CINEC Campus ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලබයි

IMAGE-2 (LBN)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී ඇරඹූ CINEC Campus වර්තමානයේදී විශාල වර්ධනයක් අත් කර ගෙන තිබේ. සමුද්‍ර විද්‍යාව, ඉංජිනේරු, කළමනාකරණය, සැපයුම්, තොරතුරු තාක්ෂණය, ගුවන් සේවා, සෞඛ්‍යය, අධ්‍යාපනය, භාෂා, හෝටල් සහ සංචාරක කළමනාකරණය වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පිරිනැමීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් CINEC Campus සතුය.

 



 

චීනය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ජර්මනිය, මැලේසියාව සහ තවත් රටවල් රැසක ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සමඟ එක් වී ලොව ඉහළම පිළිගැනීමක් සහිත පාඨමාලා පිරිනමන CINEC Campusහි බොහෝ පාඨමාලාවලට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ඇත. ෆීජි සහ සීෂෙල්ස් නාවික පුහුණු ආයතනවල වැඩසටහන් කළමනාකරණය කිරීමේ වගකීමද CINEC Campus භාර ගෙන තිබේ. පාඨමාලාවට අදාළ දැනුම සහ පුහුණුවට අමතරව නායකත්ව සහ සන්නිවේදන ක්ෂේත්‍රවලට අදාළ දැනුමින්ද සිසුන් සන්නද්ධ කරන CINEC Campus කාර්යක්ෂම පුද්ගලයෙකු ලෙස සමාජගත වීම සඳහා සිසුන්ට මඟ පෙන්වයි. ආයතනයේ කථිකාචාර්යවරුන්ටද ගෝලීය තත්ත්වවලට සමපාත වන පරිදි දැනුම සහ පළපුරුද්ද වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමටද CINEC Campus කටයුතු කරයි. MAS Holdings සහ OREL Electrical යන සමාගම් සිසුන් සහ කාර්ය මණ්ඩලය සමඟ සහයෝගිතාවෙන් CINEC Campus තුළ සිය පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් ලෙස දෙස් විදෙස් සිසුන් රැසකට අධ්‍යාපන අවස්ථා සළසන CINEC Campus පසු ගිය කාලය පුරා ජාත්‍යන්තර වෙළෙඳ පොළට මෙන්ම ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් දක්වමින් තිරසාර වර්ධනයක්ද ළඟා කර ගෙන තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව