CINEC Campus වසරේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය ලෙස ප්ලැටිනම් සම්මාන දිනයි

CINEC

මෙරට විශාලම සහ වේගයෙන්ම වර්ධනය වන උසස් අධ්‍යාපන ආයතනය වන CINEC Campus, BWIO සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය ලෙස ප්ලැටිනම් සම්මානයට පාත්‍ර විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. 1990දී ආරම්භ කරන ලද CINEC Campusහි වාර්ෂිකව අධ්‍යාපනය හැදෑරීමට ලියාපදිංචි වන සිසුන් සංඛ්‍යාව 21,000කට අධික වේ. ඔවුන් පිරිනමන 210කට ආසන්න අධ්‍යාපන වැඩසටහන්  අතර සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, පළමු උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ දර්ශනපති උපාධි වැනි පුළුල් පරාසයක විහිදී ඇති අධ්‍යාපන වැඩසටහන් රැසකි.

 



 

සමුද්‍රීය විද්‍යාව, සාගර ඉංජිනේරු, ඉංජිනේරු තාක්ෂණය, සෞඛ්‍යය විද්‍යාව, රසායන විද්‍යාව, ගුවන් යානා නඩත්තු ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය, අන්තර්ජාතික ප්‍රවාහනය, කළමනාකරණය, අලෙවිකරණය සහ සන්නාමකරණය, සංචාරක සහ ආගන්තුක සත්කාරය, නීතිය, මානව සම්පත් කළමනාකරණය, ඉංග්‍රීසි භාෂාව සහ අධ්‍යාපනය, බැංකුකරණය සහ මූල්‍යකරණය, ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපනය, ගුවන් යානා කාර්ය මණ්ඩල හා ගුවන් තොටුපොළ භූමිය හැසිරවීමේ මෙහෙයුම් සහ මගී සේවා, වෘත්තීය පුහුණුව වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ අධ්‍යාපන වැඩසටහන් CINEC Campus පිරිනමයි. සමුද්‍රීය විද්‍යා, සාගර ඉංජිනේරුකරණ, ඉංජිනේරුකරණ සහ තාක්ෂණ, කළමනාකරණ සහ සමාජ විද්‍යා, මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන, සෞඛ්‍යය විද්‍යා, තොරතුරු තාක්ෂණ සහ විද්‍යා පීඨ, ගුවන් සේවා සහ කාර්මික පුහුණු යන දෙපාර්තමේන්තුවලින් සහ හෝටල් පාසලකින් CINEC Campusහි මූලික අධ්‍යයන ව්‍යුහය සැකසී ඇත. ඒ සෑම ආයතනයක්ම පර්යේෂණ සඳහා ප්‍රමුඛතාව දෙන ඉහළ සුදුසුකම් සහිත අධ්‍යයන කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි. එම ආයතන සතු අති නවීන පහසුකම් අතර උසස් මට්ටමේ විද්‍යාගාර සහ රසායනාගාර, නාවික ආකෘති, නවීන නැව් හැසිරවීම්, එන්ජින් කාමර සිමියුලේටර් සහ ගුවන් යානා කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් ආදිය වේ. ISO 9001:2015 තත්ත්ව සහතිකයටද හිමිකම් කියන CINEC Campus ජනාධිපති සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව