්පයේ ව්‍යාපෘතියක් ලෙස මෙය “Trash Hunt” තරගමාලාවේ තුන්වෙනි තරගාවලිය ලෙස පැවැත්විණි.
Coca-Cola සිය ‘Give Back Life’ පරිසර හිතකාමී ව්‍යාපෘතියට සමගාමීව Rotaract Club of Pearl Island සමග මෙම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට එකතුවිය. එසේම, මොරටුව විශ්ව විද්‍යාලයේ Rotaract Clubs සාමාජිකයන්, ACBT ආයතනයේ සාමාජිකයන් සහ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, මලියදේව විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය ආදී පාසල්වල Interact Clubs වල සාමාජිකයන් සහ Interact Club of Colombo North මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරී සාමාජිකයෝ විය.
තරුණ සංවිධානවල සහ Coca-Cola Beverages Sri Lanka Limited සහයෝගය ලබන ස්වෙච්ඡුා කණ්ඩයමක් ‘Helping Hands’ ස්වෙච්ඡුා සාමාජිකයන් විසින් මෙම මුහුදු වෙරළ හත පිරිසිදු කිරීමට සිය වටිනා දායකත්වය ලබාදුන්නේය.
Rotaract Club of Pearl Island සංවිධානයේ සභාපති ෂමීර් අහමඞ් මහතා මෙම සහයෝගීතා වැඩසටහන පිළිබ`ද සිය අදහස් දැක්වීය. ” Rotaract Club of Pearl Island වල Green Life avenue සංකල්පය හරහා රටපුරා මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් සංවිධානය කිරීමට අපට හැකිවුණා. මෙම පරිසර හිතකාමී වැඩසටහනේ ප්‍රධාන පණිවිඩය පරිසර ¥ෂණයට විරුද්ධ විසදුම වෙනුවෙන් නැගීසිටීම වන අතර, පරිසර ෂණය සදහා දායකත්වය ලබාදීම නොවේ. Coca-Cola Beverages Sri Lanka Limited ආයතනයත් සමග මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධවීමට ලැබීම අපට ඉමහත් සතුටකි. ඔවුන්ගේ සංකල්පය ඉතා වටින අතර, ‘Give Back Life’ වැඩසටහන හරහා ලංකාවේ නිෂ්පාදනය වන සෑම Coca-Cola ප්ලාස්ටික් බෝතලයක්ම නැවත ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් එකතු කරගැනීම එහි අරමුණයි.”
Coca-Cola ආයතනයේ මහජන සම්බන්ධතා, සන්නිවේදන, තිරසර වැඩසටහන් අධ්යක්ෂ ලක්ෂාන් මධුරසිංහ මහතා මෙහිදී සිය අදහස් දැක්වීය. ”රටපුරා ප්ලාස්ටික් එකතු කරගැනීමට සහ ප්‍රතිචක්‍රීකරණය කරගැනීමට යන අභියෝගාත්මක කි‍්‍රයාවලියේදී ඒ වෙනුවෙන් කැපවන නිවැරදි කණ්ඩායම් එකතු කරගැනීම වඩාත් වැදගත් වේ. Rotaract Pearl Island කණ්ඩායමි ‘Give Back Life’ වැඩසටහනේ තරුණ සාමාජිකයන් ලෙස අත්වැල් බැදගැනීම පිළිබ`ද අපි ඉතාමත් ආඩම්බර වෙනවා. ඒ වගේම ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ¥ෂණය අවම කරගන්න ඔවුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”