CINEC Campusහි මහාචාර්ය ලලිත් එදිරිසිංහට Dalian Maritime University වෙතින් ප්‍රධාන මහාචාර්ය පදවියක්

Prof. Lalith Edirisinghe (LBN)

ලොව විශාලම සමුද්‍රීය විශ්ව විද්‍යාලය වන Dalian Maritime University (DMU) CINEC Campusහි කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතාට ප්‍රධාන මහාචාර්ය පදවියක් (Chair Professor) පිරිනමයි. ඉගැන්වීම, අධ්‍යාපන පරිපාලනය, විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රකාශන ඇතුළු බොහෝ අංශවලට අදාළව සිදු කළ පුළුල් ඇගැයීම් ක්‍රියාවලියකින් පසු ඔහු ඒ සඳහා තෝරා ගෙන ඇති අතර CINEC Campusහි පැවති නිල උත්සවයකදී DMUහි සභාපති මහාචාර්ය Shan Hongjun මහතා මහාචාර්ය එදිරිසිංහ මහතා වෙත අදාළ පදවිය ප්‍රදානය කළේය.

 



 

CINEC Campusහි කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරන ඔහු ලෝක බැංකුවේ තාක්ෂණ හුවමාරු කාර්යාලයේ තාක්ෂණ ප්‍රධානී ලෙසද කටයුතු කරයි. වරලත් සැපයුම්කරුවෙකු සහ වරලත් අලෙවිකරුවෙකු ලෙස ද්විත්ව සුදුසුකම් (Double Charter) ලබා ඇති ඔහු CINEC Campus සහ DMU වෙතින් ආචාර්ය උපාධියක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයාද වේ. ඔහු නාවික ක්ෂේත්‍රය හා නව්‍ය ප්‍රවාහන මාධ්‍ය පිළිබඳව ලිපි 100කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධ කර ඇත. ලංකා නැව් සංස්ථාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස 1981දී වෘත්තීය දිවිය ඇරඹූ මහාචාර්ය එදිරිසිංහ මහතා නාවික, සැපයුම් සහ අධ්‍යාපන වැනි විවිධ ක්ෂේත්‍රවලට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක විවිධ තනතුරු දරා ඇත. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර ආයතන ගණනාවක උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. ඔහු බහාලුම් භාණ්ඩ තොග කළමනාකරණය සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතියක් වන CONET සඳහා පේටන්ට් බලපත්‍රයකටද හිමිකම් කියයි. ඔහු CINEC පර්යේෂණ කණ්ඩායම සමඟ එක් වී නිර්මාණය කළ පරිශීලකයෙකුට වඩාත් ප්‍රශස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තෝරා ගැනීමට යොදා ගත හැකි  ස්වයංක්‍රිය පද්ධතියක් වන INTELO සඳහාද පේටන්ට් බලපත්‍රය ලැබීමට නියමිතය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව