Coca-Cola පදනම, World Vision Lanka සමඟින් එක්ව බේලර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

Image 01 - WRD Bailer handover (LBN)

පසුගිය මාර්තු මාසයේදී පැවති ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනයේදී Coca-Cola පදනම, World Vision Lanka සමඟ එක්ව හඳුනාගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් 7 දෙනෙකු වෙත ්ීඡෂඍෑ ව්‍යාපෘතිය යටතේ බේලර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කුඩා පරිමාණ ප්ලාස්ටික් එකතු කරන්නන්ගේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් ඔවුන්ව බල ගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම බේලර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාරිසරික, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා එක් විය. එහිදී ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය පල කළ ඒ මහතා ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබා දීමටද කටයුතු කරන ලදී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව