
විනිවිදභාවය, වගවීම සහ තිරසරභාවය මත පදනම් වූ ආයතනික වාර්තාකරණයේ දී සෙලින්කෝ ලයිෆ් නායකත්වය නැවතත් තහවුරු කරමින් සමාගමේ 2024 වාර්තාව කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගෙන ඇත.
වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ (ACCA) තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් දෙවන වරටත් ‘අනෙකුත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් විය. ලොව වඩාත්ම ගෞරවනීය වෘත්තීය ගිණුම්කරණ ආයතනයක් වන ACCA විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන වැඩසටහන දේශීය මිණුම් දඬු වලට වඩා තිරසාරභාවය සහ වාර්තාකරණය පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව තක්සේරු කරන අතර එමඟින් මෙම සම්මාන වලට ශක්තිමත් ජාත්‍යන්තර විශ්වයනීයත්වයක් ලබා දෙයි. එවන් සම්මාන දිනා ගැනීමෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ ආයතනික අංශයෙහි තිරසාර වාර්තාකරණයේ නව මිණුම් සලකුණු තැබීමට සෙලින්කෝ ලයිෆ් දක්වන තිරසාර වූ කැපවීමයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA ශ්‍රී ලංකා) විසින් පවත්වන ලද 2025 TAGS සම්මාන උළෙලේ දී ද සෙලින්කෝ ලයිෆ් හි වාර්තාකරණ විශිෂ්ටත්වය ඇගයීමට ලක්විය. එහිදී ශ්‍රී ලංකාවේ හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට සෙලින්කෝ ලයිෆ් හි වාර්තාව ද ශ්‍රේණිගත වූ අතර රක්ෂණ සමාගම් කාණ්ඩයේ රුපියල් බිලියන 10ට වැඩි දළ වාරික ආදායමක් සහිත ආයතන සඳහා වන රිදී සම්මානය ද දිනා ගන්නා ලදී. TAGS සම්මාන හරහා විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය යන මූලිකාංග මත පදනම් ව ආයතන ඇගයීමට ලක් කරන අතර එම සම්මාන ආයතනික වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාව තුළ මිණුම් ලකුණු ලෙස ද සැලකේ.
මෙම සම්මානවල වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් ජ්‍යෙෂ්ඨ විධායක අධ්යක්ෂ/ ප්‍රධාන මූල්‍ය නිලධාරී පාලිත ජයවර්ධන මහතා පැවසුවේ මෙවන් සම්මාන දිනා ගැනීම මගින් නැවත නැවතත් තහවුරු වන්නේ සමාගමේ විනිවිදභාවය, යහපාලනය සහ තිරසරභාවය වෙනුවෙන් දක්වන විනයගරුක ප්‍රවේශය වන බවයි. “අපගේ මෙම ඒකාබද්ධ වාර්තාකරණයේ ගමන අනුකූලතාවය ගැන පමණක් ම නොවේ. එය අපි දිගු කාලීනව වටිනාකම් නිර්මාණය කරන හා ආරක්ෂා කරන ආකාරය පැහැදිලිව පෙන්වා දෙන අවස්ථාවකි. ACCA සහ CA ශ්‍රී ලංකා යන දෙපාර්ශවයේම පිළිගැනීමට ලක්වීම මගින් තහවුරු වන්නේ අපගේ වාර්තාකරණ ප්රමිතීන් එම උසස් අපේක්ෂාවන් සපුරාලන බව මෙන් ම, වගකිවයුතු තිරසාර ව්‍යාපාරික භාවිතයන් ඇති කිරීම වෙනුවෙන් අප දක්වන කැපවීම කෙතරම් ගැඹුරු ද යන වගයි,” යනුවෙන් ඔහු පැවසීය.
‘රක්ෂණයෙන් ඔබ්බට – ජීවිතයට පොරොන්දුවක්’ යන තේමාවෙන් යුක්ත ව සම්පාදනය වූ මෙම සම්මානලාභී වාර්ෂික වාර්තාව සෙලින්කෝ ලයිෆ් හි 10 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව වේ. මූළ්‍ය හා තිරසරභාවය පිළිබඳ හෙළිදරව් කිරීම් සඳහා වන සම්මත වාර්ෂික වාර්තාකරණ චක්‍රයට අනුකූලව මූල්‍ය වර්ෂයක් තුළදී සමාගමේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් වූ වාර්තාවක් එමගින් ඉදිරිපත් කරනු ලබයි. ප්‍රධාන වශයෙන් කොටස්කරුවන් ඉලක්ක කරගත් මෙම වාර්තාව තුළින් සමාගමේ දැක්ම, එහි උපාය මාර්ගය, වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය සහ පරිණාමය වන මෙහෙයුම් පරිසරයක් තුළ කොටස්කරුවන්ගේ සහභාගීත්වය හැඩගස්වන ආකාරය යනාදිය ඉදිරිපත් කරයි. ගුණාත්මක මෙන් ම ප්‍රමාණාත්මක කාර්යසාධන ප්‍රතිඵල සමඟින් එය සමාගමේ දැක්ම සහ දිගුකාලීන වූ තිරසර වටිනාකමක් ජනනය කිරීමේ හැකියාව මනා ලෙස ගෙනහැර දක්වයි.
2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ සෙලින්කෝ ලයිෆ් එමගින් මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස තම ස්ථානය නැවතත් තහවුරු කලේය.
පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.


