Cinnamon Life at City of Dreams, Quizine හිදී ඉෆ්තාර් සමරයි

Image I (LBN)

Cinnamon Life at City of Dreams හි මෙවර ඉෆ්තාර් ආගමික සැමරුම The Spirit of Iftar නමින් Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාම් සාම්ප්‍රදාය, රසය සහ ප්‍රජාව එක් කළ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා ගනිමින් මෙවර ඉෆ්තාර් උත්සවය අමතක නොවන අවස්ථාවක් බවට පත් කරගැනීමට එක් වන ලෙස Cinnamon Life සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

ඉෆ්තාර් වෙනුවෙන් වූ රාත්‍රී භෝජන සංග්‍රහය පෙබරවාරි 17 වන දින සිට මාර්තු 17 වන දින දක්වා Cinnamon Life හි 9 වන මහලේ Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සෑම දිනකම සවස 6.15ට රාත්‍රී භෝජන සංග්‍රහය ඇරඹේ. එක් පුද්ගලයකුට රු. 10,500ක මුදලකට රස විඳිය හැකි මෙම සුවිශේෂී භෝජන සංග්‍රහය පවුලේ සියලු දෙනාට මෙන්ම හිත මිතුරන්ට එක්ව රස විඳිමින් සතුට බෙදාගත හැකි අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.




රාමසාන් චාරිත්‍ර වාරිත්‍රයන්ට ගරු කරමින් සාම්ප්‍රදායික තේරීම් අවස්ථා සමඟින් ඉදිරිපත් කර ඇති මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අලුත් රට ඉඳි සහ මෙන්ම රාමසාන් පානයන් වන රූහ් අෆිසා, සියඹලා ජූස්, ජලාබ්, විම්ටෝ සහ ෆලූඩා පානයෙන් ආරම්භ කළ හැකි අතර ඒ සමඟ එළු මස් සහ එළවලු සමෝසා, ෆිෂ් චයිනීස් රෝල්ස් මෙන්ම එළවලු ස්ප්‍රින්ග් රෝල්ස් වැනි ඔබ කැමතිම කෙටි ආහාරයක් රස විඳීමටද මෙහිදී අවස්ථාව උදා වේ.

ඉන්දියානු හා මැද පෙරදිග ආහාර සංස්කෘතීන් සමඟින් Lamb Ouzi, Chicken Mandi, Shish Taouk, Harissa Garlic Butter Prawns සහ Chickpea Tagine යනාදිය රස විඳිය හැකි ප්‍රධාන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එළුමස් සහ ගොටුකොළ කොන්ගී එක්කර ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත. එපමණක් නොව Hummus, Mutabal, Baba Ganoush, Labneh & Fattoush with Pomegranate dressing, Pita and Za’atar සහ Cheese Bread ඇතුළු මෙසා සහ සලාද වර්ගයන්ද රාත්‍රී භෝජන සංග්‍රහය ඔබව තව තවත් රස ගන්වනු ඇත.

භෝජන සංග්‍රහය අවසානයේ රසවත් අතුරුපසක රස බැලීමේ අවස්ථාවද උදා වන අතර ඒ සඳහා Baklava සමඟ Pistachio සහ Pistachio and Honey syrup, Basbousa, Kunafa සමගින් Cream හා Rose syrup, වටලප්පන් සහ Sago pudding ඇතුළු ප්‍රණීත අතුරුපස රැසක් ඔබ වෙනුවෙන් සූදානමින් ඇත.

ඉෆ්තාර් භෝජන සංග්‍රහයට අමතරව සුහූර් ආහාර වේලක රස බැලීමේ අවස්ථාවද Cinnamon Life ඔබ වෙත උදා කර දී තිබේ. නම්‍යශීලීත්වය හා සුවපහසුව එක් කළ උදැසන ආහාර වේලක් වන මේ සඳහා පරිපූර්ණ උදැසන ආහාරය සමඟ සුප් සහ කොන්ගී, නැවුම් පළතුරු, මෙසා, ජූස් සහ වියළි පළතුරු සහ කජු ආහාරයට එක් කර ගනිමින් රසවත් අත්දැකීමක් ජීවිතයට එක් කර ගැනීමට හැකි වනු ඇත.

රාමසාන් කාලය නිමිත්තෙන් ආගමික වතාවත් සඳහා පරිපූර්ණ අවස්ථාවක් හිමි කර දෙන මෙම සුවිශේෂී The Spirit of Iftar හිදී ඔබට රස විඳිය හැකි වන්නේ මුස්ලිම් සංස්කෘතිය පදනම් කරගත් විශේෂ ආහාරයන් පමණකි.

මේ සුවිශේෂී භෝජන සංග්‍රහය ඔබට තවත් රසවත් අත්දැකීමක් එක් කරනු ඇත්තේ ඔබේ ආදරණීයයන් සමඟ අමතක නොවන මතකයක් ජීවිතයට එක් කරමිනි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට හා ඔබේ අවස්ථාව වෙන් කර ගැනීමට +94 77 962 8132 අමතන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව