Cinec Innovation & Invention Edu Expo 2023 ජූලි මස 27, 28, 29 Cinec Campus පරිශ්‍රයේදී

CINEC (LBN)

 



 

 

Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාළඹේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. Cinec Campusහි සිසු සිසුවියන් විසින් කරන ලද නවෝත්පාදන හා නිර්මාණාත්මක ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවකින් සහ විවිධ වැඩමුළු හා ව්‍යාපෘතිවලින් මෙය සමන්විත වේ.

Cinec Campusහි ප්‍රධාන පීඨ වන නාවික, ඉංජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය විද්‍යා, ඉංග්‍රීසි භාෂා, අධ්‍යාපන, ගුවන් යානා නඩත්තු ඉංජිනේරු පීඨවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණාත්මක සහ නවෝත්පාදන ප්‍රදර්ශන කුටි එදින පැමිණෙන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විවෘතව ඇති අතර මෙමඟින් විෂයානුබද්ධ සහ ඊට පරිබාහිර විශාල දැනුමක් ලැබිය හැකි බව Cinec Campusහි ජ්‍යෙෂ්ට උපදේශක අද්මිරාල් තිසර සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ ප්‍රදර්ශනය නැරඹීමට සහභාගී වන ලෙස Cinec Campusහි සියලුම පීඨාධිපතිවරු මහජනයාට ගෞරවයෙන් ආරාධනා කරති.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව