Chicken Havens: නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නව පරිවර්තනයකට මුලපුරයි

1- Priyanka Vinodini, Head of Further Processing at Anthoneys (1)

ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකුවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය විසින් සමස්ත කර්මාන්තයම දැවැන්ත වෙනසකට ලක්කිරීමට සැලසුම් කර තිබේ. ඒ රුපියල් මිලියන 500ක සුවිසල් ආයෝජනයක් කර්මාන්තයට යොදවමිනි. එය හුදෙක් ව්‍යාපාර ප්‍රසාරණයකට එහා ගිය මෙරට මාංශ ආහාර නිෂ්පාදනයේ අගය එකතු කළ නිෂ්පාදන වර්ධනය වෙනුවෙන් ගත් දැවැන්ත පියවරකි.

වසර ගණනාවක පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන්ගේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වාදෙන “Chicken Havens” නම් නවතම අගය එකතු කළ නිෂ්පාදන පෙළ වෙනුවෙන් සමූහය මෙම දැවැන්ත ප්‍රයත්නයට මුලපුරා තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් වෘත්තීය සූපවේදීන් මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයින් ද කාලයක් පුරා මුහුණ දුන් ගැටලු රැසකට විසඳුම් සැපයේ.




Chicken Havens හි ආරම්භය

චිකන් හෙවන්ස් කතාව ආරම්භ වන්නේ අධ්‍යක්ෂ මණ්ඩල කාමරයකින් නොවේ. එය ශ්‍රී ලංකාව පුරා සූපවේදීන්, අවන්හල් හිමියන් සහ සාමාන්‍ය ගෙදරදොර ඉවුම්පිහුම් කරන පුද්ගලයින් සමඟ කරන සංවාදවල ප්‍රතිඵලයකි. එම සියලු සංවාදවලදී එක් ප්‍රධාන කළකිරීම් සහගතබවක් නිරීක්ෂණයට ලක්විය.  එනම් ගුණාත්මකභාවයේ අවිධිමත්බව, අපේක්ෂිත ප්‍රමාණයට නිෂ්පාදන නොමැතිකම, ආහාර පිළියෙළ කිරීමට ගතවන කාලය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුව ආදිය මගින් මෙම කළකිරීම් සහගත ස්වභාවය නිර්මාණය වී තිබුණි.

″වෙළෙඳපොළෙන් අපට අසන්නට ලැබුණු තත්ත්වයට අපි හොඳින් කන්දුන්නා. විශේෂයෙන්ම හෝටල්, අවන්හල් සහ කේටරින් සේවා සපයන්නන් එකම ප්‍රමිතියේ නිෂ්පාදන සැපයීමට ඇති දුෂ්කරතාවයෙන් පෙළෙමින් සිටියා. අද දිනයේ ඔවුන්ගේ චිකන් දීසිය හොඳම ප්‍රමිතියට පවතින විට හෙට දිනයේ එම ප්‍රමිතියටම චිකන් දීසියක් පිළියෙළ කිරීම ඔවුන්ට අභියෝගයක් වී තිබුණා. ඒ වගේම සාමාන්‍ය පාරිභෝගිකයිනුත් අවන්හල් රසයෙන් යුත් ආහාර තම නිවසේදීම පිළියෙළ කරගැනීමේ සිහිනයෙන් පසුවුණා. මෙම පසුබිම තුළ තවත් අගය එකතු කළ චිකන් නිෂ්පාදනයක් හඳුන්වාදීම සාමාජීය අවශ්‍යතාවක් බව අපට පසක් වුණා, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහයේ වැඩිදුර සැකසුම් අංශ ප්‍රධානී/ කළමනාකාරිණී ප්‍රියංකා විනෝදිනී මහත්මිය පැවසුවාය.

චිකන් හැම්, චිකන් බේකන්, චිකන් ස්පයිසි රෝල්, චිකන් මීට්බෝල්ස්, චිකන් කෙබාබ්, චිකන් සාටේයි, චිකන් බර්ගර් පැටී මෙන්ම මැරිනේට් කළ රෝස්ට් චිකන් ඇතුළු නිෂ්පාදන අටක් චිකන් හෙවන්  නිෂ්පාදන පෙළට අයත් ය. මේ සියලු නිෂ්පාාදනයක්ම මාංශවලින් පිරුණු ආහාර වට්ටෝරු, ශ්‍රී ලාංකික සුපුරුදු රසයෙන්, නිසි ප්‍රෝටීන සංයුතියකින්, සූපවේදී ප්‍රමිතියෙන් සහ විශ්වාසනීයත්වයෙන් ද යුතු ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කෙරේ.

විශිෂ්ටත්වය වෙනුවෙන් රු. බිලියන භාගයක කැපවීමක්

මේ වෙනුවෙන් නිව් ඇන්තනීස් සමූහය දරන ආයෝජනය රුපියල් මිලියන 500කි. එය හුදෙක් මූල්‍ය අගයකට එහා ගිය අරමුණට ඇති කැපවීම පිළිබඳ සාක්ෂියකි. වර්තමානයේ නිව් ඇන්තනීස් සමූහයේ නිෂ්පාදන අතර අගය එකතු කළ නිෂ්පාදන ප්‍රමාණය 10%ක් පමණ වේ. නව ආයෝජනය තුළින් මෙම ප්‍රමාණය සිව් ගුණයකින් වැඩිකිරීම අරමුණ වී තිබේ.

නව නිෂ්පාදන පහසුකම වෙනුවෙන් නවීනතම යුරෝපීය තාක්ෂණය යොදාගැනේ. නිෂ්පාදනවල සෑම අදියරකදීම නිවැරදිතාවත්, එකම ප්‍රමිතියත් පවත්වාගැනීම එහි අරමුණයි. නිදසුනක් ලෙස සෑම චිකන් හැම් පෙත්තක්ම එකම ස්වභාවයකින් යුතු වීමත්, සෑම චිකන් කෙබාබ් එකක්ම එකම රසයෙන් යුතු වීමත් මෙම තාක්ෂණය හරහා තහවුරු කෙරේ. මෙවැනි නිෂ්පාදන ප්‍රමිතිගත කිරීමක් සැපයීම යනු වෘත්තීය මට්ටමේ සූපවේදීන්ගේ සිහිනයක් සැබෑවීමකි.

ආහාර සේවා කර්මාන්තය තුළ ආහාරවල ප්‍රමිතිය යනු අනිවාර්ය සාධකයකි. එක් දිනකදී එකම ආහාරය වේල් 100ක් පිළියෙළ කිරීමේදී ඒ සෑම ආහාර වේලක්ම එකම අයුරින් සැකසිය යුතුය. සඳුදා දිනයේ සෑදු චිකන් සාටෙයි දීසිය සිකුරාදා දින පිළියෙළ කරන චිකන් සාටෙයි දීසියට සෑම අයුරින්ම සමාන විය යුතු ය.

මෙම යටිතල පහසුකම් ආයෝජනයට අති නවීන ජල පිරිපහදු යන්ත්‍ර ඇතුළු පුළුල් පරිසර හිතකාමී පියවරයන් ද ඇතුළත් වන අතර එමඟින් සමාගමේ තිරසාරභාවය සඳහා දිගුකාලීන කැපවීම ශක්තිමත් කෙරේ. නිව් ඇන්තනිගේ අනාගතය පිළිබඳ දැක්ම නිෂ්පාදන පරිමාවට පමණක් ලඝුවූවක් නොවන බවට එය කදිම සාක්ෂියකි.

හෝටල්-අවන්හල් සහ කේටරින් කර්මාන්තයේ ප්‍රධාන ගැටලුවකට විසඳුමක්

මාංශ ආහාර නිසි අයුරින් විධිමත්ව කපා තිබීම, වෘත්තීය මුළුතැන්ගෙයක සේවය කිරීමේදී මුහුණදෙන ගැටලු සහ අභියෝග අතර මුල්තැනක් ගනී. ඒ හරහා ආහාර දීසි නිසි ලෙස පිළියෙළ කිරීමට අපහසුවන අතරම, ඒ ආශ්‍රිත වියදම් ද වැඩිවේ. ආහාර පිළියෙළ කිරීමේ පෙර සූදානම් අදියරට වැඩි කාලයක් වැය කිරීමට සිදුවීම ද තවත් අභියෝගයකි. ආහාර අපතේ යාමට සහ ලාභය අඩුවීමට ද එය හේතුවකි. ඒ සියල්ලට අමතරව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුව ද පවතී.

මේ සියලු අභියෝගවලට විසඳුම් සැපයීමට චිකන් හෙවන්ස් සමත් ය. විධිමත් සහ ප්‍රමිතිගත ලෙස සකසන ලද නිෂ්පාදන හේතුවෙන් සෑම ආහාර දීසියක්ම එක හා සමාන අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉන් උදාවේ. එමෙන්ම නිෂ්පාදනය පෙර සූදානම් කිරීමක් සහිතව ඇසුරුම් කරතිබීම නිසා ආහාර පිළියෙළ කිරීමට යන කාලය ඉතිරි වේ. ආහාර අපතේ යාම ද ඉන් පාලනය වේ. ජාත්‍යන්තරව පිළිගත් ආහාර සුරක්ෂිතතා ක්‍රමවේද භාවිතා කිරීමත්, තිරසර භාවිතාවන් යොදාගැනීමත් හේතුවෙන් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ආහාර සැකසීමේ හැකියාව ද උදා වේ.

මෙම නිෂ්පාදන පෙළේ විවිධත්වය ද තවත් එක් විශේෂත්වයකි. කටගැස්මේ සිට ග්‍රිල් ආහාර, ප්‍රධාන ආහාර දීසි මෙන්ම ක්ෂණික ආහාර ආදී විවිධ ආහාර අවශ්‍යතාවන්ට ගැලපෙන නිෂ්පාදන චිකන් හෙවන්ස් නිෂ්පාදන පෙළට අයත් ය. ලොකු කුඩා සෑම හෝටලයකම අවශ්‍යතාවන්ට සරිලන ලෙස එම නිෂ්පාදන පෙළ ඉදිරිපත් කර තිබේ.

නිව් ඇන්තනීස්හි නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමේ ප්‍රධානම වාසිය වන්නේ සැපයුම් දාමය තුළ ඇතිවන විශ්වාසය යැයි කීම වැරදි නැත. උත්සව කාලයේදී ඉල්ලුමේ වැඩිවීම, දැවැන්ත ඉසව් මෙන්ම අවන්හල් සහ හෝටල් ජාල ආදියට විශ්වාසනීය ලෙස තම සැපයුම් නිව් ඇන්තනීස් සමූහය හරහා සිදුකරගැනීමේ අවකාශ උදා වේ.

අවන්හල් රසය නිවසටත්!

වෘත්තීය මට්ටමේ සූපවේදීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද නිෂ්පාදන පෙළක් වුව ද, චිකන් හෙවන්ස් සාමාන්‍ය පාරිභෝගිකයින් අතරට ජනප්‍රියවනු නොඅනුමාන ය. එමෙන්ම මෙවැනි උසස් ප්‍රමිතියේ අගය එකතු කළ චිකන් නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වාදීමට ද මෙය කදිම මොහොතකි.

ඊට ප්‍රධාන හේතුවක්වන්නේ මෙරට සංචාරක හෝටල් සහ අවන්හල් කර්මාන්තය යළි පණ ලබමින් ශක්තිමත්ව නැඟී සිටින මොහොතක් වීම ය.

ආහාරපාන සේවා කර්මාන්තයේ නියුතු බොහෝ වෘත්තිකයෝ, විගණනයට ලක්වන නිෂ්පාදන පහසුකම්, අඛණ්ඩ ආහාර රසගැන්වීම් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයාැනීමේ විනිවිදභාවය ආදිය ගැන මහත් සැළකිල්ලක් දක්වති. දශක ගණනාවක් මුළුල්ලේ එම අවශ්‍යතා සපුරාලමින් සිටින නිව් ඇන්තනීස් සමූහය චිකන් හෙවන්ස් හඳුන්වාදෙන්නේ  ද එහි දිගුවක් ලෙසිනි.

විශිෂ්ටත්වය මත පදනම් වූ සාඩම්බර හඳුන්වාදීමක්

ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් මාංශ ආහාර නිෂ්පාදන තුළින් බලාපොරොත්තුවන අවශ්‍යතා හඳුනාගැනීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ ක්‍රියාකරතිබේ. වර්ෂ 1986දී ආරම්භ වූ සමූහය, 2024 වසරේදී FSSC 22000 තත්ත්ව සහතිකය දිනාගත් මෙරට පළමු සමාගම බවට පත්විය. විසි හයවෙනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර අංශයේ හොඳම අපනයනකරු සම්මානය දිනාගැනීමට ද සමාගමට හැකිවිය.

සිය සමස්ත සැපයුම් දාමය තුළ 100%ක්ම ප්‍රතිජීවක භාවිතයෙන් තොර නිෂ්පාදන සිදුකිරීම නිව් ඇන්තනීස් සමූහයේ විශේෂත්වයකි. ඒ හරහා ගෝලීය වශයෙන් ද ඇගයුමට පත් ප්‍රතිජීව විරෝධතාවයේ ගැටලුවට විසඳුම් සැපයීමට නිව් ඇන්තනීස් සමූහය ඍජුව මැදිහත්ව සිටී. එමෙන්ම ‘හරිතහරි‘ චිකන් නිෂ්පාදන මගින් ද සමූහයේ් හරිත වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වේ.ෙ

චිකන් හෙවන්ස්: නවෝත්පාදනයට රසය මුණගැසීම

චිකන් හෙවන්ස් නිෂ්පාදන පෙළ සහ රුපියල් මිලියන 500 ක අතිරේක ආයෝජනය නිව් ඇන්තනීස් සමූහයේ නවතම නවෝත්පාදනය නියෝජනය කරයි. එය යුරෝපීය සැකසුම් තාක්ෂණය ශ්‍රී ලාංකික ඉවුම් පිහුම්වලට ගැලපෙන පරිදි විශේෂයෙන් නිර්මාණය කරන ලද රසයන් සමඟ ඒකාබද්ධ කරයි. මේවා සාමාන්‍ය අගය එකතු කළ නිෂ්පාදන නොවේ. සෑම නිෂ්පාදනයකින්ම කුකුළු මස් බේකන් වල තද රසයේ සිට චිකන් සාටෙයි හි මෘදු රසය දක්වා උසස් ප්‍රමිතියේ රසවත් මාංශ ආහාරයක් පිරිනමයි.

මාංශ ආහාරවල රසය මෙන්ම ඒවා සපයාගැනීම සහ සැකසීමේ වගකීම් සහගතබව යනාදිය ගැන ද නිව් ඇන්තනීස් සමූහය බෙහෙවින් සැළකිලිමත් ය. සමූහයේ නිෂ්පාදන දැක්ම ව්‍යාපාර ලාභය මත පමණක් පදනම් වූවක් නොවේ. පාරිභෝගිකයින්ට විශ්වාසය තැබිය හැකි උසස් ප්‍රමිතියේ මාංශ ආහාර සැපයීම නිව් ඇන්තනීස්හි අරමුණ වේ. එබැවින් සෑම නිෂ්පාදනයක් තුළම නවෝත්පාදනය, තිරසරබව සහ විශ්වාසනීයත්වය අඩංගු ය.

පසුගියදා මාලදිවයිනේ පැවැති 2025 Hotel Asia ප්‍රදර්ශනයේදී ද නිව් ඇන්තනීස් සමූහයට කර්මාන්ත වෘත්තිකයින්ගේ ප්‍රශංසා සහ ගෞරව බුහුමන් හිමිවිය. ඒ හරහා ද තවදුරටත් සුවපහසුව සහ ප්‍රමිතිය අතර තෝරාගැනීමක් සිදුකිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට පැනනොනඟින බව තවදුරටත් තහවුරු වේ.

ශ්‍රී ලංකාවට ලබාදෙන පොරොන්දුව

අධිශීතකළ ක්‍රිස්පි චිකන් (Crizzpys) සහ චිකන් ෆ්‍රයිස් (Frenchys) වැනි නවෝත්පාදන සිදුකළ නිව් ඇන්තනීස් සමූහය නව නිෂ්පාදන පෙළ හරහා ද ලබාදෙන්නේ අලුත් වූ පොරොන්දුවකි. නුදුරේදීම මෙරට හොඳම චිකන් නිෂ්පාදනය චිකන් හෙවන්ස් යනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුම පවසනු දැකීම සමාගමේ දැක්මයි.

 

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව