කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී ‘’Give Back Life’’ සමඟින් ප්‍රතිචක්‍රීයකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කරයි

GivebackLife01 (LBN)

2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාවිතා කළ බෝතල් සහ කෑන් එකතු කිරීම සඳහා හවුල්කරුවන් සමඟ කටයුතු කරයි. මෙම ක්‍රියාමාර්ග 2035 වසරේ සමාගමේ පාරිසරික ඉලක්ක සඳහා ද සහාය වන අතර කොකා-කෝලා වෙළඳපොළට නිකුත් කරන බෝතල් සහ කෑන් වලින් 70-75% කට සමාන ප්‍රමාණයක් එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමට සහාය වීමට ද එමගින් අරමුණු කරයි.




කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සහ Neptune Recyclers එක්ව 2026 T20 ලෝක කුසලානයේ කොළඹ සහ මහනුවර පැවැත්වෙන සියලු‍ම තරඟ අතරතුර PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන මෙහෙයවනු ලැබුවේය. මෙය කොකා-කෝලා හි “නැවත ජීවය දෙමු” (Give Back Life) යන ප්‍රධාන වැඩසටහන යටතේ සිදු කෙරෙණි. මෙයට CCBSL විසින් PET ප්ලාස්ටික් බෝතල් සහ ඇලු‍මිනියම් කෑන් එකතු කිරීම, නිසි ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙන්ම සෞඛ්‍ය හා ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරන ආකාරය සහ අපද්‍රව්‍ය නිවැරදිව වෙන් කරන ආකාරය පිළිබඳව ස්වේච්ඡා සේවකයින් පුහුණු කිරීම ද ඇතුළත් විය.

මීට අමතරව කොකා-කෝලා පදනම විසින් පවත්වනු ලබන වැඩසටහන් කළමනාකරණය කිරීමට සහ අධීක්ෂණය කිරීමට CCBSL සහාය විය. ඒ අනුව මෙම තරගාවලිය පැවැත්වෙන අතරතුර සැලසුම් කරන ලද සියලුම ක්‍රියාකාරකම් ඵලදායී ලෙස සිදු කරන බව සහතික කිරීම සඳහා CCBSL එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව කටයුතු කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් පාණ්ඩේ මහතා පැවසුවේ “2026 ICC පිරිමි T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට විශාල අභිමානයක් සහ උද්යෝගයක් ඇති කර තිබෙනවා. ක්‍රීඩාව වටා එතරම් ධනාත්මක ශක්තියක් ඇති විට තරගාවලිය අතරතුර පමණක් නොව තරගාවලිය අවසන් වූ පසුවත් සෑම අයෙකුටම එම සමස්ත අත්දැකීම ධනාත්මකව තබා ගැනීමට කොකා-කෝලා හට සුළු හෝ ආකාරයකින් දායක වීමට ලැබීම ඉතා වැදගත් යැයි අප හිතනවා.” යනුවෙනි.

“PET ප්ලාස්ටික් බෝතලයක් හෝ ඇලු‍මිනියම් කෑන් එකක් නිවැරදි ආකාරයෙන් ඉවත දැමීම වැනි සරල පුරුදු ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් එක්ව සිදු කරන විට ඉන් සැබෑ වෙනසක් ඇති කළ හැකි බව අපි විශ්වාස කරනවා. මේ නිසා ප්‍රතිචක්‍රීයකරණ උත්සාහයන් වැඩිදියුණු කිරීම සඳහා අප විවිධ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන අතර දේශීය ප්‍රතිචක්‍රීයකරණ පද්ධති සහ ඒවා මත යැපෙන පුද්ගලයින් ශක්තිමත් කරන වැඩසටහන් සඳහා ද අඛණ්ඩව සහාය ලබා දෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ වන විට “නැවත ජීවය දෙමු” වැඩසටහන යටතේ PET ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන 650 කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇත. එයට PET ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 5,000 ක් පමණ එකතු කළ හැකි විශාල කුටි 21 ක් ඇතුළත් වේ. තවද මෙම වැඩසටහන මඟින් එකතු කිරීමේ මධ්‍යස්ථාන 28 ක් සහ අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථාන 15 ක් ද ක්‍රියාත්මක වන අතර එහි Adopt A Beach වැඩසටහන හරහා සෑම දිනකම වෙරළ තීරයන් සහ ජල මාර්ග අටක් පිරිසිදු කිරීම හා කළමනාකරණය කරනු ලබයි. මීට අමතරව මෙම වැඩසටහන ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රවාහනය කිරීමට සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය හඳුන්වා දුන්නේය. එය කාබන් විමෝචනය අවම කිරීමට ද උපකාරී වන ලාභදායී විසඳුමකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව